ඔයාලට මතක ජීවිතේ පරණම මතකය මොකක්ද?

Ganjakollaa1

Well-known member
  • Dec 11, 2018
    1,249
    539
    113
    මට හදිස්සියේ හිතුන දෙයක්…

    ඔයාලට මතක තියෙන ජීවිතේ පළවෙනිම වගේ මතකය මොකක්ද?

    මගේ earliest memory එක නම් Princess Diana මැරුණ දවස. ඒ 1997, මට වයස අවුරුදු 3ක් වගේ. හරියට හැම detail එකක්ම මතක නෑ. හැබැයි ගෙදර අය ඒ ගැන කතා කරපු එක වගේ පොඩි පොඩි දේවල් තාම මතකයි.

    අවුරුදු 3ක පොඩි ළමයෙක්ගේ මොළේ ඒ වගේ random දෙයක් අවුරුදු ගාණක් save වෙලා තියෙන එකත් මාරයි නේ

    ඔයාලගේ පරණම මතකය මොකක්ද?
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,561
    1,766
    113
    මට හදිස්සියේ හිතුන දෙයක්…

    ඔයාලට මතක තියෙන ජීවිතේ පළවෙනිම වගේ මතකය මොකක්ද?

    මගේ earliest memory එක නම් Princess Diana මැරුණ දවස. ඒ 1997, මට වයස අවුරුදු 3ක් වගේ. හරියට හැම detail එකක්ම මතක නෑ. හැබැයි ගෙදර අය ඒ ගැන කතා කරපු එක වගේ පොඩි පොඩි දේවල් තාම මතකයි.

    අවුරුදු 3ක පොඩි ළමයෙක්ගේ මොළේ ඒ වගේ random දෙයක් අවුරුදු ගාණක් save වෙලා තියෙන එකත් මාරයි නේ

    ඔයාලගේ පරණම මතකය මොකක්ද?

    That was a big event back then..

    From the accident to the funeral, it took 10 days or so..

    More people supposed to have attended her funeral than her wedding..

    Possibly you can remember Elton John singing at the event as well as the song was very touchy.. 🙂

    And people are still talking about the same..
     
    • Like
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,524
    6,495
    113
    Galaha
    මම ඉපදිලා අවුරුදු 1න් තමයි මාව අම්මලගෙ මහ ගෙදරට එක්ක ඇවිල්ල තියෙන්නෙ. එතකන් අම්මල ශොප් එකක් කරල තියෙනව නුවර ඒකේ තමයි ඉඳල තියෙන්නෙ. මට ඒ ශොප් එකේ ඉස්සරහ මතකයි. මම අම්ම නැතිවෙන්න කලින් ඔය ව්ස්තර කියල අහල තියෙනව. මම කියපු විස්තර හරි කියල අම්ම කියල තියෙනව. ඒ කියන්නෙ මට වයස 1ට කලින් දේවල් මතකයි ඕක විතරයි හැබැයි.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,749
    3,894
    113
    අව්රුදු දෙකක් තුනක් වගේ කාලෙක මතකයක්. අපේ ගෙදර අයිනෙන් කානුවක් යනව. ඒ කාණුවට අඩි 5 විතර උසින් අපේ ඉඩම තියෙන්නේ. තව අඩි 3ක් විතර පොඩි තාප්ප කල්ලකුත් ගහල තිබ්බ කානුව අයිනෙන්. වැස්ස දවසක වතුර ගලාගෙන යනවා බලන් ඉන්නකොට කාණුවට වැටිලා ගහගෙන ගීයා. අපේ අයිය පැනල බේර ගත්තේ. පොඩි වතුර පාරක් අඩි දෙකක් විතර උස.
    එක මතකයි තවම.
     

    saho

    Active member
  • Oct 9, 2007
    209
    161
    43
    38
    Kelaniya
    ගොඩක් වෙලාවට පරණම මෙමරීස් අප්සට් ඒවා. කෙළවෙච්චා, ඇක්සිඩන්ට්, ගුටි කාපුවා අනන් මනම්
    නැද්ද ?
     
    • Like
    Reactions: Yudewwa

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,498
    10,228
    113
    35
    Spain
    වයස මතකයක් නැහැ හැබැයි ඉස්කෝලේ යන්න කලින් කාලේ එකක්, අක්කයි මමයි තියල ගත්තු ෆොටෝ එකක් තියෙනවා. ඒ ෆොටෝ එක ගන්නවා මතකයි. ෆොටෝ එකේ මම ඇඳන් ඉන්නේ ගොඩක් පොඩි ළමයෙක්ගේ ඇඳුම්. අවුරුදු 3ක් 4ක් ඇති. අම්මාගේ ගමේ මහගෙදර කළුවර දැවයෙන් කරපු අලියෙක් මතකයි. ඉස්කෝලෙට බාරදුන්නු දවස මතකයි. ලොකු පංති වලට පාසල ඇරෙනකම් පොඩි පන්තිවල අපි ඉස්කෝලේ ඇවිද ඇවිද හිටි හැටි මතකයි. නැන්දා ගෙනත් දීපු හකුරු කෑල්ලක් උගුරේ හිරවෙලා හුස්ම ගන්න බැරිව ඉන්නකොට අම්මා ඇවිත් මාව බේරාගන්නවා මතකයි.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,884
    5,449
    113
    කලුසුදු ටීවී එකේ ඔෂීන් බලනවා මතකයි පොඩි අදුරු ලයිට් එකක් දාගන. මට මතකයි කවුරුහරි (අම්මා හෝ ලොකු අම්මා) කියනවා අඩන්න එපා ...... එනවා කියලා(තිත් පේලිය දාල තියෙන්නෙ එනවා කිව්වෙ කවුද කියලා මතක නැති නිසා) . ජීප් එකක් හෝ දෙකක් යනවා එනවා ඇහුනා මතකයි.. දැන් හොයලා බලනකොට ඒ 1989දි. මට අවුරුදු දෙකේදි. වාහනේ ජීප් කියලා කියන්නෙ මට ඒ හඩ අදටත් මතක නිසා. පරණ 4DR5 ජීප්. මම හිතන්නෙ ඔය කලබල කාලෙ ගිය පොලිස් හෝ හමුදා වාහන වෙන්න ඕන..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,708
    1
    99,981
    113
    33
    Kalutara
    පොඩි කාලේ මම කුස්සියට යන එක නතර කරන්න කුස්සියේ උලුවස්සෙ ලී වලින් හදපු වැටක් දාලා තිබ්බා. ඕන වෙලාවට අයින් කරන්න පුළුවන් එකක්. මම දනගාගෙන ගිහින් ඒ වැටේ එල්ලිලා නැගිටලා අම්ම කුස්සියේ වැඩ කරනවා බලන් ඉන්නවා මතකයි.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,726
    5,460
    113
    මට වයස 2-3ක් වගේ
    මාව වඩාගෙන ඉන්නවා මතකයි
    ගෙදර තියන අර ලොකු කහපාට මහ නාරං කියලා කියන දොඩං ගහක් ලඟ (Pamalo කියලා කියන්නෙ)
    තාමත් ඒ දොඩං ගහ ගෙදර තියනවා
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,431
    1
    5,417
    113
    මගෙ පරණම මතකය අපේ ආච්චිලගෙ ගෙදරදි මගෙ cousin කෙනෙක් එවෙලෙම බාපු හොද්දකට අත දාපු බව. මේක වෙලා තියෙන්නෙ මට අවුරුදු 2 -3 අතර කාලෙ.

    අතදාපු එකාටත් අවුරුදු 5 ක විතරලු


    ඒ වයසෙදිම දවසක් බස්සෙක් කැ ගහනව ඇහිල ඌව පෙන්නන්න කියල තාත්තා වඩාගෙන මිදුලට එක්ක ගියා මතකයි
     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,242
    6,392
    113
    පොඩිකාලෙ සූප්පුව කටේගහන් ඉන්න ඕන, අයින්කලොත් අඬනව. 🤭 අවුරුදු 3-4 වගේ වෙන්න ඇති.
     
    • Haha
    Reactions: Inigo Montoya

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,242
    6,392
    113
    පොඩි කාලේ මම කුස්සියට යන එක නතර කරන්න කුස්සියේ උලුවස්සෙ ලී වලින් හදපු වැටක් දාලා තිබ්බා. ඕන වෙලාවට අයින් කරන්න පුළුවන් එකක්. මම දනගාගෙන ගිහින් ඒ වැටේ එල්ලිලා නැගිටලා අම්ම කුස්සියේ වැඩ කරනවා බලන් ඉන්නවා මතකයි.
    මමත් එහෙමයි.