වගා සීන් එකේ ඉන්න, කරන්න හිතන් ඉන්න කලුවො වරෙල්ලා 👇👇(හාල් පෝලිම් වල ඉන්නෙ ජෙප්පො නම් එන්න එපා pls)

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,230
    2,625
    113
    අඩෝ මන් නම් ජෙප්පෙක් 🤣. ඒත්,

    පොල් & පුවක් තමයි, මං න්ම හිතන්නේ බෝගය. පොඩ් කාලේ පැල ටික බලාගත්තට පස්සේ කරන්න දෙයක් නෑ. පොහොර optional, පොහොර නැතත් ගෙඩි හැදෙනවා. හැදුවට පස්සේ ලොකු මහන්සියක් නෑ, maintainace හැර.

    හලාවත පැත්තේ ටිකක් ඉඩම් මිල shape. කොලබ ඉදන් highway දාලා යන්නත් ලේසියි.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,761
    10,811
    113
    35
    Spain
    තේ දාපන්, හැබැයි ලොකු වතු තියන පැත්තකින් ඉඩමක් ගනින්. ඔය ලොකු වතු තියන නිසා කම්කරුවෝ හොයාගන්න පුළුවන්. ගාල්ලේ උඩුගම, අකුරැස්ස දෙණියාය සයිඩ් හොඳයි. කුරුඳු නම් තමන්ම කරනවා නම් හොඳට ලාබ හොයන්න පුළුවන්. එත් හොරුන්ගෙන් බේරාගන්න ගියාම එපා වෙනවා. 50% දෙන එක ලොකු අවුළක් නෙවේ. හැබැයි උන්ට වගකීම පවරලා පැත්තක හිටියොත් උන් ගසා කනවා ඇති වෙන්න.
     
    • Like
    Reactions: tharakaf

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,060
    1,724
    113
    හැමෝම කුරුඳු රෙකමන්ඩ් කරලා තියෙන නිසා මේක කියන්නේ. උබව ඩිස්කරේජ් කරන්න නෙවෙයි. මීට අවුරුදු කීපෙකට කලින් මම කුරුඳු ඉඩමක් ගත්තා. මගේ අයියා කෙනෙකුත් ගත්තා. දකුණු පලාතේ පැති දෙකකින් ගත්තේ. ඉඩම අරං පැල නැති තැන් වල අලුත් පැල දාලා පොඩ්ඩක් කරගෙන ගියා. වත්ත ආරක්ශා කරන්න කියලා දෙයක් නෑ. හොරුන්ට පැනලා අරගෙන යන්න දෙයක් නෑනේ.

    හැබැයි කපන්න ගියාම තමා කෙලිය. කුරුඳු තලන් උන් ඒක කරන්නේ කොන්ත්‍රාත් එකට. උන් කුරුඳු කපන්නේ 50%ක් උන්ට 50% අපිට කියන විදියට. උන්ට ඉතින් මඩුවක් එහෙම ගහලා දෙන්න ඕනේ. කන්න බොන්න දෙන්න දෙයක් නෑ. ඇවිල්ලා නැවතිලා ඉඳලා කපලා, තලලා, මිටි ගහලා දෙනවා. හැබැ‍යි හරියට බලං ඉන්න ඕනේ මිටි ගහන ඒවා. නැත්තන් හොද ලොකු පොතු තියෙන මිටි ගන්නේ උන්. අපිට ලැබෙන්න ලොකු පොත්තක් ඇතුලට කැඩිච්ච පොතු දාලා බදින මිටි. ඒවාට ලොකු ගානක් ගන්න බෑ.

    අනික කුරුඳු විකුණන එක. කුරුඳු එහෙම අපිට ඕනේ විදියට රට යවන්න බෑ. රට යවන උන් ඉන්නවා. උන්ට දෙන්න ඕනේ. උන් ගන්නේ උන්ගේ ගනන් වලට. උන්ව මග ඇරලා රට යවන්න හැදුවොත් ඊළඟ දවසෙම පාතාලෙ උන් ඇවිල්ලා අපිව කන්ටෑක් කරනවා. උන් කෙලින්ම කියනවා උන් අපිව මරන් නෑ, අපේ අතක් පයක් කපලා යනවා කියලා.

    කුරුඳු අනිත් උන්ට විකුණන එකත් එහෙම තමා. උන් ගන්නේ උන්ගේ කලින් සප්ලයර් ගෙන්. එහෙම නැතුව අපි පැකට් කරලා විකුණන්න ට්‍රයි කරන එකත් ලොකු සාර්ථකත්වයක් නෑ. මම නම් ටිකක් ලොකු කම්පැණි එකක් සෙට් කරගෙන උන්ට බඩු දුන්නා.

    මම නම් වැඩි කල් කලේ නෑ. සල්ලි අවශ්‍යයතාවෙකට ඉඩම විකුණලා දැම්මා. අපේ අයියා නම් දැන් ඉඩමේ පොඩි ටුවරිස්ට් හොටෙල් එකක් ගහලා තියෙන්නේ. කුරුඳු කැපෙන් නැති කාලෙටත් මිනිහට ආදායම් ලැබෙනවා.

    උබට පාතාලේ කන්ටෑක්ට්ස් තියේ නම් හැප්පෙන්න බය නැත්තන් කුරුඳු වැඩෙන් ලාබයක් ගන්න පුළුවන්. එහෙම නැත්තන් ඉතින් දෙපාරක් හිතපන්. මොකද ලොකු ප්‍රෙශර් එකකට මූණ දෙන්න වෙනවා.
     
    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    170
    258
    63
    වගා ගැන ලොකුවට දන්නෑ එකපාරක් මළගෙදරක සෙට් උන එකෙක් කිව්වා ගම්මිරිස් තම ලේසිම වගාව
    ඌට අක්කරේකට ලක්ෂ 5ක් වගේ සෙට් වෙනව කියල
    මළගෙදර නිසා මමත් ඔහෙ අහන් හිටිය :lol:
     
    • Haha
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,687
    6,830
    113
    Galaha
    වගා කරනවනම් කට්ට කන්නම වෙනවා. සමහර ඒවට කට්ටිය දාල කරොත් පාඩුයි, අපේනම් තේ කඩන්න 5ක් 6ක් එනව. ඒකත් ඉතින් බලන්න ඕන නැත්තන් අතගානව. කෙසෙල් එහෙමනම් ලොකු කරඩරයක් නෑ. මම කරන ඒවගෙන් මම කියන්නෙ. තව අඹ එහෙමත් හොඳයි

    වගා ගැන ලොකුවට දන්නෑ එකපාරක් මළගෙදරක සෙට් උන එකෙක් කිව්වා ගම්මිරිස් තම ලේසිම වගාව
    ඌට අක්කරේකට ලක්ෂ 5ක් වගේ සෙට් වෙනව කියල
    මළගෙදර නිසා මමත් ඔහෙ අහන් හිටිය :lol:
    අකරෙවකින් ලක්ශ 25ක් වගේ ගන්න් අපුලුවන් විශ්වාස නැත්ත සමන්ත විද්‍යාරතනට කෝල් එකක් දීල අහපන්.
    ------ Post added on Jun 29, 2026 at 2:04 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,859
    3,233
    113
    Malabe
    වගා කරනවනම් කට්ට කන්නම වෙනවා. සමහර ඒවට කට්ටිය දාල කරොත් පාඩුයි, අපේනම් තේ කඩන්න 5ක් 6ක් එනව. ඒකත් ඉතින් බලන්න ඕන නැත්තන් අතගානව. කෙසෙල් එහෙමනම් ලොකු කරඩරයක් නෑ. මම කරන ඒවගෙන් මම කියන්නෙ. තව අඹ එහෙමත් හොඳයි

    අකරෙවකින් ලක්ශ 25ක් වගේ ගන්න් අපුලුවන් විශ්වාස නැත්ත සමන්ත විද්‍යාරතනට කෝල් එකක් දීල අහපන්.
    ------ Post added on Jun 29, 2026 at 2:04 AM
    Ah kesel nam maru vagava. Eka gahak Namal karunaratnege katin daala puken redi ganna puluvanlu.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,759
    3,201
    113
    වී: ලාභයක් ගන්න බෑ. මෙතන කාලෙකට කලින් අක්කර 4කින් ලක්ෂ 8ක් ප්‍රොෆිට් හොයන්න පුලුවන් කියලා මාත් එක්ක එකෙක් මරාගත්තා. එහෙම හොයන්න පුළුවන් නම් කුඹුරු කරන උන් වහ බොන්න ඕන නෑ. පට්ට කට්ටක්. ගෙදර කෑමට ගන්න බලන් වී දාන්නේ. ලාභයක්/ passive income එකක් නම් නෑ කුඹුරු වලින්. විශේෂයෙන්ම තෙත් කලාපේ කුඹුරු කියන්නේ වැඩක්ම නැති දෙයක්.

    තේ: කරන්න පුලුවන්. හරියට කලට වෙලාවට පෝර දාන්න ඕන. දළු කඩන්න මිනිස්සු ඕන. දැන් දළු කඩන ගෑණුන්ගෙ පොඩි හිඟයක් තියනවා. කිලෝ එකට රුපියල්190ක් විතර දෙනවා මේ කාලෙ. ඒත් හෙන කට්ටක් කන්න වෙනවා. දළු ගෙනියන එකාගෙන් නයට පෝර ටික ගන්නේ. ඌට පුළුවන් තරම් නය වුනාම ඌ ඇවිත් දළු ටික ගානට අරගන්නවා.

    කුරුඳු: ලොකු නඩත්තුවක් අවශ්‍ය නෑ. කාලෙ ආවම කුරුඳු කපන සෙට් එකකට එන්න කියලා කුරුඳු ටික දෙන්න තියෙන්නෙ. ලොකු ප්‍රොෆිට් නෑ. ඒත් ශේප්.

    වවනව නම් ඉඩම් දැනට තියන කෙනෙක් නම් වවන්න ගනින්. නැත්තන් පාට් ටයිම් පොලවත් එක්ක ඔට්ටු වෙන එක ලේසි නෑ. ජොබ් එකක් කරන අතරේ ඉඩම් බලන එක ටිකක් මහන්සි වැඩක්.

    ලේසිම දේ ගෙවල්, බිල්ඩින්ග් අරන් රෙන්ට් කරන එක.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,718
    11
    3,274
    113
    yes, done all 4
    key word is maintenance.
    මේ සැරේ අපේ පියා පොල් දීලා තිබ්බෙ. 100 ගනේ ලෙලි ගහලා. මට නම් පාඩුයි .

    ඉක්මනින් විකුණන්න බැරි උනොත් ගෙඩි ටික සවුත්තු වෙනෝ.

    ලෙලි තැම්බිලා ලෙල්ල සවුත්තු වෙලා හීට් එක නිසා.

    කුරුදු වැඩේ ඉතිං ඉඩම සුද්ද කරන්න ඕනේ මාස දෙකෙන් දෙකට . මේක ලේසී මම හිතන්නෙ හැම අතින්ම.

    මාසෙට අවම මෙච්චරයි කියලා ගානක් එන දේවල් නැද්ද බං.
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    රත්නපුර පැත්තට වෙන්න ඉඩම් ගණන් අඩු වෙනවා, කුරුදු ඇණයක් කියන්නේ අනිත්වා කොහොමත් ඇණයක් වෙනවා. එක්කෝ පොල්, රබර් දාපන්. නැත්තම් අවුරුදු හය හතකින් ලී වලට ගන්න පුළුවන් ගස් හිටවන්න වෙන්නේ. ඒකත් හොඳ පාරක් තියෙන්න ඕනේ. නැත්තම් වටිනාකම අඩු වෙනවා.
    අවුරුදු 6, 7 කින් ලී වලට ගන්න ගස් ජාතිය මොකක්ද බන් ? මේ ගස් ජාතියේ පැල ගේන්න අර ජෝන්ගේ මායා බෝංචි වැල දිගේ නැගල යන්න වේවිද ?? :lol:
    Rough profit figures with good maintenance per acre:

    Coconut: 25k lkr

    Cinnamon: 60k lkr
    Tea: 100k lkr
    Pineapple: 100k lkr
    per yr??
    No of coconut trees per acre= 64
    No of coconuts per tree= 8
    So total coconuts= 8X64= 512
    Total nuts per year = 512x6 =3072
    Income= Rs 100 x 3072= 3 Lks (without expenditures)
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    අවුරුදු 6, 7 කින් ලී වලට ගන්න ගස් ජාතිය මොකක්ද බන් ? මේ ගස් ජාතියේ පැල ගේන්න අර ජෝන්ගේ මායා බෝංචි වැල දිගේ නැගල යන්න වේවිද ?? :lol:

    per yr??
    No of coconut trees per acre= 64
    No of coconuts per tree= 8
    So total coconuts= 8X64= 512
    Total nuts per year = 512x6 =3072
    Income= Rs 100 x 3072= 3 Lks (without expenditures)

    මේ සැරේ අපේ පියා පොල් දීලා තිබ්බෙ. 100 ගනේ ලෙලි ගහලා. මට නම් පාඩුයි .

    ඉක්මනින් විකුණන්න බැරි උනොත් ගෙඩි ටික සවුත්තු වෙනෝ.

    ලෙලි තැම්බිලා ලෙල්ල සවුත්තු වෙලා හීට් එක නිසා.

    කුරුදු වැඩේ ඉතිං ඉඩම සුද්ද කරන්න ඕනේ මාස දෙකෙන් දෙකට . මේක ලේසී මම හිතන්නෙ හැම අතින්ම.

    මාසෙට අවම මෙච්චරයි කියලා ගානක් එන දේවල් නැද්ද බං.
    Oya okkoma monthly profit thamun monewath keranne nathuwa padi ehema gewala…

    1 acre

    Coconut = 4000 coconuts per year (80lkr/coconut)
    Cinnamon = 350 kg per year (5500 lkr/kg)
    Tea = 9600 kg per year (220/kg)
    Pineapple = 7000 kg per year (200/kg)
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113

    Oya okkoma monthly profit thamun monewath keranne nathuwa padi ehema gewala…

    1 acre

    Coconut = 4000 coconuts per year (80lkr/coconut)
    Cinnamon = 350 kg per year (5500 lkr/kg)
    Tea = 9600 kg per year (220/kg)
    Pineapple = 7000 kg per year (200/kg)
    පොල් 80 නෙමෙයි 100 ට දෙමු.එතකොට ආදායම = 4000 x 100 = ලක්ෂ 4
    අක්කරයට APM මිටි 5 බැගින් වසරකට දෙවරක් = මිටි 10
    පොහොර සදහා වියදම් = 10000 x 10 ලක්ෂ 1 (පොහොර මිටිය 10000 ට වැඩියි දැන්)
    දැන් ලාභය = ලක්ෂ 4 -1 = ලක්ෂ 3
    මාසික ලාභය = 3/12 = Rs 25000
    මේ 25000 කියන්නේ ෆොහොර දැමීම, පොල් කැඩීම, තණකොළ කැපීම, වත්ත මුර කිරීම, ලයිට් බිල් ආදී කිසිවක් නැතුවයි. ඔය ටික අඩු වුනාම කොහොමද මාසිකව 25000ක් ගත්තේ ?? :confused::confused:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    පොල් 80 නෙමෙයි 100 ට දෙමු.එතකොට ආදායම = 4000 x 100 = ලක්ෂ 4
    අක්කරයට APM මිටි 5 බැගින් වසරකට දෙවරක් = මිටි 10
    පොහොර සදහා වියදම් = 10000 x 10 ලක්ෂ 1 (පොහොර මිටිය 10000 ට වැඩියි දැන්)
    දැන් ලාභය = ලක්ෂ 4 -1 = ලක්ෂ 3
    මාසික ලාභය = 3/12 = Rs 25000
    මේ 25000 කියන්නේ ෆොහොර දැමීම, පොල් කැඩීම, තණකොළ කැපීම, වත්ත මුර කිරීම, ලයිට් බිල් ආදී කිසිවක් නැතුවයි. ඔය ටික අඩු වුනාම කොහොමද මාසිකව 25000ක් ගත්තේ ?? :confused::confused:

    Pohora welatanan 1lk yanne na kohomath…200 kg wage yanne 1 acre welata…api hama awruddema daanneth na…ehema dammoth gahakin gedi 80k wath puluwan wenda one hariyata rainfall set unoth

    25k kiyanne upper band eka…generally 15k - 25k athara tamai range eka…anith ewatath ehemai…lankawe godak than wela Oya gaanen baageyak wath ganne na..

    Mura gaasthu , light bill nan add kare na
    watta athule inna nisa :D