'Menelaus' කියන 'Sparta' හි රජතුමා ගෙ බිරිද වුණු 'Helen' ව 'Troy' හි රාජ කුමාරයා වෙච්ච 'Paris' විසින් පැහැරගෙන යනවා. මේ නිසා 'Menelaus' ගෙ සහෝදරයා වුණු 'Agamemnon', එහෙමත් නැත්නම් 'Argos' හි රජතුමාගෙ සේනාධිනායකත්වයෙන් ග්‍රීක හමුදාව රැස් කරනවා 'Troy' නගරය ආක්‍රමණය කරලා 'Helen' ව බේරගන්න. මේ විදිහට ග්‍රීක හමුදාවට අයත් වුණු දහස් ගණනක් වුණු සෙබළු පිරිස 'Aulis' නගරයේ තියෙන තොටුපොළට එකතු වෙනවා 'Troy' ආක්‍රමණය එහෙමත් නැත්නම් "ට්‍රෝජන් යුද්ධය" වෙනුවෙන් නැව් නගින්න.
නමුත් ඒ වෙනකොට ඒ අවට ප්‍රදේශවල තිබ්බ හුගක් අඩු සුළං ප්‍රවාහය නිසා ඔවුන්ගෙ නෞකා දියත් කරගන්න බැරුව ඔවුන් සියළු දෙනාටම 'Aulis' නගරයේ දිගටම රැදිලා ඉන්න සිද්ධ වෙනවා. මේ විදිහට සුළං ප්‍රවාහය අඩුවෙලා ග්‍රීක හමුදාව විසින් සිදු කරන්න සූදානම් වුණු 'Troy' ආක්‍රමණයට බාධා පැමිණෙන්න මුල්වෙන්නෙ 'Artemis' කියන ග්‍රීක දේවතාවියගෙ එල්ල වුණු දේව කෝපයකුයි. 'Agamemnon' රජතුමා විසින් පූජනීයත්වයෙන් සලකපු මුවෙක් ව දඩයම් කරපු නිසයි වන සතුන්ගෙ ආරක්ෂාවට අධිපති වුණු 'Artemis' කියන ග්‍රීක දේවතාවිගෙ කෝපය මේ විදිහට ග්‍රීක හමුදාව වෙතට යොමු වෙන්නෙ. මේ නිසා ග්‍රීක හමුදාවෙ ප්‍රධාන පේන කියන්නා වුණු 'Calchas' විසින් 'Agamemnon' රජතුමාට උපදෙස් දෙනවා මේ දේව කෝපයෙන් ගැළවෙන්න නම් 'Agamemnon' ගෙ රජතුමාගෙ වැඩිමල් දියණිය වුණු වයස අවුරුදු 14 ක් විතර වෙච්ච 'Iphigenia' ව බිලි දෙන්න ඕන කියලා.
මේ අනාවරණයත් එක්ක ග්‍රීක හමුදාවෙ ඉරණමත්, තමයි දියණියගෙ ජීවිතයත් කියන අන්ත දෙක අතරෙ දෝලනය වෙවී තීරණයක් ගන්න බැරුව ලත වෙන 'Agamemnon' රජතුමත්, ඔහුගෙ බිරිද වගේ ම 'Iphigenia' ගෙ මව වෙන 'Clytemnestra' තමන්ගෙ දියණියව මේ බිලි පූජාවෙන් ගළවගන්න දරන උත්සාහයත් තමයි මේ 1977 වසරෙ තිරගත කරපු මේ "Iphigenia" කියන චිත්‍රපටියෙ කතාවෙන් පෙන්වන්නෙ. Iphigenia, Clytemnestra, Agamemnon, Menelaus කියන ප්‍රධාන චරිතවලට අමතරව 'Homer' ගෙ 'Odyssey' සහ 'Iliad' කියන මහා ගද්‍ය කාව්‍යවල ඇතුළත් වුණු ප්‍රධාන චරිත වෙච්ච 'Odysseus' සහ 'Achilles' ත් මේ කතාවෙ කැපී පෙනෙන චරිත විදිහට දායක වෙනවා.
ග්‍රීක ජාතික ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වුණු "Michael Cacoyannis" විසින් අධ්‍යක්ෂණය කරපු මේ "Iphigenia (1977)" චිත්‍රපටිය ඛේදාන්තයන් ඇතුළත් කතා නිර්මාණය කරන්න සුප්‍රසිද්ධියක් උසුලපු පුරාණ ග්‍රීක නාට්‍ය රචකයෙක් වුණු 'Euripides' ගෙ "phigenia at Aulis" කියන නාට්‍ය රචනය ඇසුරු කරගෙන තමයි නිර්මාණය වුණේ. සම්පූර්ණයෙන් ම ග්‍රීක නළු නිලීයො දායක කරගෙන නිර්මාණය කරපු මේ චිත්‍රපටියට Irene Papas, Tatiana Papamoschou, Kostas Kazakos, Costas Carras, Christos Tsagas, Panos Mihalopoulos, Dimitri Aronis කියන ප්‍රවීණ වගේම ප්‍රසිද්ධ ග්‍රීක නළු නිළියන් ඇතුළුව තවත් ග්‍රීක නළු නිළියන් රැසක් ම රංගන දායකත්වය සැපයුවා.
මේ අතරින් 'Clytemnestra' චරිතයට පණ පොවපු "Irene Papas" කියන ප්‍රවීණ රංගන ශිල්පිනියගෙ විශිෂ්ට රංගනය වගේම, 'Agamemnon' චරිතයට පණ පොවපු "Kostas Kazakos" කියන ප්‍රවීණ රංගන ශිල්පියගෙ සහ 'Iphigenia' චරිතයට පණ පොවපු "Tatiana Papamoschou" කියන තරුණ රංගන ශිල්පිනියගෙ විශිෂ්ට රංගනයත් මේ චිත්‍රපටියෙදි දැකගන්න පුළුවන්. පුරාණ ග්‍රීසිය පැවති කාලයට ප්‍රේක්ෂකයව අරන් යන විදිහට කැමරාකරණය, පසුබිම් සංගීතය, පසුතළ, ඇදුම් පැළදුම් නිර්මාණය කරන්න විතරක් නෙවේ චිත්‍රපටියෙ දෙබස් පවා රචනා කරන්න අධ්‍යක්ෂ "Michael Cacoyannis" ඇතුළු කණ්ඩායම ලොකු උත්සාහයක් මේ චිත්‍රපටියෙදි අරන් තියෙනවා.
ග්‍රීක පුරාවෘත්ත ආශ්‍රය කරගෙන දැවැන්ත පසුතල, ක්‍රියාදාම ජවනිකා ඇතුළත්ව නිර්මාණය වෙන හොලිවුඩ් චිත්‍රපටිවලට වඩා හාත්පසින්ම වෙනස් මගක යන මේ චිත්‍රපටියෙන් "Iphigenia" කතාවෙ තියෙන ඛේදාන්තය නාට්‍යානුසාරයයෙන් හුගක් සංවේදී විදිහට නිර්මාණය කරන්න, එහෙමත් නැත්නම් "tragic human drama" එකක් විදිහට නිර්මාණය කරන්නයි උත්සාහ අරන් තියෙන්නෙ. මේ හේතුවත්, 'Euripides' මුල් නාට්‍ය රචනයකට ලොකු සාධාරණයක් ඉටු කරපු විදිහට නිර්මාණය කරපු චිත්‍රපටියක් වීමත් නිසා මේ "Iphigenia (1977)" චිත්‍රපටිය ග්‍රීක පුරාවෘත්ත ආශ්‍රය කරගෙන සිනමා ඉතිහාසය තුළ නිර්මාණය කරපු හොදම චිත්‍රපටියක් විදිහට සිනමා විචාරකයන් සහ සිනමා ප්‍රේක්ෂකයන් විසින් හුගක් ඉහළින්ම සලකනු ලබනවා.
විශේෂ කරුණක්: අධ්‍යක්ෂ "Michael Cacoyannis" නිර්මාණය කරපු "Greek Tragedy trilogy" කියන ග්‍රීක පුරාවෘත්ත ආශ්‍රයෙන් නිර්මාණය කරපු චිත්‍රපටි ත්‍රිත්වයේ තුන්වැනි චිත්‍රපටිය තමයි මේ "Iphigenia (1977)" චිත්‍රපටිය. මේ චිත්‍රපටි ත්‍රිත්වයේ මුල් චිත්‍රපටි දෙක වුණු "Electra (1962)" සහ "The Trojan Women (1971)" කියන චිත්‍රපටි දෙකත් ඉහළ විචාරක සහ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගන්න සමත් වෙලා තියෙනවා.