Female Version of Champika sriyan

banda065

Well-known member
  • Apr 20, 2007
    4,499
    6,186
    113
    ගොරකාන බෝඩිමක දී නඳුනි ඝාතනය (up date)
    ‘10ක් දාල මගේ නංගිව දූෂණය කරවනව කිව්ව කතාවට මට තරහ ගියා’
    නඳුනි ඝාතනය කොට පලා ගිය ලක්මාල් පොලිසියට කියයි.
    ‘එදා වැඩ ඇරිල නඳුනිගෙ කාමරේට එද්දි රෑ එකොළහයි කාල විතර වුණා. මම හොටෙල් එකේ ඉඳල ගෙදර ට කිලෝ මීටර් හතරයි කාලක විතර දුරක් පයින් ඇවිදගෙන ආවෙ’
    ‘මෙයා තේ එකක් හදල දුන්න. මම ඒක බීල ඇඳුම් මාරු කරගෙන මහන්සියට පුටුවට වෙලා හිටිය. ඒ වෙලාවෙ මෙයා අහනව සල්ලි නැද්ද කියල. මම කිව්ව වැඩට ගිය ගමන් පඩි ගෙවන්නෙ නෑ. අනික මාසෙ මැදදි පඩි දෙන්නෙත් නෑ. සල්ලි හම්බවෙන්නේ මාසෙ අන්තිමට කියල’
    ‘එතකොට එයා 'උඹ මහ පොන්නයෙක්. සල්ලිවත් නෑ. මොකුත් නෑ. තෝ පල මගේ ළඟින්' කියල කිව්ව’
    ‘දෙන්න එක්ක බහින්බස් වීමක් ඇති වුණා. මෙයා මට කිව්ව උඹ දැනගනින්, මම දහදෙනෙක් පෝලිමට දාල උඹේ නංගිට……. කරනව කියල. උඹ ගිහින් අම්ම එක්ක …… ගනින් කියලත් කිව්ව. ඒකට මට හොඳටම තරහ ගියා’
    ‘ඊට පස්සෙ තමයි මම පිහිය අරන් පපුවට ඇනල බෙල්ලත් කපල දැම්මෙ’
    මෙලෙස පවසන්නේ පානදුර උූතුර පොලිස් වසමේ ගල් කණුව, ගොරකාන ලිපිනයේ කුලී නිවෙසක පදිංචිව සිටි නඳුනි සහශ්‍රි ඝාතනය කොට පලා ගිය ඇයගේ පෙම්වතුන් දෙදෙනාගෙන් පළමු වැන්නා වූ ලක්මාල්ය.
    නඳුනිගේ කුණු වූූූ මළ සිරුර හමු වන්නේ ඇයගේ බෝඩිං කාමරයේ තිබියදීය. ඒ වන විට ඇය මේ කාමරේ පදිංචිව සිටියේ ලක්මාල් සමඟ විවාහ වීමකින් තොරව ‘ලිවින් ටු ගෙදර්’ ක්‍රමයටය. 27 හැවිරිදි ඔහු පානදුරේ හෝටලයක මුලුතැන්ගෙයි සහායකයකු ලෙස රැකියාවේ නරතව සිටියේය.
    ඇය පදිංචිව සිටි කාමරය සෝදිසියේ දී ලක්මාල්ගේ ඇඳුම් පැළඳුම් පමණක් නොව ජංගම දුරකතනය ද හමුවිය. ඒ අනුව පොලිසියේ සැකය වුණේ මොහු සැලසුම් සහගත ලෙස ඇය මරා පැන ගොස් ඇති බවයි.
    නඳුනි ඝාතනය අනිවාර්යයෙන්ම ලක්මාල්ගේ වැඩක් බව තහවුරු කරගත් පොලිසිය ඔහු සොයා මෙහෙයුම් දියත් කළත් දින දෙකක් යන තුරු ස‌ොයා ගැනීමට හැකි වූණේ නැත. Cats eye news
    තුන් වැනි දිනයේ දී කොළඹ ජාතික රෝහලෙන් පානදුරු උතුර පොලිසියට දැනුම් දුන්නේ ලක්මාල් යන අය බරපතල තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
    පොලිසිය මහ රෝහලට ගොස් මොහු අත් අඩංගුවට ගත් අතර කට උත්තරයක් ද ලබා ගැනීමට හැකි විය.
    ‘එයාට පිහියෙන් ඇනල බෙල්ලත් කපල මමත් බෙල්ල කපා ගත්ත. ඒත් මැරුණෙ නෑ. ඊට පස්සේ වේපරයිසර් එක ඇරල ඒකෙ තිබුණ ලික්විඩ් එක බිව්වා. ඒ පාර මට වමනෙ යන්න පටන් ගත්ත’
    ‘පස්සෙ මම ඇඳගෙන හිටපු සරම ගලවල දාල සුදු පාට දිග කලිසමයි තැඹිලි පාට ඉරි ෂර්ට් එකකුයි ඇඳගෙන ගෙදරින් බැහැල ගියා’
    ‘මම මොරටුව ස්ටේෂන් එකටම පයින් ගියා. කල්පනා කර කර ඉඳල කොළඹ කළුතර ට්‍රේන් එකට පනින්න ගියා. මගේ දකුණු කකුල කැඩුන. ඇඟේ ඇට කටු කිහිපයක්ම කැඩුණ’
    ‘එතන හිටපු කට්ටිය මාව පානදුර හොස්පිට්ල් එකට අරන් ගිහින් ඇඩ්මිඩ් කළා. තත්ත්වය බරපතල නිසා මාව එහෙන් ජාතික රෝහලට මාරු කරල එව්වා’
    ඔහු මෙලෙස පැවසූ අතර පොලිසිය වහා මේ සම්බන්ධයෙන් මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය. ඒ අනුව මහේස්ත්‍රාත් වරයා රෝහලට පැමිණි අතර ඒ වන විට වෛද්‍ය වරු ලක්මාල්ගේ උදරයේ පිරී ඇති රුධිරය ඉවත් කරමින් සිටියේය.
    මොහුගේ ගෙළෙහි ගැඹුරු කැපුම් තුවාලයක් පෙනේ. දකුණු පාදය මෙන්ම ඉළ ඇට කිහිපයක් ද සිරුරේ තවත් අස්ථි කිහිපයක් ද කැඩී ඇති බව වෛද්‍ය වරු පැවසීය. ඔහු මේ වන විට අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගියෙකි.
    නඳුනි ඝාතන සිද්ධිය දැනගත් වව්නියාවේ පදිංචි පුද්ගලයකු ද පානදුරු උතුරු පොලිසියේ ස්ථානාධිපති වරයාට කතා කොට ඇත. ඔහු පවසා තිබුණේ මීට ටික කලකට පෙර නඳුනිත් මවත් එක්ව තමන් රවට්ටා රුපියල් ලක්ෂ 15ක් වංචා කළ බවයි.
    ඇය මීට පෙර ගුවන් නියමුවකු සමඟ විවාහ ගිවිසගෙන තිබිණි. ats eye news
    නඳුනි ලක්මාල් සමඟ එක නිවෙසේ කල් ගෙවද්දී සමීප සම්බන්ධයක් පැවැත්වූ දෙනුවන් ද පවසා තිබුණේ මවත් දියණියත් එක්ව තමන්ගේ බැංකු පොතේ තිබුණ රුපියල් ලක්ෂ 08ක් වංචා කළ බවයි. ඊට අමතරව ඔහු ඇයට මාසිකව රුපියල් තිස් පන් දහස බැගින් ලබා දී ඇති අතර ඒ සියලුම මුදල් එකතු කළ විට රුපියල් ලක්ෂ 10ක් පමණ වන බව ද ඔහු පවසා තිබිණි.
    පොලිස් විමර්ශන වල දී හෙළි වූ තොරතුරු විශ්ලේෂණය කරද්දී තහවුරු වන ප්‍රධානතම කරුණ වන්නේ තරුණයන් රවටමින් මුදල් ගැරිල්ල නඳුනි තනිවම නොව මවත් සමඟ එක්ව කළ කටයුත්තක් බවයි.

    දෙනුවන් ද මේ අම්මා සහ දියණියගේ මායම් වලට හොඳින්ම රැවටී තිබිණි. ඇයගේ මව ඔහුට දරුවකුට මෙන් සෙනෙහස පාමින් අවවාද දෙමින් රවට්ටාගෙන තිබිණි. ඔහු ඇය හමු වන්නට මවගෙන් විමසීමකින් තොරව නොගියේ ද අම්මා ඔහුව ගානට අන්දවාගෙන සිටි නිසාය. එහෙත් ඔහු සිතා සිටියේ නඳුනිගේ මව ඉතා කරුණාවන්ත සමාජශීලී, දියණියගේ ආරක්ෂාව ගැන සිතන ආදරණීය අම්මා කෙනෙකු ලෙසිනි.
    සියල්ල හෙළි වුණේ අවසානයේ දීය. ඒ වන විට
    විය යුතු දේ වී හමාරය.
    මේ දෙදෙනා හා එක්ව දෙනුවන් රැවැට්ටූ ලක්මාල් අද අබ්බගාතයකු වන තත්ත්වයට පත්ව ඇත. මේ දෙදෙනාගේ ගැට වලට ඊටත් වඩා හොඳට දෙනුවන් හසුවුණ නමුත් දැන් ඔහු ඒ සියල්ලෙන්ම ගැලවී ඇත.
    මීට අමතරව තව කී‌ දෙනකුගෙන් මේ අම්මයි දුවයි මුදල් ගරාගෙන ඇත් ද? කෙසේ වෙතත් නඳුනි නිසා දෙනුවන්ට පැවරුණ බරපතල වගකීමක් ඇත. ඒ සුනඛ පවුලයි.
    මවගේ වැරදි මඟ පෙන්වීම නිසා අකාලයේ ජීවිතයෙන් සමු ගත් නඳුනිගේ සිරුර බහාලූ සීල් කරන ලද පෙට්ටිය මව විසින් බාර ගනු ලැබීය.
    (මෙම ඝාතන සිද්ධියේ මුල් කොටස පසුගිය 08 වැනි දා මගේ පිටුවේ පළ විය.)
    (මෙය පොලිස් විමර්ශන ඇසුරෙන් සකස් කළ ලිපියක් බව සලකන්න. ඔබ මේ ලිපිය ඔබේ පිටුවේ පළ කරන්නේ නම් උපුටා ගැනීම cats eye news ලෙසින් සඳහන් කිරීමට කටයුතු කරන්න) cats eye news