සිංහ වික්‍රාන්ති ආරාම සැලැස්ම

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,889
    99,175
    113

    මේ ෆොටෝ එක සහ ඒකෙ ලකුණු කරල තියෙන තැන් පැහැදිලිව පේනව ඇති කියල මං හිතනව,

    'මොකක්ද මේක?'

    කෙනෙක්ට හිතෙන්න පුළුවන්,

    මේකට කියන්නෙ 'සිංහ වික්‍රාන්ති ආරාම සැලැස්ම' කියල,

    මං මීට කලින් මහින්දාගමනය ගැන ලියපු නිසා ආයෙමත් ඒ ගැන ලියන්න අදහසක් නෑ,

    මහින්දාගමනයෙන් පස්සෙ අනුරාධපුර නගරයෙ සිදුවෙන ප්‍රධානතම වෙනස්කමක් තමයි 'මහාවිහාරය' බිහිවීම,

    මහාවිහාරය නිර්මාණය වෙන්නෙ මුටසීව රජ්ජුරුවන්ගෙ කාලෙ නිර්මාණය වුණු මහමෙව්නා උයන තියෙන භූමියෙ,

    මිහිඳු හාමුදුරුවො අනුරාධපුර නගරයේ තමන්ගෙ මුල්ම ධර්ම දේශනයෙන් පස්සෙ ආයෙමත් අම්බස්ථලයට, ඒ කියන්නෙ මිහින්තලේට වැඩම කරන්න හදනව,

    එතනදි රජ්ජුරුවො උන්වහන්සේගෙන් අහන්නෙ "ඇයි නන්දන උයනෙ රාත්‍රිය ගතනොකරන්නෙ?" කියල,

    ඒ වෙලාවෙ මිහිඳු හාමුදුරුවො කියනව තමන් සහ පිරිස එතැන රාත්‍රිය ගතනොකරන්නෙ නන්දන උයන සහ ඒ ආශ්‍රිත භූමිභාගය ජනාකීර්ණ නිසා ඒ වගෙ තැනක ඝෝෂාව එක්ක පැවිද්දන්ට වැඩවාසය කරන්න අපහසු වග,

    ඔය කියන නන්දන උයන ආශ්‍රිත ඒරියා එක වටේ සල්පිල් අනංමනං තිබිල තියෙනව, ඇතුළු නුවර කැණීම්වලින් ඒ වෙළඳාම් ගැන සාක්ෂිසාධක හම්බුවෙලා තියෙනව, ඒ නිසා එහෙව් තැනක තියෙන ඝෝෂාව තේරුම්ගන්න පුළුවන්,

    ඉතින් ඒක අහන දේවානම්පියතිස්ස රජ්ජුරුවො අවසානෙ මහාමේඝ උයන උන්වහන්සේට පූජාකරනව,

    මේ වෙලාවෙ මහපොළොව කම්පා වුණු වග මහාවංස ටීකාවෙ සඳහන් වෙනව,

    මහාමේඝ වනයෙ තමයි ලාංකේය බෞද්ධ සංස්කෘතියේ වැදගත්ම කොටසක් වුණු 'මහා විහාරය' නිර්මාණය වෙන්නෙ,

    අද අපි අනුරාධපුර ගියහම දකින, වන්දනා කරන ශ්‍රී මහා බෝධිය, රුවන්වැලිසෑය වගෙ සිද්ධස්ථාන බොහොමයක් අයිති වෙන්නෙ මහාවිහාරයට,

    මේ මහාවිහාර ආරාම සංකීර්ණය සැලසුම් කරල තියෙන්නෙ ටිකක් වෙනස් වාස්තු විද්‍යාත්මක ක්‍රමවේදයකට,

    ඒක හඳුන්වන්නෙ 'සිංහ වික්‍රාන්තිය' කියල,

    "සිංහ වික්‍රාන්තිය" කියන්නෙ සිංහයෙක් තමන්ගෙ දකුණු පැත්තට හැරිල බලනකොට උගෙ දෘෂ්ඨිය වැටෙන සහ ශරීරයේ විවිධ අංගෝපාංග පිහිටන ස්ථානවලට අනුව ගොඩනැගිලි සැලසුම් කිරීමේ ඓතිහාසික ක්‍රමවේදයක්,

    ඔය ෆොටෝ එකේ තියෙන්නෙ ආං ඒ සිංහ වික්‍රාන්තිය, මේක මම ගත්තෙ ප්‍රොෆෙසර් ටී.ජී කුලතුංග ගෙ 'අනුරාධපුර මහා විහාරය' කියන පර්‍යේෂණ ග්‍රන්ථයෙන්,

    මේක පැහැදිලිව බැලුවොත් සිංහයගෙ අදාළ ස්ථාන එක්ක ඒ ඒ තැන්වල පිහිටන ගොඩනැගිලි ආදිය දැකබලාගන්න පුළුවන්,

    1) ශ්‍රී මහා බෝධිය – සිංහයාගේ වල්ගය අග

    2) ලෝවාමහාපාය – පසුපස දකුණු පාදය

    3) සන්නිපාත ශාලාව (ලහබත්ගෙය) – පසුපස වම් පාදය

    4) ධාතුඝරය – නාභිය

    5) රංසිමාලිකය – පපුවේ වම්පස තියෙන තැන

    6) දාන ශාලාව – ඉදිරි දකුණු පය

    7) ස්වර්ණමාලී මහා සෑය – ඉදිරි වම් පය

    8) කණ්ඨ පොකුණ – උගුර

    9) පිළිමගෙය – දෘෂ්ඨිය වැටෙන තැන

    අපි අහල තියෙනව දේවානම්පියතිස්ස රජ්ජුරුවො මිහිඳු මහරහතන්වහන්සේගෙ උපදෙස් පරිදි ගාමණී අභය කියල පසුකාලීනව එන රජ කෙනෙක් ස්වර්ණමාලි මහාසෑය නිර්මාණය කරන වග සඳහන් සෙල්ලිපියක් පිහිටවපු කතාවක්,

    මහරජ ගැමුණු ෆිල්ම් එකෙත් මේ ගැන සඳහන් කෙරෙනව, සහ ඒකෙ නම් එළාර රජ්ජුරුවො ඒ සෙල්ලිපිය ගැන අහන්න ලැබිලා ඒක හොයාගෙන යනව, ඉතිහාසයෙ නම් එහෙම කතාවක් නෑ, ඒත් එළාර ඒ ප්‍රොෆසිය ට,අනාවැකියට බයවුණු විදිහ ඒකෙ පෙන්නල තිබුණු විදිහ මරු,

    ඉතින් පාලි මහා බෝධිවංශය වගෙ ඓතිහාසික මූලාශ්‍රවල තියෙනව දේවානම්පියතිස්ස රජ්ජුරුවො මහා විහාරයේ ගොඩනැගිලි ආදිය මෙන්න මේ කියන සිංහ වික්‍රාන්ති සැලැස්මට අනුව සැලසුම් කරපු බව, සහ තමන්ගෙන් පසුව එන රජවරුන්ට ඒ ඒ තැන් වෙනුවෙන් ඉඩ වෙන්කරපු බව,

    මේ විදිහෙ සත්ව ශරීර හැඩයන් ඉන්ස්පයර් කරගත්තු ගොඩනැගිලි නිර්මාණයන් වාස්තු විද්‍යාවෙ හඳුන්වන්නෙ Zoomorphic urbanism කියල,

    ඉන්කාවරුන්ගෙ අගනුවර වුණු පීරූවල කුස්කෝ කියන්නෙ මේ වගේම, හැබැයි පූමා කෙනෙක්ගෙ හැඩයට නිර්මාණය වුණු සැලැස්මක්,

    පූමා කියන්නෙ ඉන්කාවරුන්ගෙ ශුද්ධ වූ සත්වයෙක්, ඒ නිසා ඔවුන් මේ නගරය නිර්මාණය කරන්නෙ පූමා කෙනෙක්ගෙ හැඩේට,

    සිංහ වික්‍රාන්තිය ගැන කතන්දරේ එපමණයි,

    තවත් මේ වගෙම සටහනකින් මුණගැහෙමු! 💖
    .
    ~ ✍️| විකුම්...
    .
    .
    .
    .
    .
    #WIKUM #HISTORY
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,918
    1
    100,397
    113
    33
    Kalutara
    ඒකත් නිකන් අපි තරු රටා හදනව වගේ සීන් එකක්. තැනින් තැනට තරු යා කරලා ආ මෙන්න ගෝනුස්සා කියනව වගේ.
     
    • Like
    Reactions: NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,606
    11,174
    113
    ලන්කාවෙ සින්හයො නැතුව, උන්ව දැකලත් නැතුව සින්හයා ම කලාවට ආවෙ? ඉන්දිඅන් culture and arts walin
     
    • Like
    • Wow
    Reactions: KandyMalli and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,889
    99,175
    113
    ලන්කාවෙ සින්හයො නැතුව, උන්ව දැකලත් නැතුව සින්හයා ම කලාවට ආවෙ? ඉන්දිඅන් culture and arts walin
    ලංකාවේ සිංහයො නැති උනාට import කරපු උන් ඉන්න ඇති.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,992
    11,373
    113
    35
    Spain
    ලන්කාවෙ සින්හයො නැතුව, උන්ව දැකලත් නැතුව සින්හයා ම කලාවට ආවෙ? ඉන්දිඅන් culture and arts walin
    ලංකාවේ සිංහයෝ ඉන්න ඇති. ෆොසිල සාක්ෂි නම් හමුවෙලා තියෙනවා සිංහයෝ හිටිය කියල. දෙණියායේ සිංහගල කියල තැනක් තියෙනවා. ලංකාවේ අන්තිම සිංහයා ජීවත්වුණු තැන කියල කියන්නෙ. ඉස්සර හිටි ගවරුන් ගැන කතා තියෙන්නෙ. මහනුවර යුගය වෙනකම් ගවරුන් හිටිය. ලංකාවට රෝමයේ ඉඳල නැවු ආව. එතකොට සිංහයෝ අප්‍රිකාවෙන් අරන් එන්නත් ඇති.

    "
    සිංහරාජ වනාන්තරයේ උසම කන්දක් වන්නේ එහි දකුණු ප්‍රදේශයේ පිහිටි සිංහගල යි. එය මතට නැගි විට ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විශාල ප්‍රදේශයක් සුන්දරව දැකගැනීමට ලැබෙනවා. සිංහගල ජනප්‍රවාදයට ලංකාගම ද සම්බන්ධ යි.

    පුරාණයේ දී මොරවක් කෝරළේ හා ගාලු කෝරළේ බැතිමතුන් ශ්‍රීපාද වන්දනාව සඳහා යන මාර්ගය වැටී තිබී ඇත්තේ ලංකාගම සිංහගල හරහා යි. සිංහගල නම් ස්ථානයේ සිටි සිංහයකු මිනිසුන් වෙත කඩාපැන අනතුරු සිදු කළා. එම ප්‍රදේශයේ සිටි ලංකානාථ නම් යෝධයෙක් ගල්වලින් ගසා සිංහයා මැරුවා. සිංහගල සහිත වනය පසුව සිංහරාජය වුණා. ලංකානාථ යෝධයා සිටි ගම ලංකාගම නමින් හැඳින්වෙන්නට වුණා.
    "

    https://archive.roar.media/sinhala/main/environment-wildlife/lankagama-road-through-sinharaja
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,992
    11,373
    113
    35
    Spain
    @sinhawanshaya උඹ දන්නවද ලේනම කොටි ගැන? උන් සාමාන්‍ය කොටින්ට වඩා විශාල ශරීරයක් තියෙන පෘෂ්ඨිමත් සතුන්. ලංකාවේ හිටි එකම මිනීමරු කොටියාත් ලේනම කොටියෙක්. ඉන්දියාවේ ව්‍යාග්‍රයෙක් වගේ ලොකු සතෙක් කියලයි කියන්නේ.

    • Like
    Reactions: Amith0424

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,918
    1
    100,397
    113
    33
    Kalutara
    ලංකාවේ සිංහයෝ ඉන්න ඇති. ෆොසිල සාක්ෂි නම් හමුවෙලා තියෙනවා සිංහයෝ හිටිය කියල. දෙණියායේ සිංහගල කියල තැනක් තියෙනවා. ලංකාවේ අන්තිම සිංහයා ජීවත්වුණු තැන කියල කියන්නෙ. ඉස්සර හිටි ගවරුන් ගැන කතා තියෙන්නෙ. මහනුවර යුගය වෙනකම් ගවරුන් හිටිය. ලංකාවට රෝමයේ ඉඳල නැවු ආව. එතකොට සිංහයෝ අප්‍රිකාවෙන් අරන් එන්නත් ඇති.

    "
    සිංහරාජ වනාන්තරයේ උසම කන්දක් වන්නේ එහි දකුණු ප්‍රදේශයේ පිහිටි සිංහගල යි. එය මතට නැගි විට ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විශාල ප්‍රදේශයක් සුන්දරව දැකගැනීමට ලැබෙනවා. සිංහගල ජනප්‍රවාදයට ලංකාගම ද සම්බන්ධ යි.

    පුරාණයේ දී මොරවක් කෝරළේ හා ගාලු කෝරළේ බැතිමතුන් ශ්‍රීපාද වන්දනාව සඳහා යන මාර්ගය වැටී තිබී ඇත්තේ ලංකාගම සිංහගල හරහා යි. සිංහගල නම් ස්ථානයේ සිටි සිංහයකු මිනිසුන් වෙත කඩාපැන අනතුරු සිදු කළා. එම ප්‍රදේශයේ සිටි ලංකානාථ නම් යෝධයෙක් ගල්වලින් ගසා සිංහයා මැරුවා. සිංහගල සහිත වනය පසුව සිංහරාජය වුණා. ලංකානාථ යෝධයා සිටි ගම ලංකාගම නමින් හැඳින්වෙන්නට වුණා.
    "

    https://archive.roar.media/sinhala/main/environment-wildlife/lankagama-road-through-sinharaja

    එහෙම සිංහයෝ හිටියා නම් නැතිවෙලාම යන්න හේතුවක් තියෙන්න එපැයි. එක්කෝ සුද්දෝ ලංකාවට යටත් කරගත්තට පස්සේ උන් ආතල් එකට මරලා නැතිවෙලාම ගියා වෙන්න ඕන. එහෙම වුනා නම් 1700 ගණන් වගේ වෙනකන් සිංහයෝ ලංකාවේ හිටියා කියල සාක්ෂි නැති වෙන්න විදිහක් නෑනේ. ඔය කියන සාක්ෂි තියෙන්නේ අවුරුදු 1000 කට 1500කටත් එහා වගේ නේ. ඒ කාලේ නැතිවෙනවා නම් මොන වගේ හේතුවක් නිසාද නැතිවෙන්න පුළුවන්? එහෙමත් නැත්තන් ලංකාවේ සිංහයෝ හිටියෙම නැත්තන් මොන වගේ හේතුවක් නිසාද එහෙම සිංහයෝ ඉපදුනේ නැත්තේ. කොටියෝ ඉපදුනා නම් සිංහයෝ ඉපදෙන්න බැරිකමක් නෑනේ. 🤔
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,999
    6,908
    113
    Nawala
    ඒකත් නිකන් අපි තරු රටා හදනව වගේ සීන් එකක්. තැනින් තැනට තරු යා කරලා ආ මෙන්න ගෝනුස්සා කියනව වගේ.
    මචෝ ..පට්ට ...මම හිතලා type කරන්න හදනකොට උබ ඒක කියලා .... පුංචි කාලේ ඉදලා" මහ වලහා" අහසේ හොයන තව හමුවුනේ නෑ... මලක් ගහලා අහස දිහා බලන්න ඕනේ වෙලාවක පෙනෙයිද බලන්න...

    මේ සේරම උත්තරය හදලා එකට ගැලපෙන්න හදන ප්‍රශ්න තමයි !
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,992
    11,373
    113
    35
    Spain
    එහෙම සිංහයෝ හිටියා නම් නැතිවෙලාම යන්න හේතුවක් තියෙන්න එපැයි. එක්කෝ සුද්දෝ ලංකාවට යටත් කරගත්තට පස්සේ උන් ආතල් එකට මරලා නැතිවෙලාම ගියා වෙන්න ඕන. එහෙම වුනා නම් 1700 ගණන් වගේ වෙනකන් සිංහයෝ ලංකාවේ හිටියා කියල සාක්ෂි නැති වෙන්න විදිහක් නෑනේ. ඔය කියන සාක්ෂි තියෙන්නේ අවුරුදු 1000 කට 1500කටත් එහා වගේ නේ. ඒ කාලේ නැතිවෙනවා නම් මොන වගේ හේතුවක් නිසාද නැතිවෙන්න පුළුවන්? එහෙමත් නැත්තන් ලංකාවේ සිංහයෝ හිටියෙම නැත්තන් මොන වගේ හේතුවක් නිසාද එහෙම සිංහයෝ ඉපදුනේ නැත්තේ. කොටියෝ ඉපදුනා නම් සිංහයෝ ඉපදෙන්න බැරිකමක් නෑනේ. 🤔
    ලංකාවේ ඉතිහාසේ පුරාම සිංහයෝ ගැන කතා කරලා තියෙනවා, මිනිස්සු සිංහ ගෝත්‍රිකයෝ නිසා සත්තවයන්ට සම්බන්ධ කරගන්න ඇති. නමුත් සිංහයෝ හිටියා කියන්නේ ජනප්‍රවාදවල විතරයි. ඒ අතින් සාක්‍ෂි අඩුකමක් තියෙනවා තමයි. ලංකාව ගොඩක් කුඩා රටක් නිසා විශාල දඩයක්කාර සතෙක්ට නිදහසේ හැසිරෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ගවරුන් වඳ වෙලා ගියෙත් මිනිසුන්ගේ දඩයම් නිසා. ඉන්දියාවේත් සිංහයෝ නැහැ. දැන් ඉන්නවා කියන සිංහයෝ හඳුන්වාදීල තියෙන්නේ පසුගිය සියවසේ මුල් කාලේදී අප්‍රිකාවෙන් ගෙන්වපු සිංහයෝ. නමුත් සිංහයෝ හිටියේ නැහැ කියල කියන්න අමාරු තරමට අපේ රටේ මිනිස්සු සිංහ කේෂර, වලිගේ කෙලවර තියෙන රෝම ගැන දැනන් හිටි එක අමුතුයි. මොකද ව්‍යාග්‍ර හෝ කොටින්ට එහෙම කේෂර නැහැ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,918
    1
    100,397
    113
    33
    Kalutara
    මචෝ ..පට්ට ...මම හිතලා type කරන්න හදනකොට උබ ඒක කියලා .... පුංචි කාලේ ඉදලා" මහ වලහා" අහසේ හොයන තව හමුවුනේ නෑ... මලක් ගහලා අහස දිහා බලන්න ඕනේ වෙලාවක පෙනෙයිද බලන්න...

    මේ සේරම උත්තරය හදලා එකට ගැලපෙන්න හදන ප්‍රශ්න තමයි !

    මෙව්වට කියනවනේ මරු නමක්. Conspiracy theory ද කොහෙද නම,.. 🤔

    ලංකාවේ ඉතිහාසේ පුරාම සිංහයෝ ගැන කතා කරලා තියෙනවා, මිනිස්සු සිංහ ගෝත්‍රිකයෝ නිසා සත්තවයන්ට සම්බන්ධ කරගන්න ඇති. නමුත් සිංහයෝ හිටියා කියන්නේ ජනප්‍රවාදවල විතරයි. ඒ අතින් සාක්‍ෂි අඩුකමක් තියෙනවා තමයි.

    සමහර විට සිංහයා කියන්නේ කැලේ රජා කියන නිසාත්, සෑහෙන්න ගෞරව ලැබෙන සතෙක් විදිහට පිළිගන්න නිසාත් අතීත රචකයෝ අතිශයෝක්තියක් විදිහට පාවිච්චි කළා වෙන්නත් පුළුවන්. 🤷‍♂️
    ------ Post added on Jul 10, 2026 at 10:00 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,992
    11,373
    113
    35
    Spain
    මෙව්වට කියනවනේ මරු නමක්. Conspiracy theory ද කොහෙද නම,.. 🤔

    සමහර විට සිංහයා කියන්නේ කැලේ රජා කියන නිසාත්, සෑහෙන්න ගෞරව ලැබෙන සතෙක් විදිහට පිළිගන්න නිසාත් අතීත රචකයෝ අතිශයෝක්තියක් විදිහට පාවිච්චි කළා වෙන්නත් පුළුවන්. 🤷‍♂️
    ------ Post added on Jul 10, 2026 at 10:00 PM
    ඔවු අපේ සිංහ ගෝත්‍රය නිසා සිංහයන් ගැන උනන්දුවෙන් හොයන්න ඇති. පුදුමේ කියන්නේ එංගලන්තය වගේ රටවලත් සංකේතය සිංහයා, නමුත් එහෙත් සිංහයෝ නැහැ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,889
    99,175
    113
    මචෝ ..පට්ට ...මම හිතලා type කරන්න හදනකොට උබ ඒක කියලා .... පුංචි කාලේ ඉදලා" මහ වලහා" අහසේ හොයන තව හමුවුනේ නෑ... මලක් ගහලා අහස දිහා බලන්න ඕනේ වෙලාවක පෙනෙයිද බලන්න...

    මේ සේරම උත්තරය හදලා එකට ගැලපෙන්න හදන ප්‍රශ්න තමයි !
    මෙව්වට කියනවනේ මරු නමක්. Conspiracy theory ද කොහෙද නම,.. 🤔

    සමහර විට සිංහයා කියන්නේ කැලේ රජා කියන නිසාත්, සෑහෙන්න ගෞරව ලැබෙන සතෙක් විදිහට පිළිගන්න නිසාත් අතීත රචකයෝ අතිශයෝක්තියක් විදිහට පාවිච්චි කළා වෙන්නත් පුළුවන්. 🤷‍♂️
    ------ Post added on Jul 10, 2026 at 10:00 PM
    ඕක එහෙම එකක් නෙවෙයි. ඔය වංශ කතා වලම එන දෙයක්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,339
    1
    57,391
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ග්‍රොක් එකෙන් අහලා බලන්න

    Q: Doesn't it look like prof T.G Kulatunga pulled it out of his hat?

    Yes, it does look that way to some extent.

    Let me be direct and honest with you.

    Who was Prof. T.G. Kulatunga?​

    He was not a fringe theorist or someone who randomly made things up. He was a legitimate, respected Sri Lankan archaeologist:
    • Professor Emeritus
    • Worked with the Department of Archaeology and the Central Cultural Fund
    • Did actual fieldwork and excavations in Anuradhapura (especially Abhayagiri and Mahavihara areas)
    • Published multiple books and reports

    So he had real credentials and experience.

    However...​

    When it comes specifically to the සිංහ වික්‍රාන්ති theory, there are some red flags that make it look like it could be his personal interpretation rather than solid historical fact:

    PointAssessmentComment
    EvidenceWeakNo ancient source directly says the Mahavihara was planned like a lion.
    Other scholarsAlmost none support itVery few other archaeologists seem to have adopted or strongly backed this theory.
    Other sitesNoneNo other monastery or city in Sri Lanka follows this method.
    Physical proofLackingMany key buildings no longer exist in original form.
    How it spreadMostly popular mediaIt became popular through social media and history pages, not through strong academic consensus.

    My Honest Take​

    It looks like Prof. Kulatunga observed the general layout of the surviving major monuments in the Mahavihara and tried to find a meaningful pattern. He then connected it to the symbolic importance of the lion in Sri Lankan culture and proposed that it was planned according to a “lion’s stride.”

    This is actually quite common in archaeology and history — scholars sometimes see patterns and create elegant explanations. Sometimes those explanations are correct. Sometimes they are creative over-interpretations.

    In this case, the සිංහ වික්‍රාන්ති idea has these characteristics:

    • It’s visually appealing and easy to understand.
    • It gives the Mahavihara a grand, symbolic story.
    • But it rests more on pattern recognition + symbolism than on hard archaeological evidence.

    Final Verdict​

    QuestionAnswer
    Did he completely fabricate evidence?Unlikely. He was a serious archaeologist.
    Did he over-interpret the layout and create a neat theory?Quite possible.
    Is the theory strongly supported by other experts?No.
    Should we treat it as confirmed history?No. It’s still just a theory.

    Bottom line: It does look like he may have “pulled it out of his hat” in the sense that he created an attractive interpretive framework that isn’t strongly backed by independent evidence or repeated in other sites. It’s not malicious fabrication, but it appears to be more of a scholarly hypothesis than proven history.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,860
    2,471
    113
    colombo
    එහෙම සිංහයෝ හිටියා නම් නැතිවෙලාම යන්න හේතුවක් තියෙන්න එපැයි. එක්කෝ සුද්දෝ ලංකාවට යටත් කරගත්තට පස්සේ උන් ආතල් එකට මරලා නැතිවෙලාම ගියා වෙන්න ඕන. එහෙම වුනා නම් 1700 ගණන් වගේ වෙනකන් සිංහයෝ ලංකාවේ හිටියා කියල සාක්ෂි නැති වෙන්න විදිහක් නෑනේ. ඔය කියන සාක්ෂි තියෙන්නේ අවුරුදු 1000 කට 1500කටත් එහා වගේ නේ. ඒ කාලේ නැතිවෙනවා නම් මොන වගේ හේතුවක් නිසාද නැතිවෙන්න පුළුවන්? එහෙමත් නැත්තන් ලංකාවේ සිංහයෝ හිටියෙම නැත්තන් මොන වගේ හේතුවක් නිසාද එහෙම සිංහයෝ ඉපදුනේ නැත්තේ. කොටියෝ ඉපදුනා නම් සිංහයෝ ඉපදෙන්න බැරිකමක් නෑනේ. 🤔
    ලංකාවේ සිංහයෝ හිටිය කියන්න සාක්ෂි නෑ.
    සිංහයෙක්ගේ කියන දතක් විතරයි හම්බෙලා තිබ්බේ දැන් ඒකත් වෙච්ච දෙයක් නෑ.
    කොටි ඉන්නේ කැලෑවේ.
    සිංහයෝ ඉන්නේ තෘණ බිම් වල. ලංකාවේ හිතකර ප්‍රදේශ නැතුව ඇති සිංහයන්ට.
    අප්‍රිකාවෙන් තමයි ඉන්දියාවටත් සිංහයෝ ඇවිත් තියෙන්නේ.
    ලංකාව ඉන්දියාවෙන් මුහුදින් වෙන් වෙලා තියෙන්න ඇති උන් දකුණු ඉන්දියාව පැත්තට එන කාලෙදි
     
    • Wow
    Reactions: Heshan Daminda