මේක ashikland වල කතාවක්.
මගේ පස්සෙන් පොලිසිය පන්නව කියල ලොකු සැකයක් තියෙනව. ඒක ඇත්තක් වෙන්න ලොකු චාන්ස් එකක් තියෙනව. මට සහතික කරල කියන්න බැරි
නිසා විතරයි මෙහෙම කියන්නෙ.
දැන් එන්න එපා මම පැරනොයිඩ් අරව මේව කියාගෙන.
මට හතුරො ඉන්නව. කීපදෙනෙක් පොලිටීසියන්ල. සමහර උන් ප්‍රසිද්ද උන් තවතර සමහර අය සල්ලි කාරයො. තවත් සමහර උන් රජයේ සේවකයො සහ පවුලෙ උන්.
මට හිතෙන්නේ කනෙක්සන් වලින් තමයි පොලිසිය මගේ පස්සෙන් පන්නන තැනට ඇවිත් තියෙන්නේ.
මම අපරාද කාරයෙක නෙමේ.
මේක අවුරුදු ගානක් තිස්සේ වෙලා තියෙනව මගේ දැනුමකින් තොරව.
මගේ ටවුම පොඩි එකක්, එකේ හැම කඩයකටම. සේවා දෙන වෙනත් තැන්වලට ගිහින් මාව ගනන් ගන්න එපා. මට රූඩ් විදියට සලකන්න කියල කියල තියෙනව මේ වගේ පවර් එකක් තියෙන්නේ පොලිසියට හා වෙලද සංගමයට විතරයි. තව ආසන්න රෝහල් වලට පවා මේක අරන් ගිහින් තියනෙව.
මගේ PHONE එක මෙයාල ට්‍රැක් කරනව. කොහේ ගියත් මගේ ලොකේසන් ටැක් වෙනව. මුන්ට ඕන මාව isolate කරන්න. වෙන ටවුමක බෝඩින් ප්ලේස් එකකට ගියත් දවසක් දෙකක් යද්දි නොදන්න උන් කීප දෙනෙක් එක සැරේට පාත් වෙනව. උන් මාත් එක්ක හෙන ෆෙන්ඩ්ලි. CCTV සෙට් කරනව මගේ බෙඩ් එකට පොයින්ට් කරල, අර ආපු උන් අනිත් උන්ට මං ගැන කියල එතනත් මාව ISOLATE කරන්න හදනව. ඊට පස්සෙ ලග තියෙන කෑම කඩ වලට මම ගැන කියනව. ගෑනු එනව මාව සෙඩුයුස් කරන්න.
මේක රිපීට් වෙනව මම යන යන තැන.
මම ඉන්න ටවුමෙත් මම නිතර යන එන තැනකදි ගෑනු සීයකට වඩා එව්ව මාව සෙඩියුස් කරන්න. පොලිසියේ කීප දෙනෙකුත් හිටිය සිවිල් විදියට. මේක ඕගනයිස් මොබින් ඇටෑක් එකක්. තව මම යන රූට් එකේ ඉන්නව රැකල. මගේ පස්සෙන් මාව ෆලෝ කරනව. මුන් මේ විදියට බොරු වැරැද්දකට මාව පටලවන්න පුලුවන්. මාව මරන්න උනත් පුුලුවන්.
මම දන්නව මේක පස්සෙ ඉන්න උන් කවුද කියල.
අනික පොලිසියට පැමිනිල්ලක් දාන්න ගියාම හරියට කවදාවත් වෙලා නෑ. ලගදි ගියා මගේ ෆෝන් එක ට්‍රැක් කරන කියල ඩයලොග් එකට විරුද්දව. එයාල හතර වටේටම කෝල් ගහනව පැමිනිල්ල නොදා. කිසි උවමනාවක් නෑ. මම යන්න ඕන පැමිනිල්ලට එන්න කියන්න. හෙනම ස්ට්‍රේන්ජ් එනජි එකක් තියෙන්නෙ. පොලිසියේ හැම කෙනාම මම දන්නව වගේ මට එයාල බලන විදියෙන් තේරෙනව.
මචං මේකට මොකක්ද කරන්න පුුලුවන්/ ඉහලට කම්ප්ලේන් කරාට වැඩක් වෙයිද/
මම ටෙල්ලො ඔපරේට්ස්ලට ලියම් දාල තියෙන්නෙ තාම රෙස්පොන්ස් එකක් නැ.
මට කොහේවත් ගිහින් නවතින්න. කිසිම තැනක රැකියාවක් කරන්න. සම්බන්දකම් හදාගන්න මුන් දෙන්නෑ. ඒ හැම දේම කඩාකප්පල් කරනව.
මේව මම ඉමේජින් කරන මගුල් නෙමේ. මම දන්නව උබලට මේව විස්වාස කරන්න අමාරුයි කියල එහෙම නම් පොඩ්ඩක් narcissists attacks, gangstalking, mobbing වගේ ඒව පොඩ්ඩක් හොයල බලන්න.
මම මේකෙ dead man switch එකක් දානව ඒක බුක්මාක් කරල තියාගන්න.