හැමෝම රැල්ලට පාදයාත්‍රා ගිහින් සත්ව ඇටකටු සමඟ පින්තූර ගත්ත අයට " හරක් රැල " කියලා පින්තූර ශෙයාර් කර කර බනිනවා, හැබැයි එකෙක් නෑ මේක මෙහෙම වරදක් මේකෙන්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    හැමෝම රැල්ලට පාදයාත්‍රා ගිහින් සත්ව ඇටකටු සමඟ පින්තූර ගත්ත අයට " හරක් රැල " කියලා පින්තූර ශෙයාර් කර කර බනිනවා, හැබැයි එකෙක් නෑ මේක මෙහෙම වරදක් මේකෙන් වෙන්නේ මෙහෙම පරිසර හානියක් කියලා කියලා දෙන්න.
    මම හොදාකාරවම දන්නවා මේ පින්තූර දාලා තියෙන බොහෝ පිරිසක් පරිසරයට සතා සිව්පාවන්ට ආදරේ කරන මිනිස්සු. උන්ට ඕනේ වෙලා තියෙන්නේ මේ ගමනේ ලස්සන පින්තූරයක් ගන්න මිසක් පරිසර හානියක් කරන්න නෙවෙයි. නමුත් මාද ඇතුළුව ඔවුන්ද නොදන්නා කරුණු කාරණාවක් මේ සමඟ තියෙනවා. ඉතිං හැමෝටම දැනගන්න මේ පෝස්ට් එක වැදගත් වේවි. කියවා බලන්න.
    මෙවැනි පින්තූරයක් සමාජ මාධ්‍යයට එක් කරන විට ඔබ අතුළු තවත් බොහෝ දෙනා මේ සදහා යොමු විය හැකියි... පින්තූරයෙන් පමණක් නීති උල්ලංඝනයක් සිදු වූ බව තහවුරු කළ නොහැකි වුවද, යාල සහ කුමන වැනි ජාතික වනෝද්‍යානයක වනජීවී අවශේෂ (ඇටකටු, අං, හිස්කබල වැනි කොටස්) අතට ගැනීම හෝ ඒවා ගෙනයාම සාමාන්‍යයෙන් තහනම් වන අතර නීතිමය ගැටලු ඇති කළ හැකිය.

    ⚠️
    වනෝද්‍යානයේ සත්ව ඇටකටු, අං, හිස්කබල හෝ වෙනත් ස්වභාවික අවශේෂ ස්පර්ශ කිරීම, අතට ගැනීම හෝ එවා සමඟ ඡායාරූප ගැනීම සුදුසු ක්‍රියාවක් නොවේ.
    ඒවා ස්වභාවික පරිසර පද්ධතියේ කොටසක් වන අතර, කෘමීන්, දිලීර හා ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වයෙන් නැවත පසට පෝෂක ලෙස එක් වේ. එවැනි දේවල් ස්ථානයෙන් ඉවත් කිරීම හෝ නිතර ස්පර්ශ කිරීම එම ස්වභාවික ක්‍රියාවලියට බාධාවක් විය හැකිය.
    එමෙන්ම, ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යානවල වනජීවී හා ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම සඳහා නීති පවතින අතර, වනජීවී අවශේෂ සමඟ අනවශ්‍ය ලෙස කටයුතු කිරීම නීතිමය ගැටලු ඇති කළ හැකිය.
    අපි යන තැන මතකයන් පමණක් රැගෙන එමු. ස්වභාවධර්මයට අයිති දේ ස්වභාවධර්මයටම ඉතිරි කරමු.
    🌿


    748592838_2240043043422116_4151408549739069795_n.jpg
    749207708_2240043010088786_2407736190507085293_n.jpg
    748978538_2240043073422113_8654522270156239690_n.jpg
    747962786_2240043150088772_2539026143176146020_n.jpg
    747807841_2240043203422100_5498904701524987963_n.jpg
    749207708_2240043010088786_2407736190507085293_n.jpg
     
    • Like
    Reactions: Inigo Montoya

    dillido

    Active member
  • Sep 17, 2025
    98
    140
    33
    විශාල ජන සමූහයක් රැස් වෙන සංචාරක ගමනාන්තයක් ජාතික වන උද්‍යාන දෙකක් හරහා.. පරිසර හානි වැඩි ගොඩක්ම.. මේවාට ඉතින් කරන්න තියන්නේ දැඩි නීති රීති පනවන එක..
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,507
    12,498
    113
    35
    Spain
    වන්දනා කාලෙට විතරක් වනෝද්‍යානය මැදින් යන්න අවසරයක් තියෙනවා බන්. වන්දනා කාලේ ඉවර වුනු ගමන් එක කැන්සල්. එහෙම ගිහින් අහු වුනොත් නඩු.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,611
    2,718
    113
    colombo
    අඩේ සතා සිපාව නැද්ද. අලි රංචු එහෙම සෙට් වෙන්නේ නැද්ද
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,507
    12,498
    113
    35
    Spain
    අඩේ සතා සිපාව නැද්ද. අලි රංචු එහෙම සෙට් වෙන්නේ නැද්ද
    දවල්ට සත්තු එන්නේ නැහැ, මිනිස්සුන්ගේ කටහඬ ඇහුණාම පැනල යනවා.
     
    • Like
    Reactions: dillido

    dillido

    Active member
  • Sep 17, 2025
    98
    140
    33
    රැට 😑
    නම් කරන ලද කදවුරු භූමි වල විතරයි ඉන්න පුළුවන්.. හවස් වෙද්දි ලගම කදවුරු භූමි යට නවාතැන් ගන්න බලන් යන්න ඕන.. හින්දු බැතිමතුන් රැට ගිනි මැල ගහනවා.. කදවුරු වල.. ගින්දරට ,මිනිස්සුන්ගේ කටහඩ ට ඒ කිට්ටුවට සත්තු එන්නේ නැතිතරම්..