ජනමාධ්‍ය වෙත තොරතුරු ලබාදෙන්නන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීමට යෝජනා කළ මාලිමාවේ ලැට්මාලි ගේ පිළිකුල් සහගත උත්සාහය හෙළා දකිමු! - FMM

monson

Well-known member
  • May 7, 2007
    25,460
    28,224
    113
    :lol: 🤌
    ජනමාධ්‍ය වෙත තොරතුරු ලබාදෙන්නන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීමට යෝජනා කළ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය බීබීසී වාර්තාවේ මූලාශ්‍ර විමසීමට දරන ලද පිළිකුල් සහගත උත්සාහය හෙළා දකිමු. - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සමස්ත මාධ්‍ය ප්‍රජාවෙන් ඉල්ලා සිටියි.

    පාර්ලිමෙින්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ළමා අපයෝජන සැකකරුවෙකු වන පල්ලේගම හේමරතන භික්ෂුව හා සබැඳි සිදුවීම සම්බන්ධයෙන් පැවති රැස්වීමකදී ජාතික ළමාරක්ෂක අධිකාරියට එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් චෝදනාත්මකව අදහස් දැක්වූ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට කරුණු පවසන අයට එරෙහිව පාර්ලිමේන්තු වරප්‍රසාද ප්‍රකාරව කටයුතු කරන බව අදාළ රැස්වීමේදී පැවසූහයි බීබීසී සිංහල වෙබ් අඩවිය වාර්තා කර තිබේ.


    එම මන්ත්‍රීවරිය අදාළ රැස්වීමේදී ක්‍රියා කර ඇති අන්දම පවා ශිෂ්ඨ සම්පන්න සමාජයක දෝෂ දර්ශනයට ලක් විය යුතු පසුබිමක මාධ්‍යවේදීන් වෙත තොරතුරු ලබා දෙන පිරිස් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමට යෝජනා කර තිබීම දැඩි පිළිකුලෙන් යුක්තව හෙළා දැකිය යුතුව තිබේ.

    පළවී ඇති මාධ්‍ය වාර්තා අනුව ලක්මාලි මන්ත්‍රීවරිය සහභාගී වූ රැස්වීමේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තද සමාජ මාධ්‍යය පාලනයට මාර්ගගත ක්‍රමවේද පිළිබඳ ආරක්ෂාවට අදාළ පනත භාවිතා කිරීමට යෝජනා කර තිබේ.

    එමෙන්ම මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් බීබීසීය ප්‍රශ්න කරන ලක්මාලි මන්ත්‍රීවරිය මූලාශ්‍ර හෙළිකරන මෙන් බලපෑම් සිදු කරන බවද බීබීසී හී පළවු වාර්තාව කියවීමේදී නිරීක්ෂණය වේ.

    මේ කිසිවක් ජනතාව මෙවැනි ආණ්ඩුවකින් අපේක්ෂා කළ දේවල් නොවේ. එසේම ආණ්ඩුව බලයට පැමිණීමට පෙර දුන් පොරොන්දුවලටද මේ සියල්ල පටහැණිය. එබැවින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සියලු පුරවැසියන්ගෙන් සහ මාධ්‍ය ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ කොන්දේසි විරහිතව මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍රගේ පිළිකුල් සහගත හැසිරීම හෙළා දැකීමට එක්වන ලෙසයි.

    ඇය සිය දේශපාලන ව්‍යාපාරයට කුමන අන්දමකින් හෝ සේවය කිරීම ඇගේ අයිතියකි. එහෙත් ජනතා අභිලාෂවලට පිටු පාන්නට හෝ ඒවා හෑල්ලුවට ලක්කරමින් ප්‍රජාතන්ත්‍රවාදය මිහිදන් කරන්නට ඇයට හෝ කිසිවෙකුට ඉඩ දෙන්නට අයිතීන් අගයන පුරවැසි සමාජය සූදානම් නැත. එබැවින් මෙවැනි තත්ත්වයන්ට එරෙහිව හැකි උපරිම අන්දමේ ක්‍රියාමාර්ග ගන්නා බවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දෙයි.

    නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM)

     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,886
    1
    15,603
    113



    @Max_r පල්ලේගම බේරාගැනීමේ මෙහෙයුම 💪

    ඔසිලොල්ලට ත්‍රෙඩ් එකක ගැහුවම, තාරක අස්සෙ දුවන් යන්නෙ නැද්ද දැන්.. :lol: :lol: :lol:

    තාරකගේ මීඩියා-පුක ඔසිලොල්ලා :lol::lol::lol::lol::lol:
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,552
    16,109
    113
    ඔසිලොල්ලට ත්‍රෙඩ් එකක ගැහුවම, තාරක අස්සෙ දුවන් යන්නෙ නැද්ද දැන්.. :lol: :lol: :lol:

    තාරකගේ මීඩියා-පුක ඔසිලොල්ලා :lol::lol::lol::lol::lol:



    පල්ලේගම බේරාගැනීමේ මෙහෙයුම 💪 🔔