මොහොමඩ් නානාගෙ වැඩ

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,500
    25,263
    113
    මාතලේ අවුරුදු 10ක පිරිමි දරුවෙකුට සිදු වූ බරපතළ ලිංගික අතවරය: අභියාචනාධිකරණ නඩු තීන්දුව පිළිබඳ විමර්ශනයක්

    මාතලේ, වයස අවුරුදු 10ක පිරිමි දරුවෙකු බරපතළ ලිංගික අතවරයට ලක්කළ අයෙකුට පසුගියදා දඬුවම් නියම වුණා. ඒ, 2017 දී සිදු වූ මෙම අපරාධයට, මාතලේ මහාධිකරණය විසින් දුන් දඬුවම, අභියාචනාධිකරණය විසින් නැවත සලකා බලමින්.

    මොකක්ද මේ අපරාධය? නඩුව මොකක්ද? තීන්දුව මොකක්ද? දඬුවම මොකක්ද? අපි මේ ලිපියෙන් ඒ ගැන විමසා බලමු.

    මෙය පසුගිය සතියේදී, ශ්‍රී ලංකා ගරු අභියාචනාධිකරණය විසින් තීරණය කළ CA/HCC/0225/2025 දරන නඩු තීන්දුව පිළිබඳ විස්තර සටහනකි.



    1. සිදුවීම මොකක්ද?

    සිදුවීම වුණේ 2017 මාර්තු 2 වැනිදා. මාතලේ ප්‍රදේශයේ හිටියා වයස අවුරුදු 10ක පුංචි පිරිමි ළමයෙක්. එයා ඒ වෙද්දි පාසැල් යනවා. එදා මේ පිරිමි ළමයා, පුරුදු විදිහට අතිරේක ගණිතය පන්තියකට සහභාගි වෙලා, ඊට පස්සෙ ආගමික වතාවත් කරන්න පල්ලියට ගියා. පල්ලිය තිබුණෙ එයාගෙ ගමේ. පල්ලියට ගියේ තවත් යාලුවො දෙන්නෙකුත් සමඟ. මේ යාලුවො දෙන්නගෙන් එක යාලුවෙකුගේ තාත්තාට ගමේ අය කිව්වෙ “උක්කුරාජා“ කියලා.

    උක්කුරාජා කියන්නෙ මෙයාගෙ ඇත්ත නම නෙවෙයි. ඇත්ත නම තමයි, “නූර්දීන් මොහොමඩ් හනීෆා ජනාබ්දීන්“.

    මේ උක්කුරාජාගෙ ළමයයි, අපේ ලිපියෙ ප්‍රමුඛයා වන වයස අවුරුදු 10 ක ළමයයි යාලුවො. (අපි මේ ලිපියෙදි, වයස අවුරුදු 10ක පිරිමි දරුවාට “යමාල්“ කියමු.)

    යමාල් පල්ලියට ගියේ, උක්කුරාජාගෙ ළමයයි තවත් ළමයෙකුයි එක්ක. පල්ලියේ ආගමික වතාවත් ඉවර වුණා. ළමයි ගෙවල්වල ගියා. යමාල් තනියම පාර දිගේ ඉදිරියට ඇවිදගෙන ගියා. ඒ යද්දි, උක්කුරාජා බයික් එකකින් පාර දිගේ ඉදිරියට ආවා. යමාල්ට උක්කුරාජාව හමු වුණා. උක්කුරාජා කිව්වා තමන් “හාවුන් අල්ලන්න යන බව“. ඒ වගේම හාවුන් අල්ලන්නට යමාල්ටත් අඬගැහුවා. උක්කුරාජා මේ ගමන යන්න යමාල්ට පෙරැත්ත කෙරුවා. අවසානයේදී, බොහෝ වෙලාවක් පෙරැත්ත කිරීමෙන් පස්සෙ යමාල් උක්කුරාජාගෙ බයික් එකට නැග්ගා.

    උක්කුරාජා හාවුන් ඉන්නා තැනකට යනවා වෙනුවට, කෙළින්ම මෝටර් සයිකලයෙන් පල්ලියක් පිටුපස්සේ තිබුණු, අස්වැන්න නෙලන ලද ඉරිඟු හේනකට ගියා. මෙතැනට ගම්මු කිව්වෙ “ලකීවත්ත“ කියලා.

    මේ “ලකීවත්ත“ කියන්නෙ පාලු ස්ථානයක්. එතැනට ගිහින් උක්කුරාජා ළමයාගෙන් ඇහුවා “සෙ** කරන විදිහ දන්නවද?“ කියලා. ළමයා නෑ යනුවෙන් උත්තර දුන්නා. අනතුරුව ළමයාව බරපතළ ලිංගික අතවරය නමැති අපරාධ වරදට නතු කරගත්තා.

    සිදුවීමෙන් පසු සිදු වූ දේ:
    • සිදුවීමෙන් පසුව උක්කුරාජා ළමයාට එතැන නවතින්න කිව්වා. ළමයා ඉක්මනින් ම එතැනින් පිටත් වෙලා ගෙදර දිව්වා.
    • ළමයා ගෙදර ගිය විගසම, ළමයාගේ දෙමව්පියන් විසින් ප්‍රමාදයට හේතු ඇහුවා. ළමයා සිදු වූ කරදරය හෙළි කරෙුවා. දෙමාපියන් වහාම පොලිසියට ගියා. පැමිණිලි කෙරුවා.
    • සිදුවීමෙන් පසුව “යමාල්“ පාසැල් යද්දී අනෙක් ළමයි මේ සිදුවීම ගැන කියමින් යමාල්ට විහිලු කෙරුවා. අදාල අපරාධය කළ “උක්කුරාජාගේ“ ම පුතා පවා, යමාල්ට මේ ගැන සරදම් කෙරුවා.
    • යමාල් දිගින් දිගටම පාසැල තුළ මේ සිදුවීමෙන් පසුව බුලි වුණා. දවසින් දවස යමාල්ගේ මානසික තත්ත්වය පිරිහුණා. යමාල් පාසැල් ගමන නවතා දැම්මා.
    • සිදුවීමෙන් පසුව, ළමයාව වෛද්‍ය පරීක්ෂණයට බඳුන් වුණා. මේ අනුව, ලිංගික අපරාධයක් වීමේ සම්භාවිතාවක් තිබෙන බව තහවුරු වුණා. අදාල කාර්යය, කිසිඳු ඇතුළු කිරීමකින් තොරව සිදු වූ බව ළමයා කියා තිබුණා.

    මෙම පරීක්ෂණවලට පසුව, නීතිපති දෙපාර්තමේන්තුව විසින්, උක්කුරාජාට එරෙහි චෝදනා ගොනු කෙරුවා.



    2. එල්ල වූ චෝදනා මොනවාද?

    ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 354 වගන්තිය: “දරුවෙකු නීත්‍යානුකූල භාරකාරීත්වයෙන් අපහරණය“.
    (නීත්‍යානුකූල භාරකාරීත්වයෙන් අපහරණය කියන්නෙ, ඕනෑම අරමුණකට, අදාල ළමයාගේ භාරකරුවන්ගේ අවසරය රහිතව ළමයෙක්ව ඉවතට ගැනීම. මෙහිදී නම්, ළමයාව බයික් එකේ නංවාගෙන යෑම.)
    ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365B(b)(2)(b): බරපතළ ලිංගික අපයෝජනය කිරීම.




    3. මාතලේ මහාධිකරණ තීන්දුව සහ දඬුවම්

    2021 නොවැම්බර් 17 වැනිදා, මාතලේ මහාධිකරණය තුළ නඩු විභාගය ආරම්භ වුණා. පාර්ශ්ව දෙකෙන්ම තර්ක විතර්ක සහ සාක්ෂි ඉදිරිපත් වුණා.

    සියලු සාක්ෂි සාධක සළකා බැලීමෙන් අනතුරුව, මාතලේ මහාධිකරණය විසින්, ඉහත චෝදනා දෙකටම “උක්කුරාජා“ වැරදිකරු බව තීන්දු කෙරුවා. මේ අනුව, 2025 ජූනි 02 වැනිදා, මාතලේ මහාධිකරණය විසින්, උක්කුරාජාට අදාල වැරදි සඳහා වෙන වෙනම දඬුවම් නියම කෙරුවා:

    1. නීත්‍යානුකූල භාරකාරීත්වයෙන් අපහරණය වරදට:
    වසර 2ක බරපතළ වැඩ ඇතිව සිර දඬුවමක් සහ රුපියල් 5,000ක දඩයක්. දඩය නොගෙවන්නේ නම් මාස 6ක ලිහිල් සිර දඬුවමක්.

    2. බරපතළ ලිංගික අපයෝජනය වරදට:
    වසර 10ක බරපතළ වැඩ ඇතිව සිර දඬුවමක් සහ රුපියල් 10,000 ක දඩයක්, එම දඩය නොගෙවන්නේ නම් අමතර මාස 6ක සිර දඬුවමක්.

    3. වන්දි මුදල්:
    රුපියල් ලක්ෂ 5ක වන්දි මුදලක් ගෙවීමට නියම වූ අතර, එම වන්දිය නොගෙවන්නේ නම් තවත් වසර 1ක සිර දඬුවම් නියම විය.

    නමුත්, උක්කුරාජා මෙම මහාධිකරණ තීරණය පිළිගත්තේ නෑ. ඔහු මෙම තීරණය, අභියාචනාධිකරණයට ඇපීල් කෙරුවා.



    4. අභියාචනාධිකරණ විමර්ශනය

    උක්කුරාජා ඇපීල් නඩුව අතරතුර හිටියේ බන්ධනාගාරගතවයි. මේ ඇපීල් එකේදී ඔහු උසාවිය හමුවේ පෙනී සිටියේ සූම් (Zoom) තාක්ෂණය ඔස්සේය.

    මෙම අභියාචනයේදී, අභියාචනාධිකරණය විසින් ප්‍රධාන නීති ප්‍රශ්න 3ක් සළකා බැලුවා:

    ප්‍රශ්නය 01: මහාධිකරණය සාක්ෂි නිසි ලෙස සළකා බැලුවාද?
    අභියාචනාධිකරණය විසින් නඩු තීන්දුව මුල සිට විමර්ශනය කෙරුවා. මේ අනුව, ඉදිරිපත්ව තිබුණු සෑම සාක්ෂියක්ම, බොහොම විමසිල්ලෙන් මහාධිකරණය විසින් සළකා බලා ඇති බවත්, ඒවායේ අඩුපාඩු නැති බවත් නිගමනය කෙරුවා.

    ප්‍රශ්නය 02: චූදිතයාගේ අනන්‍යතාවය නිසි ලෙස තහවුරු වුණාද?
    අපරාධය සිදු කළේ “උක්කුරාජාමද?“ යන්න තහවුරු වෙනවාද යන්න සළකා බලන ලදී. ළමයා ඔහුගේ සැබෑ නම දැන සිටියේ නැත. නමුත් ඔහුව ගම්මු හැඳින්වූයේ “උක්කුරාජා“ නමිනි.

    උක්කුරාජාගේ පාර්ශ්වය තර්ක කළේ දෙමව්පියන් විසින් මෙම නම ළමයා ලව්වා කියවූ බවයි.

    අධිකරණ නිරීක්ෂණය සහ නීති පූර්වාදර්ශ:
    • අනන්‍යතාවය හෙළි වීමේ වැදගත්කම ගැන අධිකරණය දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර UK Court of Appeal (1977 QB 224) නඩු තීරණය උපුටා දක්වන ලදී. එහිදී කියැවුණේ අනන්‍යතාවය ගැන ප්‍රශ්නයක් ඇත්නම් විශේෂ ක්‍රමවේද මඟින් නැවත නැවතත් සළකා බැලිය යුතු බවයි.
    • නමුත් මෙහිදී, ළමයා දුන් සාක්ෂිය පැහැදිලි විය. ඔහු එදා හවස තමන් එක්ක පල්ලියට ගිය අනිත් යාලුවාගේ තාත්තා ලෙස මොහුව නිවැරදිව හඳුනාගෙන තිබුණි. පවුල් දෙකම එකම ගමේ වූ නිසාත්, දරුවා මුහුණින් ඔහුව හඳුනාගත් නිසාත් අනන්‍යතාවය නිසි ලෙස හඳුනාගත් බවට අධිකරණය තීරණය කළේය.

    ප්‍රශ්නය 03: සාක්ෂිවල පරස්පරතා (Inter Se Contradictions) තිබේද?
    ළමයා සහ මවගේ සාක්ෂිවල පරස්පරතා ගැන අධිකරණය අධ්‍යයනය කළ අතර, නඩු තීන්දු කිහිපයක් උපුටා දක්වන ලදී:

    • Attorney General v. Sandanam Pitchai Mary Theresa [2011]: පරස්පරතාව ඇතිවන සාක්ෂිය “නඩුවට වැදගත්“ සාක්ෂියක්ද යන්න විමසා බැලිය යුතුය.
    • Gangadhar Behera v. State of Orissa (2002): මතකයේ දුර්වලතා සහ කම්පනය නිසා ඇතිවන දෝෂ සහ විශ්වසනීයත්වය පිළිබඳ ගැටලු වෙන වෙනම සැලකිය යුතුය.
    • Mahathun and Others vs. The Attorney General (2015): සාක්ෂි සාමාන්‍යයෙන් විශ්වාසදායක නම්, සුලු දෝෂ අඩුවෙන් සළකා බැලිය යුතුය.
    • Joy Devaraj vs The State of Kerala (2024): සාක්ෂියක් විශ්වසනීය නොවීම යනු බරපතළ ආකාරයෙන් ඉවතලිය හැකි සාක්ෂියක් විය යුතුය.

    මේ අනුව, ළමයා සහ මව දුන් සාක්ෂිවල වූ සුලු පරස්පරතා නඩුවේ හරයට බලපෑමක් නොකරන බව අභියාචනාධිකරණය තීරණය කළේය.



    5. අභියාචනාධිකරණ අවසන් තීන්දුව

    ගරු අභියාචනාධිකරණ විනිසුරු පී.කුමාරරත්නම් මහතා විසින් උක්කුරාජාගේ අභියාචනය ඉවත දමන ලදී.

    මහාධිකරණය විසින් දුන් දඬුවම, 2025 ජූනි 2 වැනිදා පටන් ගත් ලෙස සළකා ඉදිරියට ක්‍රියාත්මක වන ලෙස නියෝග කෙරිණි.

    අවසන් දඬුවම සංක්ෂිප්තව:
    • භාරකාරීත්වයෙන් අපහරණයට: වසර 2ක බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් + රු. 5,000 දඩ (නොගෙවන්නේ නම් මාස 6ක ලිහිල් සිර දඬුවම්).
    • බරපතළ ලිංගික අපයෝජනයට: වසර 10ක බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් + රු. 10,000 දඩ (නොගෙවන්නේ නම් මාස 6ක සිර දඬුවම්).
    • වන්දි මුදල: රුපියල් ලක්ෂ 5ක වන්දි (නොගෙවන්නේ නම් තවත් වසර 1ක සිර දඬුවම්).

    ළමයෙකුට එරෙහි ලිංගික අපරාධයකදී, ලංකාවේ අධිකරණයක් විසින් කටයුතු කරන අන්දම නිරීක්ෂණය කළ හැකි නඩුවක් ලෙස මෙය හඳුන්වන්න පුලුවන්. නමුත්, අධිකරණ සීයකින් යුක්තිය ඉටු කළද, ළමයෙකුගේ ජීවිතයට ඉන් වන බලපෑම සමස්ථ සමාජයම පසුපස එළවා එන බව පමණක් අප මතක තබාගත යුතුයි.


    වැඩිදුර කියවන අයට නඩු අංක:
    මහාධිකරණ අංකය:
    HC/101/2020
    අභියාචනාධිකරණ අංකය: CA/HCC/0225/2025

    @sinhawanshaya @kazzen @Al Baik @Banks PLK @ComanMan @Jihadi john හෙළයෙක්?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,432
    12,320
    113
    35
    Spain
    පොඩි උන්ට අතවර කරන උන් ජාතිය, තරාතිරමක් නොබලා කෙමිකල් කැස්ට්‍රේට් කරලා දාන්න ඕන. ආයේ ජීවිතේට ළමයෙක් ඉන්න තැනක කතා කරන්න බැරි වෙන්න සෙක්ස් ඔෆෙන්ඩ ලිස්ට් එකක් හදල මුළු ලංකාවේම ප්‍රසිද්ධ කරන්න ඕන.

    wadak nane ban, pakaya hire inne maasa 6ine..
    නෑ බන්. අවුරුදු 12ක දඬුවම්, වන්දි සහ දඩ නොගෙව්වොත් මාස 6 දඬුවම් දෙකයි අවුරුදු 1ක් තව ගෙවන්න වෙනවා. එතකොට ඔක්කොම අවුරුදු 14ක දඬුවමක්.
    ------ Post added on Jul 23, 2026 at 2:56 PM
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,506
    11,264
    113
    හඳට කිට්ටුව
    පොඩි උන්ට අතවර කරන උන් ජාතිය, තරාතිරමක් නොබලා කෙමිකල් කැස්ට්‍රේට් කරලා දාන්න ඕන. ආයේ ජීවිතේට ළමයෙක් ඉන්න තැනක කතා කරන්න බැරි වෙන්න සෙක්ස් ඔෆෙන්ඩ ලිස්ට් එකක් හදල මුළු ලංකාවේම ප්‍රසිද්ධ කරන්න ඕන.


    නෑ බන්. අවුරුදු 12ක දඬුවම්, වන්දි සහ දඩ නොගෙව්වොත් මාස 6 දඬුවම් දෙකයි අවුරුදු 1ක් තව ගෙවන්න වෙනවා. එතකොට ඔක්කොම අවුරුදු 14ක දඬුවමක්.
    ------ Post added on Jul 23, 2026 at 2:56 PM

    nane, 2+10 = 12.

    fine gewwe nathnam12 + 6m+6m+12m okkoma 14 years

    oya 2 years ara 10 athulema nam 10/12 wenawa

    ade ehenam kamak na..

    athuledi pakayage payya kapanna one..
     
    • Like
    Reactions: Inigo Montoya