ගිනි ගැනීමට ලක්වූ හෝමාගම, කටුවන ප්‍රදේශයේ පිහිටි “නිමාටෝ” (Nimato (PVT) LTD) හෙල්මට් කර්මාන්තශාලාව තුළ රසායනික ද්‍රව්‍ය පිළිවෙළකට ගබඩා කර නොතිබූ බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා කියයි.
මෙම කර්මාන්තශාලාවට අදාළ පරිසර ආරක්ෂණ බලපත්‍රය වලංගුව තිබී ඇත්තේ 2024 වසරේ නොවැම්බර් මාසය වනතුරු පමණක් බවද පැවසේ.
නමුත්,මෙම කර්මාන්තශාලාව තුළ රසායනික ද්‍රව්‍ය පිළිවෙලකට ගබඩා කර නොතිබීම, අපද්‍රව්‍ය නිසියාකාරව බැහැර නොකිරීම යන කාරණා නිසා ඊට අදාළව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් කර්මාන්තශාලා බලධාරීන්ට ඒවා නිවැරදි කර ගැනීමට උපදෙස් ලබාදී තිබූ බවද සභාපතිවරයා හෙළ කර තිබේ.
මෙම කර්මාන්ත ශාලාවට මේ වසර (2026) සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගැනීමට අදාලව අයදුම්පත් යොමුකර තිබුණද, අදාළ කොන්දේසි සපුරා නොතිබීම හේතුවෙන් එය ලබාදී නොතිබූ බවද මහාචාර්ය තිලක් හේවාවසම් මහතා හෙළකර ඇත.
මුලින් Hawk සන්නාමයෙන් හෙල්මට් වෙළෙඳපොළට හඳුන්වා දී ඇති “නිමාටෝ” පසුව SSG සන්නාමය යටතේ ශ්‍රී ලංකාවේ හෙල්මට් නිෂ්පාදනය කරනු ලබන ප්‍රමුඛ සමාගමකි.
කෙසේවුවද, හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ පිහිටි මේ සමාගමේ හෙල්මට් කම්හලේ ඇතිවූ විශාල ගින්නක් හේතුවෙන් තරුණ ජීවිත 5ක් අහිමි විය.
එස්. ගමගේ මහතා විසින් එක් සේවකයකු පමණක් ඇතිව මේ කම්හල ආරම්භ කර ඇත්තේ 1996 වසරේදීය.
- https://sinhala.srilankamirror.com/news/ගින්නෙන්-ජීවිත-5ක්-බිලිගත/
