රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් JVP බැංකු ගිණුමට දාන පාපිසි 159 ටම එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

monson

Well-known member
  • May 7, 2007
    25,841
    29,081
    113
    :lol:

    ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්‍තුවට තේරි පත් වූ මන්‍ත්‍රීවරුන්ට එරෙහිව දිනන දකුණ සංවිධානයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

    අදාළ මන්ත්‍රීවරු සිය මන්ත්‍රී ධුරයට හිමි වරප්‍රසාද වන දීමනා ලබාදීමේ අරමුණ වන මහජන යහපත උදෙසා නොයොදවා ජනතා විමුක්ති පරෙමුණේ බැංකු ගිණුමට තැන්පත් කිරීම මඟින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකර ඇතැයි ඔවුන් පවසයි.

    ඒ පිළිබඳ 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ කඩිනම් විමර්ශනයක් පවත්වන මෙන් ඉල්ලීමක් කරහිව් දිනන දකුණ සංවිධානය අද (02) උදෑසන අල්ලස් කොමිසමෙන් ඉල්ලා අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළේය.

    පැමිණිල්ලෙන් ඔවුන් ජාතික ජන බලවේගයයේ මන්ත්‍රීවරුන් 159දෙනාම කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන විමර්ශනයක් කරන ලෙසත් පක්ෂයේ බැංකු ගිණුම් පරීක්ෂා කරන්න ලෙසත් කාරණා පහක් යටතේ පැමිණිල්ල ඉදිරිපත් කළේය.

    - https://sinhala.adaderana.lk/news/250804


    [/SIZE][/B]

    කුසට සාගිනි, හදට සෝගිනි අවුරුදු 5 යනකොට පැලවත්තේ account එකට රුපියල් බිලියන තුන හතරක්‌!​

    https://elakiri.com/threads/කුසට-සා...ccount-එකට-රුපියල්-බිලියන-තුන-හතරක්‌.2216779/
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,309
    1
    16,211
    113
    ට්‍රාන්සිට් එකෙන් හොරාකාපු උන්ගෙන් පඩි ගත්ත උබෙන්, අපි අහනවද පඩියෙන් මොනවද කරන්නෙ කියලා????
    හෙනම මෝඩයි නෙහ් මොන්සන්...
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,841
    29,081
    113
    මන්ත්‍රීලට පඩියක්, office, staff, fuel දීමනා දෙන්නේ මන්ත්‍රී කෙනෙක් හැටියට පැවරිලා තියන වැඩේ කරන්න. මේ මාලිමා JVP මන්ත්රීලට රජයෙන් දෙන පඩියම office, staff, fuel දීමනා සල්ලි ටික ටිල්වින් අරගෙන JVP පක්ෂේ account එකට දාගෙන




    ගිය අවුරුද්දෙත් පැමිණිලි කරලා. අල්ලස් කොමිසම මීක් නැහැ :lol:

    2025 සැප්තැම්බර් මස 29 වන දින
    අධ්‍යක්ෂ ජනරාල්තුමා
    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
    36 මලලසේකර මාවත
    කොළඹ 7

    හිතවත් අධ්‍යක්ෂ ජනරාල්තුමනි

    මහජන අරමුදල් දේශපාලනික අරමුණු වෙනුවෙන් යෙදවීමෙන් ජාතික ජන බලවේගය සිදු කරන දූෂණයට නීතිය ක්‍රියාත්මක කිරීම

    ජාතික ජනබලවේගය නියෝජනය කරන සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ද ජනාධිපතිවරයාගේ ද සමස්ත වැටුප් සහ දීමනා එහි ප්‍රධාන දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ අරමුදලට ලබා දෙන බවත් තම නඩත්තුව සඳහා පක්ෂ අරමුදලින් දීමනාවක් ලබා ගන්නා බවත් එම පක්ෂයේ මන්ත්‍රිවරයෙකු වන දේවානන්ද සුරවීර මහතා ප්‍රකාශ කරයි. (ඇමුණුම 1 බලන්න).
    පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු දළ වශයෙන් මාසයකට රු 340,000ක පමණ දීමනා ලබයි (ඇමුණුම 2 බලන්න). 2024 අප්‍රේල් මස වැටුප් පත්‍රිකාව අනුව එකී දීමනාව සැකසෙන්නේ පහත දැක්වෙන පරිදිය.
    දීමනාව
    රුපියල්
    මාසික දීමනාව
    54,285.00
    සංග්‍රහ දීමනාව
    1,000.00
    දුරකතන දීමනාව
    50,000.00
    කාර්යාල දීමනාව
    100,000.00
    ඉන්ධන දීමනාව
    103,000.00
    ප්‍රවාහන දීමනාව
    15,000.00
    පැමිණීමේ දීමනාව
    15,000.00
    කමිටු සහභාගී දීමනාව
    2,500.00
    එකතුව
    340,785.00


    මෙම දීමනා අතුරෙන් මන්ත්‍රිවරයෙකුට සිය කැමැත්ත පරිදි වියදම් කළ හැක්කේ මාසික දීමනාව, පැමිණීමේ දීමනාව සහ කමිටු සහභාගි දීමනාව පමණි. ඒ අනුව 2024 අප්‍රේල් මස මන්ත්‍රිවරයෙකුට ලැබුණු දීමනා වලින් තමන් කැමැති පරිදි වියදම් කළ හැක්කේ රු71,285.00කි. එනම් පක්ෂ අරමුදලට පරිත්‍යාග කළ හැක්කේ රු71,285.00කි.
    අන් සෑම දීමනාවක්ම ලබා දෙන්නේ නිශ්චිත අරමුණක් ඉටු කර ගැනීමටයි. එබැවින් එම මුදල් වැය කළ යුත්තේ ලබා දෙන අරමුණ ඉටු කිරීමටයි. ඒ අනුව රු100,000.00ක් වූ කාර්යාල දීමනාව භාවිතා කළ යුත්තේ තම මැතිවරණ කොට්ඨාශය තුල කාර්යාලයක් නඩත්තු කිරීමටයි. කාර්යාල කුලිය, විදුලි බිල්පත්, ජල බිල්පත් සහ නඩත්තු වියදම් සඳහා එම මුදල වැය කළ යුතුය. එසේම ඉන්ධන දීමනාව භාවිතා කළ යුත්තේ මැතිවරණ කොට්ඨාශය පුරා සංචාරය කර මහජන ගැටළු හඳුනා ගැනීමට සහ උත්සව හා රැස්වීම් වලට සහභාගි වීමටය. ප්‍රවාහන වියදම් භාවිතා කළ යුත්තේ තම කාර්ය මණ්ඩලයේ මහජන සේවා සඳහා වන ප්‍රවාහන වියදම් ආවරණය කිරීමටයි. සංග්‍රහ දීමනාව භාවිතා කළ යුත්තේ තමන් හමුවීමට පැමිණෙන ජනතාවට අවම වශයෙන් තේ කෝප්පයකින් සංග්‍රහ කිරීමටයි. දුරකතන දීමනාව භාවිතා කළ යුත්තේ තම දුරකතන, පැකුම් සහ අන්තර්ජාල සබඳතාවල මාසික බිල්පත් පියවීමටයි.
    මේ අනුව නිශ්චිත මහජන සේවයකට වැය කිරීමට ලබා දෙන අරමුදල් තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයකට යෙදවීම මහජන මුදල් අවභාවිතා කිරීමකි. දූෂණයකි. එබැවින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 159 දෙනා ද ජනාධිපතිවරයා ද මෙම දූෂණය නමැති වරද සිදුකර ඇත. එබැවින් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු.
    ඉහත දැක්වූ දේවානන්ද සුරවීර මන්ත්‍රිතුමාගේ ප්‍රකාශය අනුව සෑම මන්ත්‍රිවරයෙකුටම ජාතික ජන බලවේගය විසින් මාසික දීමනාවක් ලබා දුන්නත් කිසිම මන්ත්‍රිවරයෙකු තමන්ගේ ආදායමක් ලෙස එකී දීමනාව සිය වත්කම් ප්‍රකාශනයේ සඳහන් කර නොමැති බව ඔබ කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධ කරන ලද වත්කම් ප්‍රකාශන නිරීක්ෂණය කිරීමෙන් පෙනේ. එබැවින් ජනාධිපතිවරයා ද ජාතික ජන බලවේගයේ සෑම මන්ත්‍රිවරයෙකු ද මෙම දීමනාව පිළිබඳ සඳහන් නොකිරීමෙන් ඔවුන් සියළුම දෙනා දූෂණ විරෝධි පනත යටතේ රුපියල් ලක්ෂ දෙකක දඩයක් සහ වසරක සිර දඬුවමක් ලැබිය හැකි වරදක් කර ඇති බව පෙනේ. එබැවින් ඔවුන්ට එරෙහිව නොපමාව නීතිය ක්‍රියාත්මක කරන මෙන් අපි කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිමු.


    මෙයට
    දේශප්‍රේමිත්වයෙන්
    පිවිතුරු හෙළ උරුමය

    - https://hirunews.lk/422740/gammanpila-files-complaint-against-malaima-to-bribery-commission
     
    • Like
    Reactions: Inigo Montoya

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,444
    4,702
    113
    හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ

    කියලා කියමනක් මන් අහලා තියෙනවා.. ඒක මේකට අදාල නෑ.. නිකං මතක් උනා :D
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,309
    1
    16,211
    113
    ෂෙඩ් එකේ වැඩ කරපු උන්ට බදු සල්ලි වලින් පඩි ගෙවපු උන්ගෙන් පිනට කන උන් කොහෙද දන්නේ පඩියක් ගැන...

    😂
     
    • Haha
    Reactions: redux and fdk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,736
    75,913
    113
    ස්වාධින අධිකරණයෙන් යහපත් ප්‍රතිපලයක් බලා ප‌ොරොත්තු ව‌ෙමු
    අපිටත් ඕකට සල්ලි දාන්න කියයිද දන්නෙ නෑ 🤭 🤭
     
    • Haha
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,309
    1
    16,211
    113
    මෙයට
    දේශප්‍රේමිත්වයෙන්
    පිවිතුරු හෙළ උරුමය


    😂😂😂
    ගුපියන්ට උන වැඩේ 😂😂
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,207
    1
    58,595
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    2024 අප්‍රේල් මස වැටුප් පත්‍රිකාව අනුව එකී දීමනාව සැකසෙන්නේ පහත දැක්වෙන පරිදිය.
    දීමනාව
    රුපියල්
    මාසික දීමනාව
    54,285.00
    සංග්‍රහ දීමනාව
    1,000.00
    දුරකතන දීමනාව
    50,000.00
    කාර්යාල දීමනාව
    100,000.00
    ඉන්ධන දීමනාව
    103,000.00
    ප්‍රවාහන දීමනාව
    15,000.00
    පැමිණීමේ දීමනාව
    15,000.00
    කමිටු සහභාගී දීමනාව
    2,500.00
    එකතුව
    340,785.00
    මේ ලිස්ට් එක පොන්සිටත් අදාලයිනෙ. පොන්සි බිල් දෙන්න ඕන දීමනා ලබාගන්න. අන්තිමට ගම්මන්පිලයත් හිරේ ගිහින් නවතින්නෙ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,841
    29,081
    113
    'දීමනාත් එපා කියලා බලයට ආවේ මේවටද..?''
    මිලියන 215ක් පක්ෂ ගිණුමට දාගත් 159ටම වැඩ වරදින ලකුණු..!

     
    • Like
    Reactions: Inigo Montoya

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,983
    18,132
    113
    අනේ අපරාදේ ඔය සල්ලි වලින් unp එකේ මහා ලේකම් වගේ ෂෙඩ් එකක් දාල වැඩ කරන උන්ට පඩි ගෙවන්න තිබ්බනේ