ගල් අගුරු ටිකක් මදි... ඒනිසා නොරොච්චෝල පොඩ්ඩක් ස්ලෝ කලා - විදුලි ඇමති

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,503
    3,700
    113
    නොරොච්චෝල බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු සංචිත සීමිත වීම හේතුවෙන් එමගින් සිදුකරන විදුලි නිෂ්පාදනය තාවකාලිකව අඩු කර ඇති නමුත්, පද්ධතියට අවශ්‍ය විදුලිය ජල විදුලි බලාගාර මගින් ප්‍රමාණවත් පරිදි උත්පාදනය කරන බැවින් විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.
    බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, පවතින ගල් අඟුරු සංචිත කළමනාකරණය කර ගැනීම සඳහා නොරොච්චෝල බලාගාරයේ ජනන කටයුතු සීමා කිරීමට පියවර ගත් බවයි.
    කෙසේ වෙතත්, ඉදිරි දින කිහිපය තුළ ගල් අඟුරු නෞකා දෙකක් දිවයිනට පැමිණීමට නියමිතව ඇත. ඒ අනුව පළමු නෞකාව හෙට (04) දිනයේත්, දෙවන නෞකාව ලබන 12 වන දිනත් දිවයිනට ළඟා වීමට නියමිතය.
    එම නෞකාවලින් ගල් අඟුරු ගොඩබෑමෙන් අනතුරුව විදුලි උත්පාදන කටයුතු යළි යථා තත්ත්වයට පත් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
    විදුලි සැපයුම සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බවත්, පවතින තත්ත්වය මත විදුලි කප්පාදුවක් සිදු කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය

     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,625
    13,412
    113
    🌎
    කෙසේ වෙතත්, ඉදිරි දින කිහිපය තුළ ගල් අඟුරු නෞකා දෙකක් දිවයිනට පැමිණීමට නියමිතව ඇත. ඒ අනුව පළමු නෞකාව හෙට (04) දිනයේත්, දෙවන නෞකාව ලබන 12 වන දිනත් දිවයිනට ළඟා වීමට නියමිතය.
    එම නෞකාවලින් ගල් අඟුරු ගොඩබෑමෙන් අනතුරුව විදුලි උත්පාදන කටයුතු යළි යථා තත්ත්වයට පත් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
    Happy Canadian GIF by The Weeknd


    ගල් අගුරු බාලයි in other words
    චුට්ටක් මධ්‍යස්ථයි තමයි. හැබැයි බාලයි කියන එක වැරදියි 😡
    ------ Post added on Sep 3, 2026 at 4:17 PM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,175
    15,899
    113
    35
    Spain
    ඕකුන් ගිනි ගණන් වලට ගෙනල්ල ගොඩ ගහගෙන ඉන්න ඩීසල් ටික පුච්චලා දානවා බන්. දැන් දවසට ඩීසල් ලීටර් ලක්ෂ 14ක් පුච්චනවා. මුන්ට ගානක් නැහැ. කලින් සාංගික දේපල වගේ මේවා බලාගන්නවා කියන උන් සාංගික දේපල හොරා කන උන් වෙලා.
     

    Similar threads