පරික්ෂා කරන්න
ඇය ලෝකය වටේ දුන්න ගේම්
එවිට හෙළිවේවි
— චූලා ගැන ඇයගේ මිතුරිය විනෝමා
පූර්ණ පොලිස් පරීක්ෂණයක් ඉල්ලයි
ප්‍රකට ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පිනී සහ රංගන ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර මහත්මියගේ හදිසි අභාවයෙන් පසු, ඇයගේ පෞද්ගලික ජීවිතය, පවතින සෞඛ්‍ය තත්ත්වයන් සහ අතීත සිදුවීම් මුල් කරගනිමින් සමාජ මාධ්‍ය තුළ දැවැන්ත ආන්දෝලනාත්මක සංවාදයක් නිර්මාණය වී තිබේ.
විනෝමා කොලම් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඇය සඳහන් කරන්නේ, චූලා යනු මීමැස්මෝරය වැනි සංකීර්ණ සෞඛ්‍ය තත්ත්වයකින් පෙළුණු තැනැත්තියක බවත්, ඇයට වසර 3 ක් එකදිගට ඖෂධ ලබාගන්නා ලෙස තමන් සහ අශෝකා උපදෙස් දුන් බවත්ය. එමෙන්ම ඇය විවිධ ඇබ්බැහිවීම් , මිත්‍යා විශ්වාස, පස්සේ යමින් සිය ජීවිතය විනාශ කරගත් බවටද, බ්‍රිතාන්‍යයයෙන් ඇයට පැමිණ තිබූ විවාහ යෝජනාවක් සහ ඇගේ දරුවා වන 'ආකේන්' ගේ අනාගතය අතහැර වැරදි මාර්ගයක ගිය බවටද විනෝමා චෝදනා කරයි.
මිට අමතරව විනෝමා කොලම් දැඩි ලෙස අවධාරණය කරන්නේ ශ්‍රී ලංකා පොලීසිය විසින් චූලාගේ බැංකු ගිණුම්, මූල්‍ය ගනුදෙනු සහ ඇය ගමන් කළ ස්ථාන පිළිබඳව වහාම පූර්ණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. ඇය ලෝකය වටා විවිධ මූල්‍ය හා පුද්ගලික වංචාවල නිරත වූ තැනැත්තියක බවත්, බැංකු වාර්තා ඔස්සේ ඇයගේ සැබෑ තත්ත්වය එළිදරව් වනු ඇති බවත් එහිදී ඇය වැඩිදුරටත් චෝදනා කරයි.
මෙම සිදුවීමත් සමඟ, මියගිය චුලාගේ පෞද්ගලික රහස්‍යභාවය, ඇගේ දරුවාගේ අනාගතය මෙන්ම ඇය වටා සිදුවූ බව කියන මූල්‍ය හා සමාජීය අක්‍රමිකතා පිළිබඳව අන්තර්ජාලය පුරා දැඩි මතවාදී ගැටුමක් හටගෙන ඇත.
සෝස්
https://www.facebook.com/share/p/19KjGM2fgE/
Last edited: