‘නවුෆර් මවුලවි’ පාස්කු චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරයි

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,570
    4,052
    113
    Maligawatta
    තමන් ත්‍රස්තවාදය හෝ අන්තවාදය ප්‍රවර්ධනය කරන ආකාරයට ආගමික දේශන නොපැවැත්වූ බවත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය කුමන්ත්‍රණය කළ බවට හෝ සැලසුම් කළ බවට කිසිදු සාක්ෂියක් තමන්ට එරෙහිව ඉදිරිපත් වී නොමැති බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් විසිහතර දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ ප්‍රධාන විත්තිකරු වූ මොහොම්මදු ඉබ්‍රහීම් මොහොම්මදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි ඊයේ(17) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය කුමන්ත්‍රණය කිරීම ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270 ක් එල්ල කරමින් විත්තිකරුවන් විසිහතර දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ ප්‍රධාන විත්තිකරු වූ නව්ෆර් මවුලවී ඊයේ සවස විත්ති කූඩුවේ සිට පැය දෙකකට ආසන්න කාලයක් සිය විත්ති වාචකය ඉදිරිපත් කළේය.

    තමන් අයි.එස් අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ ක්‍රියාකාරකම්වලට විරුද්ධව සමාජ මාධ්‍ය මෙන්ම දේශන තුළින්ද අදහස් දක්වා තිබූ බවත් ඔහු පැවසුවේය.

    නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුවේ විභාගය පැවැත්වේ.

    මෙම නඩුකරයට අදාළ පැමිණිල්ලේ සාක්ෂි ඉදිරිපත්කිරීම් ඉකුත් සතියේ අවසන් කෙරුණු අතර ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ විත්තිවාචක සහ විත්තියේ සාක්ෂි කැඳවීම අද දින සිට ආරම්භ කිරීමට අධිකරණය නියම කර තිබිණි.

    ඒ අනුව මෙම නඩුවේ ප්‍රථම විත්තිකරු වන නවුෆර් මවුවි විත්ති කූඩුවේ සිට සිය විත්තිවාචකය ඉදිරිපත් කරමින්,

    ” ස්වාමීනි…. මෙම නඩුවෙන් මට චෝදනා එල්ල කරලා තිබෙනවා පාස්කු ප්‍රහාරය සිදු කළ සහරාන්, වස්තුන්, ඉන්සාබ්, ඉල්හාම් ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාරකයින් ඇතුළු නවදෙනෙකු සමග තමන් එක්ව ජාතික එකමුතුව බිඳහෙළමින් අන්තවාදය හා ත්‍රස්තවාදය උත්සන්න වන ආකාරයේ ක්‍රියාවන් සිදුකළ බවට. ඒ වගේම තවත් චෝදනාවක් එල්ල කර තිබෙනවා අන්තවාදී හා ත්‍රස්තවාදී දේශන පවත්වමින් ජාතීන් අතර එකමුතුව හා සංහිඳියාව බිඳහෙළමින් තමා කටයුතු කළ බවට. එම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මට එරෙහිව මේ නඩුව තුළින් චෝදනා 940 ක් එල්ල කර තිබෙනවා. මේ සියලු චෝදනා මා ප්‍රතික්ෂේප කරනවා.” යනුවෙන් සඳහන් කළේය.

    වැඩිදුරටත් සිය විත්ති වාචකය ඉදිරිපත් කළ විත්තිකරු” පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ දින සවස කැකුණගොල්ලේ සිට කාත්තන්කුඩියේ පිහිටි තම බිරිඳගේ නිවසට පිටව යමින් සිටි අවස්ථාවේදී දඹුල්ලේදී පොලිසිය විසින් මාව අත්අඩංගුවට ගත්තා. ඉන් පසුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මාව භාරදුන්නා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තුළ මාව වසර එකහමාරක් පමණ රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටියා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ප්‍රකාශ ගණනාවක් සටහන් කරගත්තා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගන්නේ අමුතුම ආකාරයකට. මුලින්ම ප්‍රකාශ සටහන් කර ගන්නවා. පසුව මුද්‍රණය කළ ප්‍රකාශ අඩංගු ලේඛනවලට අත්සන් ලබාගන්නවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී මට පහරදීම් සිදුවුණා. ඒ පිළිබඳව මුලින්ම අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මම ඒ පිළිබඳව පැමිණිලි කළා. මගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සටහන් කරගත් පාපොච්චාරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනියි. එය මා විසින් ස්වේච්ඡාවෙන් කළ පාපොච්චාරණයක් නෙවෙයි. එම පාපොච්චාරණය සඳහන් මුහම්මදු නව්ෆර් යන මගේ නම හැර අන් සියල්ලම අසත්‍ය කරුණු. එම පාපොච්චාරණය සටහන් කරගත් බව කියන විජිත පෙරේරා නමැති නිලධාරියා මා දන්නේවත් නැහැ. අයිඑස් අයිඑස් ත්‍රස්ත සංවිධානයට සහාය පළකරමින් මා මුහුණු පොතේ පළකිරීම සිදු කර තිබූ බව කර තිබූ චෝදනා මා ප්‍රතික්ෂේප කරනවා. මා කිසිදු අවස්ථාවක එම සංවිධානයට සහාය පළකරමින් කටයුතු කළේ නැහැ. මුස්ලිම්වරු ඊට සම්බන්ධ නොවිය යුතු බවට මා මගේ දේශන වලින් සඳහන් කර තිබුණා”යනුවෙන් සඳහන් කළේය.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීමට මුල් වූ බව කියන සහරාන් හෂිම් සමග පැවති සම්බන්ධතා ගැනත් විත්තිකරු අධිකරණය හමුවේ කරුණු දැක්වීම සිදුකළේය.

    ” ස්වාමීනී… 2005 සහ 2006 වසර වල “දූරුල් අදර්” නමැති සංවිධානයේ සහරාන් හෂිම් කටයුතු කළා. පසුව සහරාන් හශීම් එම සංවිධානයෙන් ඉවත් වී ජාතික තව්හීද් ජමාත් සංවිධානය නිර්මාණය කළා. මම එම සංවිධානයට විරුද්ධවයි හිටියේ. පසුව මා කටාර් රාජ්‍යයට පිටත්ව ගියා. කටාර් හී සිටින කාලයේ මම එම සංවිධානයේ ක්‍රියාකාරීත්වය ගැන නිරීක්ෂණය කරමින් සිටියා. සහරාන්ගේ එන්.ටී.ජේ සංවිධානය කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර තිබුණා. ලේ දන්දීම වැනි ප්‍රජා සේවාවන් ඉටුකිරීමේ අරමුණින් තමයි එය ක්‍රියාත්මක වුණේ. 2015 සහ 2016 කාලසීමාවේ මුස්ලිම් ජනතාවට එරෙහිව අන්තවාදී ක්‍රියාකාරකම් මුදාහැර තිබුණා. මුස්ලිම් ජනතාවගේ දේපළවලට ප්‍රහාර එල්ල වුණා. ඉස්ලාමීය දේවස්ථානවලට අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් හානි සිදුවුණා. ශුද්ධ වූ කුරාණයේ පිටපත් ගිනිතැබීම සිදුවුණා. මුස්ලිම් ජාතිකයින්ගේ පරිශ්‍ර වලට ඌරුමස් විසිකිරීම සිදුවුණා. කුලියාපිටිය ප්‍රදේශයේ ඌරෙකුගේ රුව රැගත් පෙළපාලියක් ගමන් කළා. මේ සියල්ල සිදුවුණේ මහා දවල් පොලිසිය සහ ආරක්ෂක අංශවල ඇස් ඉදිරිපිටයි. නමුත් ඒවා වැළැක්වීමට බුද්ධි අංශ හෝ ආරක්ෂක අංශ කිසිම පියවරක් ගත්තේ නෑ. මේ පිළිබඳව මා ගැඹුරු සොයාබැලීමක් සිදු කළා. එහිදී මා තේරුම් ගත්තා මෙය සාමාන්‍ය සිංහල ජනයාගේ ක්‍රියාවක් නෙවෙයි. රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන බෞද්ධ අන්තවාදීන් පිරිසකගේ ක්‍රියාවන් බවට පෙනීගියා. එම ක්‍රියා පිටුපස රාජ්‍ය අනුග්‍රහය සහිත දේශපාලන හස්තයක් තිබෙන බවත් මට තේරුම් ගියා. මේ පිළිබඳව ඉස්ලාමීය මවුලවිවරයකු වශයෙන් මුස්ලිම් ජනතාව දැනුවත් කළ යුතු යැයි මා කල්පනා කළා. ඉස්ලාම් ජනතාව තම ආගමික පිළිවෙත් නිසි පරිදි පිළිනොපැදීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බවත් මා කල්පනා කළා” ඒ අනුව තමන් ජාතික තව්හිත් ජමාත් සංවිධානය සමඟ එක්ව දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකළ බවත් විත්තිකරු ප්‍රකාශ කර සිටියේය.

    වැඩිදුරටත් කරුණු දැක්වූ විත්තිකරු ” 2007 වසරේ සිට 2017 වසර දක්වා කාලසීමාව තුළ සහරාන් හෂීම් සමග මගේ කිසිම සම්බන්ධතාවයක් තිබුණෙ නෑ. නමුත් සහරාන් විවාහ වී සිටින්නේ මගේ ඥාති කාන්තාවක් සමගයි. ඒ අනුව සහරන් මා දැනගත්තා. ඔහුගේ සහෝදරයා රිල්වාන් වත් මා දැනසිටියා. නමුත් පාස්කු ප්‍රහාරයට මගේ කිසිම සම්බන්ධයක් නෑ” යනුවෙන් විත්තිකරු පැවසුවේය.

    වැඩිදුරටත් විත්ති කූඩුවේ සිට සිය ප්‍රකාශය ඉදිරිපත් කළ විත්තිකරු ස්වාමීනි… මෙම නඩුවේදී ‘අනාස්” නමැති පුද්ගලයකු සාක්කි ලබ දුන්නා. ඔහු සඳහන් කර සිටියා නුවරඑළිය සහ හම්බන්තොට පැවති “බයාන්” නමැති ආගමික දේශනවලදී ආයුධ ගෙන සටන් කල යුතු බවද මා විසින් ප්‍රකාශ කළ බවට. “ජිහාද්” පිළිබඳව දේශනා කළ බවට. ස්වාමීනී… ජිහාද් කියන්නේ “අසීරුවෙන් කරන සෑම ක්‍රියාවක්ම” යන්නට යොදන වචනයක්. ඒ යටතේ ආයුධ සන්නද්ධ අරගලයක් කිරීමට අවස්ථා දෙකක් තිබෙනවා. මුස්ලිම් රාජ්‍යයක් පවතින අවස්ථාවක එහි පාලකයාට හැකියාවක් තිබෙනවා වෙනත් ප්‍රදේශයක් ආගමේ නාමයෙන් ආක්‍රමණය කිරීමට සන්නද්ධ අරගලයක් දියත්කිරීමට. දෙවන අවස්ථාව තමයි ආත්මාරක්ෂාව වෙනුවෙන් අවි අරගලයක් කිරීමට හැකියාවක් තිබෙනවා. ඒ ගැන තමයි මම එම දේශනවලදී පුළුල් පැහැදිලි කිරීමක් කළේ. නමුත් මේ සාක්කිකරු එම පුළුල් දේශනයේ “ආයුධ සන්නද්ධ අරගලයක් කළ යුතු බවට” මා විසින් ප්‍රකාශ කළේ යැයි තෝරාගත් කොටසක් පමණක් ඉදිරිපත් කරමින් සාක්ෂි දී තිබෙනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. මා ප්‍රකාශ කළේ එවැනි අදහසක් නෙවෙයි. ඒ පිළිබඳව මගේ නීතිඥවරු හරස් ප්‍රශ්න විමසූ අවස්ථාවේදී අනාස් නමැති සාක්ෂිකරු ඊට පිළිතුරු දීම මඟහැර ගියා. මා විසින් දේශන පැවැත්වූ අවස්ථාවලදී අවි පුහුණුව, අයි.එස්. කොඩිය ප්‍රදර්ශනය කිරීම, අයි.එස්. ප්‍රතිඥාව ලබාදීම (බයියත්), ස්වයං ඝාතක ප්‍රහාරකයින් සහ සාමාන්‍ය ප්‍රහාරකයින් තෝරාගැනීම වැනි ක්‍රියා සිදුවුණේ නෑ” යනුවෙන් වැඩිදුරටත් පැවසුවේය.

    වැඩිදුරටත් අධිකරණය හමුවේ සිය විත්තිවාචකය ඉදිරිපත් කළ විත්තිකරු,

    “ස්වාමීනී …. මා සහරන් හෂීම් ,රිස්වාන් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බ කරුවන් සමග එක්ව පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණය කළ බවට හෝ සැලසුම් කළ බවට කිසිදු සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් වෙලා නැහැ. මා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී මගේ ජංගම දුරකථනයත් පොලිසිය භාරයට ගෙන විමර්ශන සිදුකෙරුණා. එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් වෙලා නෑ. වත්තල ප්‍රදේශයේදී සහරාන් හෂීම් තමන්ට 9mm ගිනි අවියක් ලබාදන් බවට පොලිසිය විසින් ප්‍රකාශ කරලා තිබුණත් ඒ බව තහවුරු කරන කිසිදු සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් කළේ නැහැ. ඒ වගේම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ සහරාන්, රිල්වාන් , ඉන්සාබ්, ඉල්හාම් වැනි මරාගෙන මැරෙන බෝම්බ කරුවන් සමග තමා සම්බන්ධතාවයක් පැවැත්වූ බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමටත් පැමිණිල්ල සමත් වෙලා නැහැ. මේ නඩුවෙන් චෝදනා එල්ල කරලා තිබෙන කාලසීමාවේ ශ්‍රී ලංකාවේ කොහොමත් ජාතික සංවේදියාවක් තිබුණේ නෑ. සංහිඳියාවක් තිබුණේ නැත්නම් මා ඒක උල්ලංඝනය කරන්නේ කොහොමද? ස්වාමීනි. ඒ අනුව මෙම චෝදනාවලින් මා නිදොස් කොට නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා” යනුවෙන් විත්තිකාර නවුෆර් මවුලවි සිය විත්තිවාචකය ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේය.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270 ක් යටතේ විත්තිකරුවන් විසිහතර දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබේ.

    https://www.gossiplankanews.com/2026/08/naufar-maulvi-denies-all-easter-allegations.html
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,949
    2
    2,274
    113
    On a Cloud
    කුලියාපිටිය ප්‍රදේශයේ ඌරෙකුගේ රුව රැගත් පෙළපාලියක් ගමන් කළා.
    මෙහෙම වෙන්න ඇති නේද?

    1787056203555.png
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,570
    4,052
    113
    Maligawatta
    නවුෆර් මවුලවි ඇතුළු 15ක් වැරදිකරුවන්
    විත්තිකරුවන් 24 දෙනාගේ නම් ලැයිස්තුව

    මෙම නම් ලැයිස්තුව නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබූ අයයි. වරදකරුවන් 15 දෙනා සහ නිදහස් වූ 9 දෙනා වෙන්කර හඳුනාගත් සම්පූර්ණ නිල නාම ලැයිස්තුව තීන්දුව ප්‍රකාශයට පත්වූ දිනයේම දන්වා නැත (නවුෆර් මවුලවි වරදකරුවන් අතර බව පමණක් පැහැදිලිව සඳහන් වේ).

    මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නව්ෆර් (නවුෆර් මවුලවි) – වරදකරු
    සුනිල් ප්‍රියන්ත ජයසේකර
    හර්ෂණ ප්‍රදීප් කුමාර
    චමින්ද රුවන් බණ්ඩාර
    නලින් ප්‍රසන්න විජේරත්න
    දිනේෂ් මධුසංක පෙරේරා
    රොෂාන් සමීර සිල්වා
    අජිත් කුමාර දිසානායක
    සජිත් මධුරංග ප්‍රනාන්දු
    ලලිත් රංජිත් ගුණසේකර
    හර්ෂ නිලන්ත සමරසිංහ
    රවීන්ද්‍ර සුදර්ශන කරුණාරත්න
    ඉෂාන් මධුෂාන් ජයවර්ධන
    රංජිත් ප්‍රදීප් බණ්ඩාර
    අනුර හේමන්ත අබේසේකර
    ප්‍රදීප් චාමර වික්‍රමසිංහ
    රසික රොෂාන් හුසේන්
    කුමාරසිංහ ජයන්ත
    සෙනුර මධුෂාන් ජයසූරිය
    දිනුක ප්‍රභාත් රත්නායක
    මීරා සහීරා නවෝද්‍යා
    අමිල ප්‍රදීප් අයන්ත
    මොහාන් දීපික හේරත්
    අක්‍රම් රොෂාන් පෙරේරා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,206
    18,021
    113
    35
    Spain
    විත්තිකරුවන් 24 දෙනාගේ නම් ලැයිස්තුව

    මෙම නම් ලැයිස්තුව නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබූ අයයි. වරදකරුවන් 15 දෙනා සහ නිදහස් වූ 9 දෙනා වෙන්කර හඳුනාගත් සම්පූර්ණ නිල නාම ලැයිස්තුව තීන්දුව ප්‍රකාශයට පත්වූ දිනයේම දන්වා නැත (නවුෆර් මවුලවි වරදකරුවන් අතර බව පමණක් පැහැදිලිව සඳහන් වේ).

    මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නව්ෆර් (නවුෆර් මවුලවි) – වරදකරු
    සුනිල් ප්‍රියන්ත ජයසේකර
    හර්ෂණ ප්‍රදීප් කුමාර
    චමින්ද රුවන් බණ්ඩාර
    නලින් ප්‍රසන්න විජේරත්න
    දිනේෂ් මධුසංක පෙරේරා
    රොෂාන් සමීර සිල්වා
    අජිත් කුමාර දිසානායක
    සජිත් මධුරංග ප්‍රනාන්දු
    ලලිත් රංජිත් ගුණසේකර
    හර්ෂ නිලන්ත සමරසිංහ
    රවීන්ද්‍ර සුදර්ශන කරුණාරත්න
    ඉෂාන් මධුෂාන් ජයවර්ධන
    රංජිත් ප්‍රදීප් බණ්ඩාර
    අනුර හේමන්ත අබේසේකර
    ප්‍රදීප් චාමර වික්‍රමසිංහ
    රසික රොෂාන් හුසේන්
    කුමාරසිංහ ජයන්ත
    සෙනුර මධුෂාන් ජයසූරිය
    දිනුක ප්‍රභාත් රත්නායක
    මීරා සහීරා නවෝද්‍යා
    අමිල ප්‍රදීප් අයන්ත
    මොහාන් දීපික හේරත්
    අක්‍රම් රොෂාන් පෙරේරා

    නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනා කවුද?​

    2019 වසරේ පාස්කු ඉරිදා දින සහරාන් හෂීම් ප්‍රමුඛ අන්තවාදීන් පිරිසක් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 23,270ක් යටතේ නීතිපතිවරයා විසින් 2021 ඔක්තෝබර් මස 4 වන දා නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව අධිචෝදනා භාර දෙනු ලැබුවා.
    ඉන් යාසින් බාවා අබ්දුල් රාවුෆ් නමැත්තා නඩු විභාගය අතරතුර 2023 වසරේදී මියගොස් තිබුණා.
    සෙසු විත්තිකරුවන් කවුද?
    1. මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි:
    2. මොහොම්මදු සරිබූ ආදම් ලෙබ්බේ (අබූ හදීක් හෙවත් ගෆූර් මාමා)
    3. හයාතු මොහොමදු මිල්හාන් (අබු සිලා)
    4. මොහොමදු ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා (අබු උමර්)
    5. මොහොමඩ් ඊබ්‍රහිම් ෂාහීඩ් අබ්දුල් හක් (අබූ ෆලා)
    6. මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් (අබු තාරික්)
    7. මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනස්දීන් (අබූ මිසාන්)
    8. අබ්දුල් මනාෆ් මොහොමඩ් ෆිර්දවුස්
    9. මොහොමඩ් රමිෂ් මොහොමඩ් සජීඩ් හෙවත් සජීඩ් මවුලවි (අබු නජා)
    10. අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි (සාෆි මවුලවි/අබු ෆුර්කාන්)
    11. හුසේනූල් රිස්වි කාලිද් සමීර්
    12. මොහොමඩ් සවාහීර් මොහොමඩ් හසන් (අබු දාවුද්)
    13. මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ් (අබූ මොහොමඩ්)
    14. රෂීඩ් මොහොමඩ් ඊබ්‍රාහිම්
    15. මොහොමදු හනීෆා සෙයිනූල් ආබ්දීන් (අබු හිනා)
    16. මොහොමඩ් මුස්තාපා මොහොමඩ් හාරිස් (අබු නාන් සීයාර්)
    17. රසික් රාසා හුසේන්
    18. කච්චි මොහොමඩ් ජෙස්මින්
    19. සෙයිනූල් ආබ්දීන් මොහොමඩ් ජසීන්
    20. මොහොමඩ් මුස්තාපා මොහොමඩ් රිස්වාන්
    21. මීරා සහීඩ් මොහමඩ් නෆ්ලි (අබු සනා)
    22. මොහොමඩ් අමීන් අයන්තුල්ලා
    23. මොහොමඩ් අන්සාර්දීන් හිල්මි
    24. මොහොමඩ් අක්‍රම් අහක්කම්
     
    • Like
    Reactions: win7dot