🎵 සංගීත ක්ෂේත්‍රයේ ප්‍රධාන Performing Rights Organizations (PROs)

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,683
    7,053
    113
    United States
    මේ දවස් වල මේ ගැන කතා වෙන නිසා දන්න හිතුනා

    Performing Rights Organizations (PROs)
    නැතහොත් Collective Management Organizations (CMOs) යනු සංගීත නිර්මාණකරුවන් (ගීත රචකයින්, සංගීතඥයින් සහ ප්‍රකාශකයින්) සහ එම සංගීතය ප්‍රසිද්ධියේ භාවිත කරන පාර්ශ්වයන් (ගුවන්විදුලි, රූපවාහිනී, Streaming Platform , උත්සව සහ ව්‍යාපාරික ස්ථාන) අතර මැදිහත්කරුවන් ලෙස කටයුතු කරන ආයතන වේ. ඔවුන් ප්‍රසිද්ධියේ සංගීතය වාදනය කිරීම වෙනුවෙන් Performance Royalties ගාස්තු එකතු කර නිර්මාණකරුවන්ට ලබා දෙයි.

    Untitled-design-12.png

    🌍 ලොව ප්‍රධානතම PRO ආයතන​

    1. BMI (Broadcast Music, Inc.)​

    • කලාපය: ඇමරිකා එක්සත් ජනපදය
    • ආරම්භය: 1939
    • විස්තරය: ASCAP සඳහා නොමිලේ සම්බන්ධ විය හැකි විකල්පයක් ලෙස ආරම්භ වූවකි. බ්ලූස්, කන්ට්‍රි සහ ජෑස් වැනි නැගී එන සංගීත ශානරයන්ට වැඩි ඉඩක් ලබා දුන් BMI, අද වන විට සාමාජිකයින් මිලියන 1.4 කට අධික සංඛ්‍යාවක් සහ මිලියන 22 කට වැඩි සංගීත නිර්මාණ ප්‍රමාණයක් නියෝජනය කරයි.

    2. ASCAP (American Society of Composers, Authors and Publishers)​

    • කලාපය: ඇමරිකා එක්සත් ජනපදය
    • ආරම්භය: 1914
    • විස්තරය: ඇමරිකාවේ පැරණිතම PRO ආයතනය වන අතර එය සාමාජිකයින්ගේ අයිතිය යටතේ ක්‍රියාත්මක වන ලාභ නොලබන ආයතනයකි. ASCAP විසින් ලොව පුරා ප්‍රකට සංගීතඥයින් ඇතුළු මිලියනයකට අධික සාමාජිකයින් පිරිසක් නියෝජනය කරනු ලබයි.

    3. SESAC (Society of European Stage Authors and Composers)​

    • කලාපය: ඇමරිකා එක්සත් ජනපදය (ආරම්භය යුරෝපයේ)
    • ආරම්භය: 1930
    • විස්තරය: BMI සහ ASCAP මෙන් නොව, SESAC යනු ලාභ ලබන (For-profit) ආයතනයක් වන අතර එයට සම්බන්ධ විය හැක්කේ ඇරයුමකින් පමණි (Invitation-only). සීමිත ප්‍රබල නිර්මාණකරුවන් පිරිසක් පමණක් නියෝජනය කරන බැවින් ඔවුන්ට වැඩි අවධානයක් සහ වේගවත් ලෙස ගෙවීම් ලබා දීමට SESAC සමත් වේ.

    4. PRS for Music (Performing Right Society)​

    • කලාපය: එක්සත් රාජධානිය (UK)
    • ආරම්භය: 1914
    • විස්තරය: බ්‍රිතාන්‍යයේ ප්‍රධානතම PRO ආයතනයයි. සජීවී ප්‍රසංග, රූපවාහිනී, ගුවන්විදුලි සහ ඩිජිටල් ස්ට්‍රීමිං හරහා එකතු වන රාජකීය ගාස්තු නියෝජනය කරන අතර, ඔවුන් MCPS ආයතනය සමඟ එක්ව PRS for Music ලෙස කටයුතු කරයි.

    5. APRA AMCOS (Australasian Performing Right Association)​

    • කලාපය: ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය (සහ පැසිෆික් දූපත්)
    • ආරම්භය: 1926
    • විස්තරය: ඕස්ට්‍රේලියානු කලාපයේ performance rights කළමනාකරණය කරයි. mechanical rights සම්බන්ධයෙන් කටයුතු කරන AMCOS ආයතනය සමඟ එක්ව එකම ව්‍යුහයක් යටතේ මෙහෙයුම් සිදු කරයි.

    6. KOMCA (Korea Music Copyright Association)​

    • කලාපය: දකුණු කොරියාව
    • ආරම්භය: 1964
    • විස්තරය: දකුණු කොරියාවේ ප්‍රධානතම ප්‍රකාශන හිමිකම් එකතු කිරීමේ ආයතනයයි. K-pop සංගීතයේ ගෝලීය වර්ධනයත් සමඟ KOMCA ආයතනය කොරියානු සංගීත නිර්මාණකරුවන්ගේ හිමිකම් ලොව පුරා ආරක්ෂා කරයි.

    7. SACM (Sociedad de Autores y Compositores de México)​

    • කලාපය: මෙක්සිකෝව
    • ආරම්භය: 1945
    • විස්තරය: මෙක්සිකානු සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීතඥයින්ගේ හිමිකම් ආරක්ෂා කිරීම සඳහා පිහිටුවා ඇත. ලතින් ඇමරිකාව පුරා සහ ජාත්‍යන්තරව ගුවන්විදුලි, රූපවාහිනී සහ ඩිජිටල් මාධ්‍ය මගින් එකතු වන ගාස්තු පාලනය කරයි.

    8. SGAE (SIGAE ලෙසද සඳහන් වේ) (Sociedad General de Autores y Editores)​

    • කලාපය: ස්පාඤ්ඤය
    • ආරම්භය: 1899
    • විස්තරය: ස්පාඤ්ඤයේ ප්‍රධානතම හිමිකම් සංගමය වන අතර, සංගීතයට අමතරව දෘශ්‍ය-ශ්‍රව්‍ය (Audiovisual) සහ නාට්‍යමය නිර්මාණවල බුද්ධිමය දේපළ අයිතියද කළමනාකරණය කරයි.

    ​

    Core Comparison Matrix​

    PROCountry / RegionMembership TypeKey Characteristics
    BMIUnited StatesOpen (Free)Non-profit; huge US catalog
    ASCAPUnited StatesOpen (One-time fee)Non-profit; member-owned
    SESACUnited StatesInvitation-OnlyFor-profit; curated membership
    PRSUnited KingdomOpenPrimary UK collective management
    APRAAustralia / New ZealandOpenCovers the Australasian region
    KOMCASouth KoreaOpen / TieredDominant CMO for K-Pop
    SACMMexicoOpenLeading Mexican music copyright body
    SGAESpainOpenCovers music, theater, and audiovisual rights

    💡 මොවුන් එකිනෙකා අතර සම්බන්ධ වන්නේ කෙසේද?​

    සංගීත නිර්මාණකරුවෙකු තමන් වෙසෙන රට හෝ කැමැත්ත අනුව එක් ප්‍රධාන PRO ආයතනයක ලියාපදිංචි වේ. ඉන්පසු CISAC වැනි ගෝලීය සංවිධාන හරහා ඇති කරගන්නා පරස්පර ගිවිසුම් (Reciprocal Agreements) මගින්, යම් නිර්මාණකරුවෙකුගේ ගීතයක් වෙනත් රටක වාදනය වන විට, එම රටේ PRO ආයතනය විසින් මුදල් එකතු කර නිර්මාණකරුගේ Main PRO ආයතනය වෙත යොමු කරනු ලබයි.

    මන් work කරන්නෙට් World Top PRO Distribution Management company එහෙක onma country ehka TV shows , Movies , Sports Programs , documentary , Music shows okkoma apita enw ehmai meka wennaCompany එකේ නම නම් කියන්නෙ නැ Expose wenna Puluwan වෙන නිසා , :yes:
     
    Last edited:

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,060
    585

    මන් work කරන්නෙට් World Top PRO Distribution Management company එහෙක onma country ehma TV shows , Movies , Sports Programs , documentary , Music shows okkoma apita enw ehmai meka wennaCompany එකේ නම නම් කියන්නෙ නැ Expose wenna Puluwan වෙන නිසා , :yes:
    මේ පිළිබඳව මට තියෙන ලොකුම ප්‍රශ්නය...

    මේ ගීතය - රචනය හෝ සංගීතය බුද්ධිමය දේපලක් කියනවනේ... එහෙම නම් තවත් බුද්ධිමය දේපලක් තමයි භාන්ඩ නිෂ්පාදනය. ඒවට ගන්නවා නේද පේටන්ට් එක. ගීත සම්බන්ධ කාරණයට එහෙම එකක් නැද්ද?

    අනිත් ප්‍රශ්නගත කාරණය තමයි මම එනවා ඔයාට කියල සින්දුවක් කරගන්න... මේ කියන හැටියට ඔයා තමයි ඔයාගේ බුද්ධිය මෙහෙයවලා ගීත රචනය කරන්නේ.

    ඔයා මට නිකක් කරලා දෙන්නේ නෑනේ.. මම ගෙවීමක් කරනව ඔයාට.

    මම ඔයාට ගෙවල ්වැඩේ කරගත්තට පස්සේ මම ඒ ගීතය ගායනා කරල හම්බ කරන වාරයක් ගානේ කතෘභාග ගෙවන්න ඕනේ ඇයි?
    මම මුලින් ගෙවලනේ තියෙන්නේ? මම සෑම අවස්ථාවකම කතෘභාග ගෙවනවා නම් ඇයි සින්දුවක් කරගන්න ආවාම ඔයාට ගෙව්වේ? මොන පදනම යටතේද?

    අනික තම්යි මහල තිබ්බ කෝට් ගොඩකින් මට ගැලපෙන කෝට් එක තෝරගෙන අරන් යනවාරයක් ගානේ කුලිය ගෙවනවා වගේ මම ඇවිත් ඔයාට අයිතියි කියන ඔයා රචනා කරපු සින්දු කලෙක්ශන් එකකින් මම මට ගැලපෙන සින්දුවක් අරගෙන යනවා නම් කියන වාරයක් ගානේ කතෲභාග ගෙවන එක හරි.
    නමුත් මුලින් ගෙවලා නම් ඇයි මම සැරින් සැරේ ගෙවන්නේ? ගීතය මට වෙනුවෙන්(on my request) හදවා ගත්තනම් ඇයි මට අයිති නෑ කියන්නේ..

    දැවෙන ප්‍රශ්න
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,371
    523
    113
    In my studio

    මේක තියෙන්නේ ඇත්තටම author සහ composerව protect කරන්න.

    උදාහරණයක් විදිහට, උඹ music producer කෙනෙක් ගාවට ගිහින් සින්දුවක් හදන්න ඕනේ කියලා කියනවා කියමු. Producer සින්දුව හදලා දෙන එකට රු. 15,000ක් ගත්තා කියමු.

    ඊට පස්සේ ඒ සින්දුව social media වල viral වෙනවා. සින්දුව කියන artistට streaming revenue ලැබෙනවා, shows වලින් සල්ලි ලැබෙනවා, මිනිස්සුන්ගෙන් recognition ලැබෙනවා, media coverage ලැබෙනවා, ප්‍රසිද්ධිය ලැබෙනවා. මේ හැම benefit එකක්ම ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ artistට.

    ඒත් හිතපන්, උඹ මිලියන ගණනක් හම්බ කරනවා. ඒ සින්දුව ආයෙ ආයෙ remake කරලා, perform කරලා, ඒකෙන් දිගටම සල්ලි හොයනවා. ඒත් ඒ සින්දුව නිර්මාණය කරලා දුන්න music producerව හෝ lyricistව උඹ සත පහකටවත් ගණන් ගන්නේ නැහැ. උඹ ප්‍රසිද්ධ වෙලා, ලොකු ego එකකින් ඉන්නවා.

    අන්න ඒ වගේ තත්ත්වයකදී author සහ composerව protect කරන්න තමයි මේ වගේ system එකක් අවශ්‍ය වෙන්නේ.

    රු. 15,000ක් වගේ මුදලක් දීලා සින්දුවක් හදාගත්ත පමණින්, ඒ නිර්මාණය හදපු මනුස්සයාට අනාගතයේ ලැබිය යුතු සියලුම ආදායම් සහ අයිතිවාසිකම් අහිමි වෙන එක සාධාරණ නැහැ.

    අද ලංකාවේ වෙලා තියෙන ප්‍රශ්නයත් මේකයි.

    බොහෝ වෙලාවට සින්දුව හදන වෙලාවේ author, composer, producer, artist අතර කිසිම proper agreement එකක් කරගන්නේ නැහැ. මොකද agreement එකක් ගැන මුලින්ම කතා කළොත්, rights දෙන්න වෙන නිසා producer හෝ composer කෙනා ලොකු මුදලක් ඉල්ලයි කියලා artistලා හිතනවා. ඒ නිසා agreement නැතුවම සින්දු හදනවා.

    ඒත් සින්දුව hit වුණාට පස්සේ තමයි ප්‍රශ්නය එන්නේ.

    Artistට streaming වලින් ආදායම් ලැබෙනවා, shows වලින් ආදායම් ලැබෙනවා, sponsorships ලැබෙනවා, media exposure ලැබෙනවා, popularity එක වැඩි වෙනවා. නමුත් සින්දුවේ lyrics ලියපු කෙනාට හෝ music/composition එක කරපු කෙනාට කිසිම royalty එකක් හෝ සාධාරණ කොටසක් නොලැබෙන අවස්ථා තියෙනවා.

    ඒ නිසා මේ වගේ copyright/royalty protection system එකක අරමුණ artistව අසරණ කරන එකවත්, ඔහුගේ ආදායම අසාධාරණ ලෙස අඩු කරන එකවත් නෙවෙයි.

    සින්දුවෙන් ආදායම සහ වටිනාකම නිර්මාණය කරන සියලුම creators — author, composer සහ අනෙකුත් rights holders — ඔවුන්ගේ contribution එකට අනුව හඳුනාගෙන, ඔවුන්ට හිමි අයිතිවාසිකම් සහ royalty සාධාරණව ලබාදීම තමයි වැදගත්.

    මුලින්ම agreement එකක් තිබුණා නම් මේ ප්‍රශ්න බොහොමයක් ඇති වෙන්නේ නැහැ. කවුද author, කවුද composer, කවුද producer, master එකේ අයිතිය කාටද, publishing rights කාටද, royalties කොහොම බෙදෙනවාද කියලා කලින්ම ලිඛිතව පැහැදිලි කරගන්න පුළුවන්.

    ඒක artistටත් ආරක්ෂාවක්. Creatorලාටත් ආරක්ෂාවක්.

    ප්‍රශ්නය තියෙන්නේ කෙනෙක්ගෙන් සින්දුවක් හදාගත්තට පස්සේ, ඒ සින්දුව සාර්ථක වුණාම ඒ සාර්ථකත්වය නිර්මාණය කරන්න දායක වුණු අනෙක් අය අමතක කිරීමයි.
     
    • Love
    Reactions: waca

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,847
    2,364
    113
    Nugegoda

    හරියට හරි. ඉස්සර නං සින්දු ලිව්වෙ කට වචනෙට. ප්‍රේමකීර්ති වගේ අය සමහර සින්දු ලිව්වෙ සිගරට් පැකට් එකේ අනිත් පැත්තෙ. එතකොට සමාජය එච්චර වාණිජකරණය වෙලා නෑ. අන්තිමට ගායකය කෝටිපතියො වෙද්දි ගීතය නිර්මාණය කරන්න නිර්මාණාත්මක දායකත්වය දුන්න අයට හුලං.
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,060
    585
    113
    උදාහරණයක් විදිහට, උඹ music producer කෙනෙක් ගාවට ගිහින් සින්දුවක් හදන්න ඕනේ කියලා කියනවා කියමු. Producer සින්දුව හදලා දෙන එකට රු. 15,000ක් ගත්තා කියමු.

    ඊට පස්සේ ඒ සින්දුව social media වල viral වෙනවා. සින්දුව කියන artistට streaming revenue ලැබෙනවා, shows වලින් සල්ලි ලැබෙනවා, මිනිස්සුන්ගෙන් recognition ලැබෙනවා, media coverage ලැබෙනවා, ප්‍රසිද්ධිය ලැබෙනවා. මේ හැම benefit එකක්ම ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ artistට.

    ඒත් හිතපන්, උඹ මිලියන ගණනක් හම්බ කරනවා. ඒ සින්දුව ආයෙ ආයෙ remake කරලා, perform කරලා, ඒකෙන් දිගටම සල්ලි හොයනවා. ඒත් ඒ සින්දුව නිර්මාණය කරලා දුන්න music producerව හෝ lyricistව උඹ සත පහකටවත් ගණන් ගන්නේ නැහැ. උඹ ප්‍රසිද්ධ වෙලා, ලොකු ego එකකින් ඉන්නවා.
    මම අහපු ප්‍රශ්නෙට තාම ඔයත් හරි උත්තරයක් දුන්නේ නෑ..
    ඔයත් මම කියපු ගැටලු සහගත දේම නැවත කියල තියෙනව...

    Producer සින්දුව හදලා දෙන එකට රු. 15,000ක් ගත්තා කියමු.
    වැඩේ කරනවට ගාන දීල තියෙනව... රෝහණ වීරසිංහ කියනව වගේ ගායකයාගේ කටහඬ, පෙනුම, ශෛලිය, ඇඳුම පැලඳුම වගේ දේවල් දේවලුත් සලකලා වැඩේ කරපු එක බුද්ධිය මෙහෙයවීමට අදාල වෙන්න පුලුවන්. ඒ සඳහා ගෙවපු ගාන ඒ වෙලාවේ මාකට් එකේ හැටියට හොඳයි....
    ඊට පස්සේ ඒ සින්දුව social media වල viral වෙනවා. සින්දුව කියන artistට streaming revenue ලැබෙනවා, shows වලින් සල්ලි ලැබෙනවා, මිනිස්සුන්ගෙන් recognition ලැබෙනවා, media coverage ලැබෙනවා, ප්‍රසිද්ධිය ලැබෙනවා. මේ හැම benefit එකක්ම ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ artistට.
    ඔව්... ඒක නිකන් ලැබෙන්නේ නෑනේ.. එක එක විදියට කියනවා.. ස්ටේජ් පර්ෆොර්ම් කරනවා.. ඒකට ගැලපෙන්න අඳිනවා.. කට්ටියක් එක්ක එකතු වෙලා සෝශල් මීඩියාවල කැම්පේන් කරනවා.. සමහර විට මෙටා, යූටියුබ් සමාගම්වලට ගෙවනවා... රෙකොර්ඩිංවලටත් ගෙවනවා... සමහර වෙලාවන්වලට ප්‍රසංග සංවිධායකවරුන්ට, මාධ්‍ය ආයතනවලට / සමහර නිලධාරින්ට ගෙවනවා...

    ගීතය ලියූ පමනින් වෛරල් වෙන්නේ නෑ... කීවාරයක් ඒ ගීය ගයනව ද.. වගේ දේවල් ගොඩක් තියෙනවා අපිට නොපෙනෙන

    ප්‍රසිද්ධ වෙලා, ලොකු ego එකකින් ඉන්නවා
    ඒක අදාල නෑනේ.. ඒවා නම් රෝහන වීරසිංහ, නන්දා මාලිනී කේමදාස වගේම තව නලුනිලියන් අතරෙත් තිබ්බ... ඔයාල අපි රස්සාව කරන තැන වෘත්තිකයොත් ඉන්නවා...

    රු. 15,000ක් වගේ මුදලක් දීලා සින්දුවක් හදාගත්ත පමණින්, ඒ නිර්මාණය හදපු මනුස්සයාට අනාගතයේ ලැබිය යුතු සියලුම ආදායම් සහ අයිතිවාසිකම් අහිමි වෙන එක සාධාරණ නැහැ.

    මෙන්න මේක තමයි ලොකුම අවුල... එදා මාර්කට් එකේ හැටියට වැඩක් කරගත්තා කියල එදා ගෙවපු ගාස්තුව එතනින් ඉවර කරන්නේ නැතුව, අනාගතයේ හම්බ කිරීම් ගැන හිතල කතා කරන එක පට්ටම කුහකයි.. වැරදියි, අසාධාරණයි...

    රියැලිටි තරුවක් වේදිකාවේ අනුන්ගේ ගීතයක් කියල හම්බ කරන්වා නම් අන්න ඒකට කතෘභාග ගෙවන්න ඕනේ.. මොකද එයා තමයි ඒ සමස්ත ගීත නිර්මාණයට කිසිදු දායකතවයක් නොකර ආදායම උපයන කෙනා... එතකොට එයා තමයි මහපු කෝට් ගොඩකින් තමුන්ට ගැලපෙන කෝට් එකක් අරගෙන ආදායමක් උපයන කෙනා... කෝට් එකේ කුලිය ගෙව්වා වගේ, ගීතයේ කුලිය ගෙවනවා(Royalty Fee, Rent)...
    අපි හැමෝම කොච්චර ආදායම් ලබනවද නිෂ්පාදනයක් මිලදී ගෙන ඒක පාවිච්චි කරල මුදල් උපයලා...නිෂ්පාදකයාට වඩා..

    • අපි මෙලෝ මගුලක් දන්නේ නෑ.. ආකිටෙක් කෙනෙක් ලඟට ගිහින් ලස්සන ගෙයක් වාස්තු විද්‍යාව, ගෘහ නිර්මාණශිල්පය, ලස්සන, ඉංජිනේරු විද්‍යාව ඔක්කොම දේවල් සලකලා.. ඊට පස්සේ ඒක කුලියට දීල හරි ෆොටෝ ලොකේශන්වලට දීලා හරි ලොකු මුදලක් අය කරනවා.. ආකිටෙක්ට දුන්නට වඩා ලොකු මුදල උපයනවා අවුරුද්දකදී... එතකොට අපි ආකිටෙක් ගේ බුද්ධිය නෙවෙයි ද භාවිතා කරේ ? නමුත් අපි ඒ දේට ගෙවලා ඉවරයි.. අනාගතයේ අපි කොහොම බුක්ති විඳිනවද කියල අදාල නෑ.

    • මගේ රික්වයමන්ට් දීලා මම සොෆ්ට්වෙයා එකක් හදාගන්නවා සල්ලි දීලා.. සොෆ්ට්වෙයා කොම්පැනියේ ඉංජිනේරුවන්ගේ බුද්ධිය නෙවෙයි ද? නමුත් අපි එයට ගෙව්ව.. ඔවුන් ඒක දුන්න ඉවරයි...

    • මයික්‍රොසොෆ්ට් ඔෆිස් 365 කියන්නේ ඔවුන්ගේ ප්‍රොඩක්ට් එකක්.. සල්ලි දීලා ගන්නවා නම් එහෙමයි.. නැතතන් ඒ වෙලාවට භාවිතා කරනවා නම් මාසිකව කුලිය ගෙවන්න පුලුවන්... එතනදී ඔෆිස් 365 වෙනුවෙන් කුලිය/රෝයල්ටි එක මාසිකව ගෙව්වා, ඒත් අපි ඒක භාවිතා කරල උපයන ප්‍රමානය අනුව නම් නෙවෙයි.
    ==========================================
    ==========================================​

    මටනම් තේරුනේ කතෘභාගය වවගෙන කනව මේ බිස්නස් මයින්ඩ් සෙට් එකක් බැහැල අරු උපයනව මට හුලං කියන කුහක ලෙවල් එකෙන්.

    කතෘභාග කියන එක කලින් කියවුනේ ගායකයා සහ ප්‍රසංග වේදිකාව කියන එකට වඩා ගුවන්විදුලි සහ රූපවාහිනී මාධ්‍යවල ප්‍රචාරයෙන්.. දවසටම වගේ වෙලඳ දැන්වීම්වලින් ආදායම් ලබන මේ ව්‍යාපාරය ගීතය භාවිතා කරනව .. ඒ වෙනුවෙන් තමයි ඒ දවස්වල ඕක කතා බහට ලක් වුනේ... ඒකත් ගුවන්විදුලි පමණයි.. සිරස, ගුවන්විදුලි සංස්ථාව ගෙවන කතාවක් ඒ දවස්වල කියවුනා..

    ඒකෙදිත් රචකයා තනු නිර්මාපකයා ගැන කතාවුන බවක් මතක නෑ... ගායකයා ගැන තමයි කියවුනේ.. සමහරවිට ගායකයාගේ වගකීම අනිත් දෙන්නට අදාල කොටස පියවීම වෙන්න ඇති.
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,060
    585
    113
    මේ ප්‍රශ්න උඩු දුවන්න ගත්තේ යූටියුබ්වලට ගීත දාල ඉන්කම් එන්න ගත්තට පස්සේ...

    ගායකයාට ගීතය දාගන්න බැරි උනා.. වෙන වෙන සමාගම්වලින් ගීතය දාන්න ගත්තා රචකයා අයිතිය එයාගේ කියල සමගම්වලට විකුනලා.. ඔතනදී මතගැටුම් නිර්මාණය වෙන්න ගත්තා.. ඊට පස්සේ ගීතය මගේ.. මට ඕන කෙනාට කියන්න දෙනවා වගේ වැඩක් උනා වගේ කතාවක් තිබ්බා... මතක විදියට දීපිකා කියපු සින්දුවක් උමාර හරි උමාරියා හරි ලවා කියවල පස්සේ ලොකු අර්බුදයක් වෙලා තිබ්බා.. මම සිද්ධිය හරියටම දන්නේ නෑ.. දන්න කෙනෙක් ඒක විස්තර කරන්න...

    මෙහෙම ප්‍රශ්න ඇවිත් තමයි රෝයල්ටි කතාව අන්තිමට කුහකකම්, පටලැවිලි, අර්බුද එකී මෙකී නොකී ලොකු ප්‍රශ්නයක් වුනේ.. අන්තිමට වෙඩින්, ශොපින් මොලෙ ඔෆිස් වල සවුන් සිස්ටම්වල ඇහෙන්න දාලතියෙන එකටත් ගෙවන තැනට පත්වුනාඅ..

    හරියට බැලුවොත් ඔය කියන රෝයල්ටි කතාව ගෙවන්න ඕනේ යූටියුබ්, ගුවන්විදුලි රූපවාහ්නි මාධ්‍ය වගේම ඔරිජිනල් ගායකයා නොවන වෙනත් ගායකයො කියන අවස්ථාවලදී නේද?

    අනික තමයි ඒක ගායකයාගේ මුදලින් ගෙවන්නේ නැතුව සංවිධායකයාගෙන් අයකරන්නේ ඇයි... වෙඩිං එකක් වුනත් මනමාලයාගෙන් මනමාලිගෙන් අයකරන්නේ ඇයි? බෑන්ඩ් එක විතරක් නම් සින්දු කියන්නේ එයාල ගෙවිය යුතුයි. නැත්තන් ගායකයා

    ------ Post added on Sep 29, 2026 at 9:50 PM
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,371
    523
    113
    In my studio
    මම අහපු ප්‍රශ්නෙට තාම ඔයත් හරි උත්තරයක් දුන්නේ නෑ..
    ඔයත් මම කියපු ගැටලු සහගත දේම නැවත කියල තියෙනව...

    වැඩේ කරනවට ගාන දීල තියෙනව... රෝහණ වීරසිංහ කියනව වගේ ගායකයාගේ කටහඬ, පෙනුම, ශෛලිය, ඇඳුම පැලඳුම වගේ දේවල් දේවලුත් සලකලා වැඩේ කරපු එක බුද්ධිය මෙහෙයවීමට අදාල වෙන්න පුලුවන්. ඒ සඳහා ගෙවපු ගාන ඒ වෙලාවේ මාකට් එකේ හැටියට හොඳයි....

    ඔව්... ඒක නිකන් ලැබෙන්නේ නෑනේ.. එක එක විදියට කියනවා.. ස්ටේජ් පර්ෆොර්ම් කරනවා.. ඒකට ගැලපෙන්න අඳිනවා.. කට්ටියක් එක්ක එකතු වෙලා සෝශල් මීඩියාවල කැම්පේන් කරනවා.. සමහර විට මෙටා, යූටියුබ් සමාගම්වලට ගෙවනවා... රෙකොර්ඩිංවලටත් ගෙවනවා... සමහර වෙලාවන්වලට ප්‍රසංග සංවිධායකවරුන්ට, මාධ්‍ය ආයතනවලට / සමහර නිලධාරින්ට ගෙවනවා...

    ගීතය ලියූ පමනින් වෛරල් වෙන්නේ නෑ... කීවාරයක් ඒ ගීය ගයනව ද.. වගේ දේවල් ගොඩක් තියෙනවා අපිට නොපෙනෙන

    ඒක අදාල නෑනේ.. ඒවා නම් රෝහන වීරසිංහ, නන්දා මාලිනී කේමදාස වගේම තව නලුනිලියන් අතරෙත් තිබ්බ... ඔයාල අපි රස්සාව කරන තැන වෘත්තිකයොත් ඉන්නවා...

    මෙන්න මේක තමයි ලොකුම අවුල... එදා මාර්කට් එකේ හැටියට වැඩක් කරගත්තා කියල එදා ගෙවපු ගාස්තුව එතනින් ඉවර කරන්නේ නැතුව, අනාගතයේ හම්බ කිරීම් ගැන හිතල කතා කරන එක පට්ටම කුහකයි.. වැරදියි, අසාධාරණයි...

    රියැලිටි තරුවක් වේදිකාවේ අනුන්ගේ ගීතයක් කියල හම්බ කරන්වා නම් අන්න ඒකට කතෘභාග ගෙවන්න ඕනේ.. මොකද එයා තමයි ඒ සමස්ත ගීත නිර්මාණයට කිසිදු දායකතවයක් නොකර ආදායම උපයන කෙනා... එතකොට එයා තමයි මහපු කෝට් ගොඩකින් තමුන්ට ගැලපෙන කෝට් එකක් අරගෙන ආදායමක් උපයන කෙනා... කෝට් එකේ කුලිය ගෙව්වා වගේ, ගීතයේ කුලිය ගෙවනවා(Royalty Fee, Rent)...
    අපි හැමෝම කොච්චර ආදායම් ලබනවද නිෂ්පාදනයක් මිලදී ගෙන ඒක පාවිච්චි කරල මුදල් උපයලා...නිෂ්පාදකයාට වඩා..

    • අපි මෙලෝ මගුලක් දන්නේ නෑ.. ආකිටෙක් කෙනෙක් ලඟට ගිහින් ලස්සන ගෙයක් වාස්තු විද්‍යාව, ගෘහ නිර්මාණශිල්පය, ලස්සන, ඉංජිනේරු විද්‍යාව ඔක්කොම දේවල් සලකලා.. ඊට පස්සේ ඒක කුලියට දීල හරි ෆොටෝ ලොකේශන්වලට දීලා හරි ලොකු මුදලක් අය කරනවා.. ආකිටෙක්ට දුන්නට වඩා ලොකු මුදල උපයනවා අවුරුද්දකදී... එතකොට අපි ආකිටෙක් ගේ බුද්ධිය නෙවෙයි ද භාවිතා කරේ ? නමුත් අපි ඒ දේට ගෙවලා ඉවරයි.. අනාගතයේ අපි කොහොම බුක්ති විඳිනවද කියල අදාල නෑ.

    • මගේ රික්වයමන්ට් දීලා මම සොෆ්ට්වෙයා එකක් හදාගන්නවා සල්ලි දීලා.. සොෆ්ට්වෙයා කොම්පැනියේ ඉංජිනේරුවන්ගේ බුද්ධිය නෙවෙයි ද? නමුත් අපි එයට ගෙව්ව.. ඔවුන් ඒක දුන්න ඉවරයි...

    • මයික්‍රොසොෆ්ට් ඔෆිස් 365 කියන්නේ ඔවුන්ගේ ප්‍රොඩක්ට් එකක්.. සල්ලි දීලා ගන්නවා නම් එහෙමයි.. නැතතන් ඒ වෙලාවට භාවිතා කරනවා නම් මාසිකව කුලිය ගෙවන්න පුලුවන්... එතනදී ඔෆිස් 365 වෙනුවෙන් කුලිය/රෝයල්ටි එක මාසිකව ගෙව්වා, ඒත් අපි ඒක භාවිතා කරල උපයන ප්‍රමානය අනුව නම් නෙවෙයි.
    ==========================================
    ==========================================​

    මටනම් තේරුනේ කතෘභාගය වවගෙන කනව මේ බිස්නස් මයින්ඩ් සෙට් එකක් බැහැල අරු උපයනව මට හුලං කියන කුහක ලෙවල් එකෙන්.

    කතෘභාග කියන එක කලින් කියවුනේ ගායකයා සහ ප්‍රසංග වේදිකාව කියන එකට වඩා ගුවන්විදුලි සහ රූපවාහිනී මාධ්‍යවල ප්‍රචාරයෙන්.. දවසටම වගේ වෙලඳ දැන්වීම්වලින් ආදායම් ලබන මේ ව්‍යාපාරය ගීතය භාවිතා කරනව .. ඒ වෙනුවෙන් තමයි ඒ දවස්වල ඕක කතා බහට ලක් වුනේ... ඒකත් ගුවන්විදුලි පමණයි.. සිරස, ගුවන්විදුලි සංස්ථාව ගෙවන කතාවක් ඒ දවස්වල කියවුනා..

    ඒකෙදිත් රචකයා තනු නිර්මාපකයා ගැන කතාවුන බවක් මතක නෑ... ගායකයා ගැන තමයි කියවුනේ.. සමහරවිට ගායකයාගේ වගකීම අනිත් දෙන්නට අදාල කොටස පියවීම වෙන්න ඇති.
    ඔව් උබ හරි. ප්‍රොඩක්ට් එකක් යූස් කරලා උබට හම්බ කරන්න පුළුවන්, හැබැයි උබට ඒකේ ඇතුළේ තියෙන intellectual property එක වෙන කාටවත් ආයේ ආයේ සෙල් කරන්න බෑ. උබේ ගෙදර තියෙන architectural design එකෙන් උබට තව ගෙවල් 10,000ක් හදන්න බෑ. ඒක very rare situation එකක්නෙ. Architect ගේ intellectual property එක misuse වෙන්න තියෙන chance එක අඩු නිසා ලෝකේ එහෙම එකට royalty system එකක් නෑ.

    උබේ 2nd example එක software. Software එකක් උබේ requirement එකට හදාගෙන උබට ඒක යූස් කරලා ඇති තරම් හම්බ කරන්න පුළුවන්. ඒ වගේම ඒකේ තියෙන underlying technology එක යූස් කරලා software developer ට ඒ වගේම software copies දහස් ගණන් විකුණන්න පුළුවන්. එතකොට මේ දෙපැත්තටම fairness එක තියෙනවා. හැබැයි උබට software එකක් තනි අයිතියට අරන් ඒක ආයේ ආයේ sell කරන්න ඕන නම් උබ ලොකු ගණන් ගෙවන්න ඕනේ.

    3rd example එකත් same තමයි. Microsoft Office 365 copies බිලියන ගණන් උන්ට විකුණන්න පුළුවන්. උබට 365 යූස් කරලා ඇති වෙනකන් හම්බ කරන්නත් පුළුවන්. ආයේ දෙපැත්තටම fairness එක balance වෙලා තියෙනවා. උබට හම්බ කරන්නත් පුළුවන්, Microsoft එකට හම්බ කරන්නත් පුළුවන්.

    හැබැයි music වලට එද්දී මේකේ වෙනස්. Author/composer ට බෑ එක song එකක් මිනිස්සු දහස් ගණනකට සෙල් කරන්න. එක artist කෙනෙක්නෙ sing කරන්නේ. එතකොට author/composer ට බෑ වෙනස් විදියේ සිංදු දහස් ගණන් හදලා artists ල දහස් ගණනකට විකුනන්නත්. මේක possible නැනෙ. එතකොට artist ට මේක ආයේ ආයේ යූස් කර කර සල්ලි හම්බ කරන්න පුළුවන් වුණාට author/composer ට බෑ. එතකොට මේ දෙපැත්ත balance නැහැ. එක side එකකට unfair. Author/composer ගේ intellectual property එක ආයෙ ආයෙ use වෙලා, හැමතැනම exploit වෙලා, ඒකට royalty එකක්වත් නොලැබෙන විදිහට...

    අන්න ඒක unfair කියලා ලෝකේම පිළිගන්න හින්දා තමයි ඒක පොඩ්ඩක් හරි balance කරන්න publishing royalty කියලා එකක් ලෝකේ හදලා තියෙන්නේ...

    උඹ කියන “අරු උපයනවා, මට හුලං” කියන කතාව තමයි ඇත්ත කතාව. Author/composer ට මේච්චර කාලයක් තමන්ට ලැබෙන්න ඕනේ royalty එක නොලැබුණා හින්දා තමයි ඒ අයිතිය ඉල්ලන්නේ.

    තමන්ට නීතියෙන් අයිති දෙයක් නොලැබුණාම, ඒක ඉල්ලන එක කුහකකමක් වෙන්නේ නෑ බං. මේ intellectual property කියන concept එක ලෝකෙ අවුරුදු සිය ගාණක් පරණ දෙයක්. ලංකාවෙත් අවුරුදු 40–50කට කලින් ඉඳලා නීතියේ තියෙන දෙයක්.

    ---

    “ගායකයාගේ මුදලින් ගෙවන්නේ නැතුව සංවිධායකයාගෙන් අයකරන්නේ ඇයි?” කියන එකට දෙන්න තියෙන උත්තරේ මේකයි.

    Artist perform කළාට, ඒ performance එකේ තියෙන intellectual property එක use කරන්නේ සංවිධායකයාගේ අවශ්‍යතාවයට. එතකොට artist perform කරනවට artistට ගෙවන මුදල වෙනම දෙයක්. Intellectual property එක use වෙන නිසා ඒකට අදාළ royalty එක සංවිධායකයා, නැත්නම් wedding එක organize කරන කෙනා ගෙවනවා.

    මේකත් නිකන් “artist ආවා, artistට සින්දු කියන්න තියෙනවා, එහෙනම් artistට අදාළ අනිත් හැම පහසුකමක්ම සපයන්න ඕනේ” කියන එක වගේ.

    Mic එකක් ඕනේ, sound system එකක් ඕනේ, stage එකක් ඕනේ. මේවාට කවුද ගෙවන්නේ? Artist තමන්ගේ mic එකයි, sound setup එකයි, stage එකයි උස්සගෙන එන්නේ නෑනේ. ඒක practical නෑ.

    අන්න ඒ same theory එක තමයි මෙතනත් තියෙන්නේ.

    Artistට සින්දුව කියන්න සින්දුවක් ඕනේ. ඒ සින්දුව artistගේ නෙමෙයි බං, වෙන කෙනෙක්ගේ intellectual property එකක්. Artistට royalty ගෙවලා ඒ සින්දුව use කරන්න පුළුවන්. හැබැයි ඒ royalty එක ගෙවලා සින්දුව අරගෙන, ඒකත් එක්ක mic එකයි, sound setup එකයි, stage එකයි උස්සගෙන එන්න බෑනේ.

    ඒ හින්දා practical විදිහට “උඹලා event එක organize කරනවා නම්, අපිට මේ පහසුකම් ටික සපයලා දෙන්න, ඒ වගේම අපි use කරන intellectual property එකට අදාළ royalty එකත් ගෙවන්න” කියන එක තමයි මෙතන වෙන්නේ.

    ඕක තමයි කරලා තියෙන්නේ.
     
    • Like
    Reactions: waca