භාතිය-සන්තුශ් ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිli කෙරේ... [වසර ගනනක් සංගීත උත්සව පවත්වමින් ඒවා නිසි පරිදි ගිණුම්ගත නොකර බදු පැහැර හරී]

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,924
    2
    4,789
    113


    වසර ගණනාවක් පුරා සංගීත ප්‍රසංග පවත්වමින් උපයන ආදායම් නිසි පරිදි ගිණුම්ගත නොකර රජයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක බදු මුදල් පැහැරහැර ඇති බවට චෝදනා කරමින් මෙරට ප්‍රකට ගායක යුගලයක් වන භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් (BnS) යන දෙදෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
    අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර ඇති එම ලිඛිත පැමිණිල්ල මඟින් පෙන්වා දෙන්නේ, මොවුන් දෙදෙනා 'BnS' නාමයෙන් දිවයින පුරා පවත්වනු ලබන එක් සංගීත ප්‍රසංගයක් සඳහා රුපියල් මිලියනයකට ආසන්න හෝ ඊට වැඩි මුදලක් අය කරන බවයි.

    එලෙස ප්‍රසංග සඳහා ලබාගන්නා මුදල් නිල වශයෙන් බැංකු ගිණුම්ගත නොකර අතින් ලබා ගනිමින්, රජයට ලැබිය යුතු විශාල බදු මුදල් පැහැරහරිමින් මොවුන් සිය වෘත්තීය කටයුතුවල නිරත වන බවට පැමිණිලිකරු චෝදනා කර ඇත. මෙම බදු පැහැරහැරීම වසර ගණනාවක සිට අඛණ්ඩව සිදුවන්නක් බවද එහි සඳහන් වේ.

    විශේෂයෙන්ම 2026 ඔක්තෝබර් 01 වන දිනට පෙර මොවුන් දෙදෙනා සහභාගී වූ අවසන් සංගීත ප්‍රසංග 20 හි මුදල් ගිණුම්ගත කිරීම් නිසි පරීක්ෂාවකට ලක් කළහොත් මෙම මහා පරිමාණ බදු පැහැරහැරීම සහ ඒ හරහා රජයට සිදුකර ඇති මූල්‍ය පාඩුව පහසුවෙන්ම හෙළිදරව් කරගත හැකි බව අදාළ ලිපියේ දක්වා තිබේ.

    එබැවින් මේ සම්බන්ධයෙන් වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් ආරම්භ කර, රජයට පාඩු සිදුකිරීමේ චෝදනාව මත අදාළ පුද්ගලයන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසත්, රජයට අහිමි කර ඇති මිලියන ගණනක බදු මුදල් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කරන ලෙසත් එම පැමිණිල්ල මඟින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,250
    21,456
    113
    where is the law
    who is lasanatha ?



    images

    images
     
    • Like
    Reactions: wpril5

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,559
    13,528
    113
    34
    ෆින්ලන්ඩ්
    710755845_999793962413266_3315465491149723489_n.jpg


    May shows waling pattama ganuk earn karanne.

    𝗕𝗔𝗧𝗛𝗜𝗬𝗔 & 𝗦𝗔𝗡𝗧𝗛𝗨𝗦𝗛 𝗔𝗨𝗦𝗧𝗥𝗔𝗟𝗜𝗔 & 𝗡𝗘𝗪 𝗭𝗘𝗔𝗟𝗔𝗡𝗗 𝗧𝗢𝗨𝗥 𝟮𝟬𝟮𝟲
    🇳🇿

    Get ready to experience the magic, the memories, and the music of Bathiya & Santhush live across Australia and New Zealand this September & October 2026.
    📍
    Adelaide – September 11 – හදගැස්ම
    📍
    Perth – September 12 – හදගැස්ම
    📍
    Brisbane – September 13 – හදගැස්ම
    📍
    Christchurch – September 18 – හදගැස්ම
    📍
    Auckland – September 19 – The BNS Show
    📍
    Wellington – September 20 – හදගැස්ම
    📍
    Melbourne – September 26 – The Original BNS Show
    📍
    Sydney – October 2 – හදගැස්ම
    📍
    Sydney – October 3 – හදගැස්ම
    📍
    Canberra – October 4 – හදගැස්ම
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,356
    3,692
    113
    colombo
    ජෙප්පෝ කෙස් මූ එක්ක ඊළඟට ඉරාජ් 😂😂

    ලාල් ට තියෙන පැමිණිලි විමර්ශනය නොකට මේවා බලයි ද.
    ------ Post added on Oct 4, 2026 at 5:40 PM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,693
    1
    16,812
    113
    " අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව "

    ටැක්ස් ෆ්‍රොඩ් කේස් කරනවද? :oo:
    TAX fraud බලන්නෙ FCID or IRD නේද?
     
    • Haha
    Reactions: Nidarshana_k