මහජනතාවට ආර්ථික සහනයක් සැලසීමේ පියවරක් ලෙස ඉදිරි වසර දෙකත් තුනත් අතර කාලය තුළ එකතු කළ අගය මත බද්ද (VAT) ප්‍රමාණය අඩු කිරීමට රජය බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
අද (08) අරලියගහ මන්දිරයේදී නව ග්‍රාම නිලධාරීන් 1,540 දෙනෙකු වෙත පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
වැඩිවන රාජ්‍ය වියදම් කළමනාකරණය කරගනිමින්, ජනතාව මත පටවා ඇති බදු බර ලිහිල් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
"අපගේ අරමුණ ඉදිරි වසර දෙක තුන තුළ එකතු කළ අගය මත බද්ද (VAT) අඩු කර ජනතාවට සහන සැලසීමයි," යනුවෙන් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.
එමෙන්ම අත්‍යවශ්‍ය අධ්‍යාපනික උපකරණ සහ පොත්පත් මත පනවා ඇති බදු ඉවත් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ අතර, දරුවෙකු අධ්‍යාපනය සඳහා පොතක් මිලදී ගැනීමේදී බදු බරක් දැරීමට සිදු නොවිය යුතු බවත්, එවැනි බදු ඉවත් කළ යුතු බවත් ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත්, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම් ක්‍රියාත්මක කරන අතරතුර බදු අඩු කිරීම සඳහා රජයේ වියදම් ඉතා ප්‍රවේශමෙන් කළමනාකරණය කළ යුතුව ඇති බව ද ජනාධිපතිවරයා පැවසූ අතර, රාජ්‍ය අංශයේ මුලික වැටුප අදියර තුනකින් වැඩි කිරීමට ගත් තීරණය හේතුවෙන් 2027 වන විට රුපියල් බිලියන 330ක අමතර වියදමක් දැරීමට සිදුවන බව ද මෙහිදී පෙන්වා දුන්නා.