ඕස්ට්‍රේලියාවේදී ශ්‍රී ලාංකික භික්ෂුවකගේ සිවුරු ඉවත් කිරීමට එරෙහිව දැඩි විරෝධයක්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,699
    10,619
    113
    44
    Living in an Atom
    841298119-122118742881453318-3968004727150235552-n.jpg


    ඕස්ට්‍රේලියාවේ විහාරස්ථානයක ප්‍රධානත්වය දැරූ 71 හැවිරිදි නාඔටුන්නේ විජිත හිමියන්ට බාලවයස්කාර දැරියන් හයදෙනෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත එරට අධිකරණයකින් වසර 13යි මාස 2ක සිරදඬුවමක් නියම කර තිබේ.

    කෙසේ වෙතත්, උන්වහන්සේ අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ සිවුර ඉවත් කර බන්ධනාගාර රැඳවියන්ගේ ඇඳුමක් බලහත්කාරයෙන් අන්දවමිනි. මෙය අතිශය කනගාටුදායක තත්ත්වයකි. සම්ප්‍රදායානුකූලව භික්ෂුවකගේ සිවුර ඉවත් කළ හැක්කේ ත්‍රෛනිකායික මහා සංඝ සභාවක තීරණයකින් පමණක් වන අතර, එවැනි පියවරක් ගැනීමට ඕස්ට්‍රේලියානු අධිකරණයකට නීතිමය හෝ සදාචාරාත්මක අයිතියක් නොමැත.

    එබැවින්, උන්වහන්සේට නැවත සිවුරු දැරීමට ඉඩ සලසන ලෙස ඕස්ට්‍රේලියානු අගමැතිවරයා වෙත වහාම සංදේශයක් යොමු කරන මෙන් අපි පූජ්‍ය මහානායක හිමිවරුන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. මෙම ඉල්ලීමට සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණහොත්, 1988-89 සමයේ ඉන්දීය භාණ්ඩ වර්ජනය කළ ආකාරයටම ඕස්ට්‍රේලියානු නිෂ්පාදන වර්ජනය කිරීමේ දැවැන්ත ව්‍යාපාරයක් රට තුළ ආරම්භ කරන බවට අනතුරු අඟවා සිටිමු.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,560
    2,665
    113
    United States
    විදේශයක ඉඳගෙනත් අපේ භික්ෂූන් වහන්සේට වෙන අසාධාරණයකට මෙහෙම එකතු වෙලා විරෝධය පාන එක ඇත්තටම හොඳයි. මේ සිද්ධියේ ඇත්ත තොරතුරු තවදුරටත් එළියට එයි කියලා බලාපොරොත්තු වෙනවා.
     
    • Like
    Reactions: waca

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    575
    555
    93
    8
    Andromeda I
    "සම්ප්‍රදායානුකූලව භික්ෂුවකගේ සිවුර ඉවත් කළ හැක්කේ ත්‍රෛනිකායික මහා සංඝ සභාවක තීරණයකින් පමණක් වන අතර, එවැනි පියවරක් ගැනීමට ඕස්ට්‍රේලියානු අධිකරණයකට නීතිමය හෝ සදාචාරාත්මක අයිතියක් නොමැත"

    "ඕස්ට්‍රේලියානු නිෂ්පාදන වර්ජනය කිරීමේ දැවැන්ත ව්‍යාපාරයක් රට තුළ ආරම්භ කරන බවට අනතුරු අඟවා සිටිමු."

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,005
    103,766
    113
    එහෙම කිසිම විරෝධයක් ගැන පෝස්ට් නන් දැක්කේ නෑ.

    විරෝධයක් තියෙනවා කියලා දාපු පෝස්ට් නන් මහා ගොඩක් දැක්ක.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,876
    15,231
    113
    Milagiriya
    ඕස්ට්‍රේලියාවේ විහාරස්ථානයක ප්‍රධානත්වය Or ප්‍රධාන සංඝනායක 👀
    Monk-Monster.jpg
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,554
    14,645
    113
    පෘථිවිය
    841298119-122118742881453318-3968004727150235552-n.jpg


    ඕස්ට්‍රේලියාවේ විහාරස්ථානයක ප්‍රධානත්වය දැරූ 71 හැවිරිදි නාඔටුන්නේ විජිත හිමියන්ට බාලවයස්කාර දැරියන් හයදෙනෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත එරට අධිකරණයකින් වසර 13යි මාස 2ක සිරදඬුවමක් නියම කර තිබේ.

    කෙසේ වෙතත්, උන්වහන්සේ අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ සිවුර ඉවත් කර බන්ධනාගාර රැඳවියන්ගේ ඇඳුමක් බලහත්කාරයෙන් අන්දවමිනි. මෙය අතිශය කනගාටුදායක තත්ත්වයකි. සම්ප්‍රදායානුකූලව භික්ෂුවකගේ සිවුර ඉවත් කළ හැක්කේ ත්‍රෛනිකායික මහා සංඝ සභාවක තීරණයකින් පමණක් වන අතර, එවැනි පියවරක් ගැනීමට ඕස්ට්‍රේලියානු අධිකරණයකට නීතිමය හෝ සදාචාරාත්මක අයිතියක් නොමැත.

    එබැවින්, උන්වහන්සේට නැවත සිවුරු දැරීමට ඉඩ සලසන ලෙස ඕස්ට්‍රේලියානු අගමැතිවරයා වෙත වහාම සංදේශයක් යොමු කරන මෙන් අපි පූජ්‍ය මහානායක හිමිවරුන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. මෙම ඉල්ලීමට සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණහොත්, 1988-89 සමයේ ඉන්දීය භාණ්ඩ වර්ජනය කළ ආකාරයටම ඕස්ට්‍රේලියානු නිෂ්පාදන වර්ජනය කිරීමේ දැවැන්ත ව්‍යාපාරයක් රට තුළ ආරම්භ කරන බවට අනතුරු අඟවා සිටිමු.
    That monk is not a real monk.
    Covered with a robe and escaped from lanka.
    And in Aussi prision still allowing to wear religious dress codes for those religious people.