ජිවිත ගමනේ බුද්ධ දර්ශනයෙන් ලත් මගේ අත්දැකීම- බුද්ධාගම විනාශ වෙන්නේ නෑ....කවදාවත්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,587
    12,662
    113
    අද අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කේ..






    මගේ රස්සාව තියෙන කාලේ බුද්ධ දර්ශනයේ අනුව මම සල්ලි ඉතුරු කලා. ආයෝජනය කලා..නැති නාස්ති කලේ නෑ...හැමෝම කරන කරන දේ කලේනෑ... හරි අරපරිස්සමෙන් මුදල් පාවිච්චි කලේ..

    එක පාරටම අපිව රස්සාවෙන් අයින් කලා...හැමෝම අසරන වුනා..කෙලවුනා...

    අදටත් ජිවත්වෙන්නේ ඒ ඉතුරු කරපු සල්ලි ආයෝජනය කරලා එන පොලියෙන්.....ගිහියෙක් වෙලා මේ දර්ශනයේ ප්‍රතිඵලය මෙහෙම එනවනම්...අනික්වා ගැන කවර කතාද?

    උපුටා ගැනීම


    බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ සූත්‍ර දේශනාවල (විශේෂයෙන්ම සිඟාලෝවාද සූත්‍රය සහ ව්‍යග්ඝපජ්ජ සූත්‍රය) ගිහියෙකු මුදල් පරිහරණය කළ යුතු ආකාරය ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා.

      • භෝග විභජන සූත්‍රය (ධනය බෙදා වෙන් කිරීම): බුදුදහමේ පෙන්වා දෙන්නේ උපයන ධනයෙන් හතරෙන් එකක් (1/4) පරිභෝජනයටත්, හතරෙන් දෙකක් (2/4) නැවත ආයෝජනයටත් (කර්මාන්ත සඳහා), ඉතිරි හතරෙන් එකක් (1/4) හදිසි ආපදාවකදී ප්‍රයෝජනයට ගැනීමට ඉතිරි කළ යුතු බවත්ය.
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,282
    1
    9,241
    113
    -~උලක් උඩ-~
    බුද්ධ ධර්මය නැතිවෙලා යන්නෙ නෑනෙ. ඒක අකාලිකයි. හැබැයි බුද්ධ ශාසනය නැතිවෙලා යනවා/නැති කරගන්නවා. ඒක ඉතින් ස්වභාවිකයි. හැමදේම තාවකාලිකයිනෙ. ආය බුදු කෙනෙක් පහල වෙනකන්
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,989
    2,397
    113
    Tavathimsa
    ගිහියෙක් වෙලා මේ දර්ශනයේ ප්‍රතිඵලය මෙහෙම එනවනම්...අනික්වා ගැන කවර කතාද?

    ධර්මය තුන් කාලයටම පොදු වුනාට, ශාසනය පිරිහෙන දවසක් එනවා. තියෙන කාලේ, ගිහියෙක් වෙලා නෙලා ගන්න පුලුවන් උතූම්ම ඵලයත් නෙලා ගන්න මාර්ගඵල ලබලා.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,850
    4,261
    113
    43
    Wakanda
    දාන
    ශීල
    භාවනා

    ඔය තුන තමයි කරන්න කියල තියෙන්නෙ බුදුහාමුදුරුවො. කායගතාසතියත් මහත්පලයි මහානිසංසයි. ඕවට පංසල් යන්න ඕනත් නෑ.
    ඔයත් ජීවිතය යහපත් කරගන්න @tharakaf
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,452
    2,472
    113
    මෙයා හොඳ හාමුදුරු නමක්!
    kaleena bana kiyanne, budda darme podi kallak dala. ona ekekta kiyanna puluwan. upasaka ammala chun krnna hodai.
    Banakata katha karala bapalan kiyak illanawada kiyala. habai athata salli gan naa :ROFLMAO: :ROFLMAO:
     
    • Dislike
    Reactions: Shamal3001

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    හොඳ අදහසක් මචං, ධනය බෙදාගෙන සරලව ජීවත් වෙන එක ගැන බුදුදහමේ තියෙන ප්‍රායෝගික උපදෙස් ඇත්තටම අදටත් ගැලපෙනවා.
    ඔයාගේ අත්දැකීම් තව ලියන්න, මේ වගේ දේවල් කියවන්න හරිම වටිනවා.
     
    • Love
    Reactions: Shamal3001