එයා නම් සේප් එකේ මාරු උනා

Max_r

Well-known member
  • May 10, 2007
    14,156
    1
    17,390
    113
    අද (17) සවස කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට රැගෙන ආ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් වාට්ටුවකට ඇතුළත් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී ස්වකැමැත්තෙන් රෝහලෙන් පිටව ගොස් ඇති බව ජාතික රෝහල පවසයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,147
    104,130
    113
    ලින්ක් මොකටද . ඕක මේකේ බණ කියන ගොඩක් උන්ට මම ත්‍රෙඩ් වල පෙන්නල තියනව . උන්ට කියන්න දෙයකුත් නෑ . :rofl:
    මෙච්චර දවස් උබල නිකන් පුරුද්දට ද "කායේන වාචා" කිව්වේ ?
    ඔකේ වචනෙන් වචනේ තේරුම අරන් පෙන්නුවා pitaka site එකෙන් ම .

    :rofl:

    කායේන වාචා චිත්තෙන, පමාදෙන මයා කතං
    අච්චයං ඛම මේ භන්තේ, භූරිපඤ්ඤ තථාගත

    මහා ප්‍රඥාවෙන් යුක්ත වූ තථාගත බුදුරජාණන් වහන්ස,
    මා විසින් කයින්, වචනයෙන් හෝ සිතින් නොසැලකිලිමත්කම නිසා
    කරන ලද යම් වරදක් (අපරාධයක්) වේ නම්, ස්වාමීනී
    මට ඒ වරදට සමාව දෙන සේක්වා.

    ඊට අමතරව තව ප්‍රසිද්ධ වන්දනා ගාථා / කවි තියනව ..".....................දෙවනුවද තෙවනුවද මට සමාව ලැබේවා !!" ගගා සමාව හිගාකන :rofl:
    කරන ලද යම් වරදක් (අපරාධයක්)

    මේ කෑල්ල කොහොමද තේරුමට ආවේ. ඔය අපරාධය කියන එක ගැන අහන්නේ.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,618
    7,015
    113
    නොසැලකිලිමත් කම කියනෙනේ නොදැනුවත්කම නෙවෙයි බන් :rofl: 🤷‍♂️
    ඒක පාවිච්චි කරන්නේ තමන්ගේ පැත්තට වැරැද්ද දාගන්න . ........
    උබ කියන්නේ unintentional මගුලක් නෙවෙයි ඔය කියන්නේ . මගේ ප්‍රමාදයක් / වැරද්දක් නිසා සිදුවෙච්ච අකුසල් වලට සමාව ලැබේව කියලා ඉල්ලන්නේ .

    අනන්ත සසර පටන් මේ මොහොත දක්වා
    ඒ භාග්‍යවත් වූ අර්හත් වු සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට ද
    පසේ බුදුරජාණන් වහන්සේලාට ද
    උතුම් ශ්‍රි සද්ධර්මයට ද
    සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට ද
    උතුම් ශ්‍රි සද්ධර්මයට ද
    සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ
    අග්‍රශාවක මහාශ්‍රාවකයන් වහන්සේලාට ද
    අෂ්ටාර්‍ය පුද්ගල මහා සංඝරත්නයට ද
    අචාර්‍ය උපාධ්‍යායන් වහන්සේලාට ද
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන්ට ද
    මව්පිය ගුරුවරු වැඩිහියන්ට ද
    ධාතු වෛත්‍ය වහන්සේලාට ද බෝධින් වහන්සේලාට ද
    පිළිම වහන්සේලා ට ද
    මාගේ සිත කය වචනය යන තිදොරින්
    දැනුවත්ව හෝ නොදැනුවත්ව
    යම් වරදක් සිදු වී ඇත්නම්
    බුද්ධ රත්නයෙන් මට සමාව ලැබේවා
    ධර්ම රත්නයෙන් මට සමාව ලැබේවා
    සංඝ රත්නයෙන් මට සමාව ලැබේවා
    දෙවනුවද මට සමාව ලැබේවා
    තෙවනුවද මට සමාව ලැබේවා
    ------ Post added on Oct 17, 2026 at 11:19 PM
    ත්‍රී පිටකයේ කොහෙද තියෙන්නේ ඔහොම එකක්??

    බයිබලේ කොහෙද තියෙන්නේ ජනෙල්ලේන් පාදිලිට කියලපවු සමා කරගන්න එකක්??
    ------ Post added on Oct 17, 2026 at 11:50 PM

    කල්ල‍තෝනි කොහොමද පවුසමා කරගන්නේ??
    ------ Post added on Oct 17, 2026 at 11:52 PM

    මූ මේ බුද්ද දර්මය කියන්නේ අනිත් ඒවා වගේමයි කියලහිතාගෙන ඉන්න කල්ල‍තෝනියෙක්
    ------ Post added on Oct 17, 2026 at 11:53 PM
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,842
    170,982
    113
    එකමත් එක රටක
    කරන ලද යම් වරදක් (අපරාධයක්)

    මේ කෑල්ල කොහොමද තේරුමට ආවේ. ඔය අපරාධය කියන එක ගැන අහන්නේ.
    ඕක මම හිතල වෙනම ලිව්වා එකක් නෙවෙයි බන් . කෙලින්ම තිබ්බ තේරුමක් ගත්තේ .
    ඔතන අපරාදේ කියන වචනේ අමතක කරලා පව් කියලා දාගනින් එහෙනම් .
    🤷‍♂️
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,618
    7,015
    113
    ඕක මම හිතල වෙනම ලිව්වා එකක් නෙවෙයි බන් . කෙලින්ම තිබ්බ තේරුමක් ගත්තේ .
    ඔතන අපරාදේ කියන වචනේ අමතක කරලා පව් කියලා දාගනින් එහෙනම් .
    🤷‍♂️
    ත්‍රී පිටකයේ කොහෙද තියෙන්නේ ඔහොම එකක්?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,842
    170,982
    113
    එකමත් එක රටක
    ත්‍රී පිටකයේ කොහෙද තියෙන්නේ ඔහොම එකක්??
    දැන් ඕක කියන්නේ බෞද්ධයෝ ද වෙන මොකෙක් හරි ද යකෝ ??
    ඕක ත්‍රිපිටකේ නෑ , ඕක බුදු දහමට අදාළ දෙයක් නෙවෙයි නම් ලබ්බ්ටද දවස ගානේ ඕක කියන්නේ ??
    ඕක මම අතින් දාපු එකක් නෙවෙයි.
    බෞද්ධයෝ එදිනෙදා භාවිතා කරන ගාථාවක් . :rofl:
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,618
    7,015
    113
    @dilann උබ දන්නේ නැති ආගමක් ගැන ඔච්චහ්ර වොරි වෙන්න එපා..

    දැන් ඕක කියන්නේ බෞද්ධයෝ ද වෙන මොකෙක් හරි ද යකෝ ??
    ඕක ත්‍රිපිටකේ නෑ , ඕක බුදු දහමට අදාළ දෙයක් නෙවෙයි නම් ලබ්බ්ටද දවස ගානේ ඕක කියන්නේ ??
    ඕක මම අතින් දාපු එකක් නෙවෙයි.
    බෞද්ධයෝ එදිනෙදා භාවිතා කරන ගාථාවක් . :rofl:
    ආගම වෙනයි සංස්කෘතිය වෙනයි..එහෙනම් බුදු හාමුදුරොවෝ කියලතියෙනවද මාගේ දන්ත දාතුව පෙරහැරේ ගෙනියන්න කියල... උබල මේකේ දේවක් දිරවන් නැත්හම් පැත්තකට වෙලා උබේ ආගමේ දේවල් බ් අලාගනින්..
    ------ Post added on Oct 18, 2026 at 12:00 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,842
    170,982
    113
    එකමත් එක රටක
    ත්‍රී පිටකයේ කොහෙද තියෙන්නේ ඔහොම එකක්?
    ත්‍රිපිටකේ තියන ඒවා විතර ද උබලා කියන්නේ ගාථා කියලා ??

    ඔය ගාථාව ලියල තියෙන්නේ ත්‍රිපිටකේ , අටුවා වල තියන කරුණු වලට අනුව .
    ඕක ඔය විදියටම නැති උනත් , සමව ඉල්ලපු , සමාව දීපු අවස්ථා ත්‍රිපිටකේ තියනව . ඔය ගාථාවේ තියන සමහර පාඨ ඒ විදියටම තියනව තැනින් තැන .

    අජාසත් ටත් එහෙම කියලා තියනව .
    දීඝ නිකාය (සාමඤ්ඤඵල සූත්‍රය) එහෙම එකක් තියනව බැලුවම . . තව තියනව ..
     
    ත්‍රී පිටකය විතරයි තමා පිලිගන්නේ..හැබැයි ත්‍රී පිටකයේ නෑ බොදි වන්දනා පෙරහැරවල්///ඒවා සංකෘතික අංග.. අර උබල කොඩි ගගට කෙලගත්හේ ඒක බයිබලේ තියෙන එකක් ද?? ඒකත් සංස්කෘතියේ දෙයක්..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,842
    170,982
    113
    එකමත් එක රටක
    ආගම වෙනයි සංස්කෘතිය වෙනයි..එහෙනම් බුදු හාමුදුරොවෝ කියලතියෙනවද මාගේ දන්ත දාතුව පෙරහැරේ ගෙනියන්න කියල... උබල මේකේ දේවක් දිරවන් නැත්හම් පැත්තකට වෙලා උබේ ආගමේ දේවල් බ් අලාගනින්..

    🤌
    "තග්‌ඝ ත්‌වං මහාරාජ අච්‌චයෝ අච්‌චගමා යථාබාලං යථාමූළ්‌හං යථාඅකුසලං යං ත්‌වං පිතරං ධම්‌මිකං ධම්‌මරාජානං ජීවිතා වෝරෝපේසි. යතෝ ච ඛෝ ත්‌වං මහාරාජ අච්‌චයං අච්‌චයතෝ දිස්‌වා යථාධම්‌මං පටිකරෝසි තං තේ මයං පටිග්‌ගණ්‌හාම. වුද්‌ධිහේසා මහාරාජ අරියස්‌ස විනයේ යෝ අච්‌චයං අච්‌චයතෝ දිස්‌වා යථාධම්‌මං පටිකරෝති ආයතිං සංවරං ආපජ්‌ජතීති."
    තේරුම :

    මහරජ, අනුවණයෙකු මෙන් ද, මුළා වූවකු මෙන් ද, අකුසලයට බර වූවකු මෙන් ද ධර්මානුකූලව රාජ්‍යය කළ ඔබගේ පිය රජුන් ජීවිතයෙන් තොර කිරීමෙන් ඒකාන්තයෙන්ම ඔබ අතින් බරපතළ වරදක් සිදුවිය. මහරජ, ඔබ යම් හෙයකින් ඒ වරද වරදක් ලෙස දැක ධර්මානුකූලව පිළිගෙන ප්‍රතිකර්ම කරන්නේ නම් (සමාව අයදින්නේ නම්), අපි ඔබගේ ඒ වරද පිළිගනිමු (සමාව දෙමු).

    Thripitaka.Online වලින් ගත්තේ ..
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,414
    10,279
    113
    අද (17) සවස කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට රැගෙන ආ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් වාට්ටුවකට ඇතුළත් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී ස්වකැමැත්තෙන් රෝහලෙන් පිටව ගොස් ඇති බව ජාතික රෝහල පවසයි.
    Aparade ambulance walata yana salli
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,842
    170,982
    113
    එකමත් එක රටක
    ත්‍රී පිටකය විතරයි තමා පිලිගන්නේ..හැබැයි ත්‍රී පිටකයේ නෑ බොදි වන්දනා පෙරහැරවල්///ඒවා සංකෘතික අංග.. අර උබල කොඩි ගගට කෙලගත්හේ ඒක බයිබලේ තියෙන එකක් ද?? ඒකත් සංස්කෘතියේ දෙයක්..
    • දීඝ නිකාය (සාමඤ්ඤඵල සූත්‍රය): අජාසත්ත රජතුමා බුදුරජාණන් වහන්සේ හමුවී තමා අතින් සිදු වූ පීතෘ ඝාතන වරද ප්‍රකාශ කරමින්, "අච්චයෝ මං භන්තේ අච්චගමා..." (ස්වාමීනී, මෝඩකම නිසා මා අතින් වරදක් සිදුවිය...) යනුවෙන් පවසා වරද පිළිගෙන සමාව අයැද සිටී. එහිදී බුදුරජාණන් වහන්සේ "තං තේ මයං ඛමාම" (අපි ඔබට ඒ වරද ඉවසමු/සමාව දෙමු) යනුවෙන් වදාරති.

    • විනය පිටකය (මහාවග්ග පාලි): භික්ෂූන් වහන්සේලා අතර හෝ භික්ෂූන් සහ ගිහියන් අතර යම් අමනාපකමක් හෝ නොසැලකිලිමත් වරදක් සිදු වූ විට, උපසම්පදා විනය කර්මවලදී සහ වස් පවාරණ උත්සවවලදී වරද පිළිගෙන සමාව භාජනය කිරීම සඳහා "අච්චයං ඛමථ මේ භන්තේ" යන පාඨය බහුලවම භාවිත වේ

      එබැවින්, වර්තමානයේ අප භාවිත කරන "කායේන වාචා චිත්තේන..." ගාථාව ත්‍රිපිටකයේ අකුරින් අකුර නොතිබුණ ද, එය ත්‍රිපිටකයේ එන උතුම් ධර්ම සන්නිවේදන රටාව සහ විනය ප්‍රඥප්ති ඇසුරින් සකස් වූවකි.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,618
    7,015
    113
    🤌

    තේරුම :

    මහරජ, අනුවණයෙකු මෙන් ද, මුළා වූවකු මෙන් ද, අකුසලයට බර වූවකු මෙන් ද ධර්මානුකූලව රාජ්‍යය කළ ඔබගේ පිය රජුන් ජීවිතයෙන් තොර කිරීමෙන් ඒකාන්තයෙන්ම ඔබ අතින් බරපතළ වරදක් සිදුවිය. මහරජ, ඔබ යම් හෙයකින් ඒ වරද වරදක් ලෙස දැක ධර්මානුකූලව පිළිගෙන ප්‍රතිකර්ම කරන්නේ නම් (සමාව අයදින්නේ නම්), අපි ඔබගේ ඒ වරද පිළිගනිමු (සමාව දෙමු).

    Thripitaka.Online වලින් ගත්තේ ..
    • සිදුවූ සන්දර්භය: අජාතසත්තු රජතුමා බුදුරජාණන් වහන්සේ හමුවී ධර්මය ශ්‍රවණය කිරීමෙන් පසු, තමන් කළ වරද (පියා ඝාතනය කිරීම) ගැන දැඩි ලෙස පසුතැවෙමින් බුදුරජාණන් වහන්සේගෙන් සමාව අයැද සිටියේය.
    • බුදුරජාණන් වහන්සේගේ පිළිතුර: බුදුරජාණන් වහන්සේ එහිදී වදාළේ යම් කෙනෙකු අතින් අඥානකම හෝ මුළාව නිසා වරදක් සිදු වූවත්, එම වරද වරදක් ලෙස දැක, පිළිගෙන, නැවත එවැන්නක් සිදු නොකිරීමට අනාගතයේදී සංවර වන්නේ නම්, ආර්ය විනය තුළ ඔහු දියුණුවට පත්වන බවයි. ඒ නිසා උන්වහන්සේ එම පැහැදිලි කිරීම සහ සමාව පිළිගත්හ.

    ඔබ මුලින් සඳහන් කළ අදහස පිළිබඳව:​

    ඔබ සඳහන් කළ පරිදි ආගම (ධර්මය) සහ සංස්කෘතිය යනු දෙකකි.

    • බුද්ධ ධර්මය (ආගම): චතුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, නිවන සහ සිත හික්මවා ගැනීම මත පදනම් වූ දර්ශනයයි. දන්ත ධාතූන් වහන්සේ පෙරහැරේ ගෙන යාම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කර නැත.
    • සංස්කෘතිය සහ චාරිත්‍ර: පෙරහැර පැවැත්වීම, අලංකාර උත්සව පැවැත්වීම ආදිය කාලයත් සමඟ සමාජය තුළ ගොඩනැගුණු සංස්කෘතික සහ ශ්‍රද්ධාභක්තිය පදනම් කරගත් චාරිත්‍ර වේ.

    ආර්ය විනය තුළ ඔහු දියුණුවට පත්වන බවයි. - මෙතන කොහෙද පවු සමාකිරීමක්?
    ------ Post added on Oct 18, 2026 at 12:10 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,842
    170,982
    113
    එකමත් එක රටක
    කරන ලද යම් වරදක් (අපරාධයක්)

    මේ කෑල්ල කොහොමද තේරුමට ආවේ. ඔය අපරාධය කියන එක ගැන අහන්නේ.
    ත්‍රිපිටකේ විදියට අජාසතුත් පිතෘ ගාතක වරදදට සාමාව ඉල්ලාල සමාව දීල තියනවා . කර්මය පලදීපු එක වෙනයි . සමාව දීල .

    දැන් ඕක වැටෙන්නේ අපරාධ කියන සැර කෑල්ල ට නේ ??
    ඉතින් ඕන වැරද්දක් කරලා සමාව ඉල්ලන්න පුලුවන් ඔය විදියට බැලුවම .
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,618
    7,015
    113
    දැන් මට ඇති මම යනවා.. ඩිලාන්ට සුවබර රා ත් රි ය ක් වේවා.. ආමේන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,842
    170,982
    113
    එකමත් එක රටක
    ආර්ය විනය තුළ ඔහු දියුණුවට පත්වන බවයි. - මෙතන කොහෙද පවු සමාකිරීමක්?
    අජාසත් සමාව ඉල්ලුවා . බුදුන් ඒක පිළිගත්තා . .
    මයං පටිග්‌ගණ්‌හාම කියලා . ...
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    14,156
    1
    17,390
    113
    namaskaram-malayalammmootty.gif

    යකු, පන්සලකවත් නැ මේච්චර කරුනු සාකච්චා වෙන්නෙ මේ කාලෙ...
    ​
     
    Paws

    Active member
  • Sep 26, 2026
    153
    203
    43
    බෞද්ධයෝ එදිනෙදා භාවිතා කරන ගාථාවක් . :rofl:
    යකෝ මම ජීවිතේට ඔහොම ගාථා අහල නෑ. බෝධිපූජා පොතක එකක්ද මේ ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,842
    170,982
    113
    එකමත් එක රටක
    දැන් මට ඇති මම යනවා.. ඩිලාන්ට සුවබර රා ත් රි ය ක් වේවා.. ආමේන්
    Assalamu Alaikum !

    යකෝ මම ජීවිතේට ඔහොම ගාථා අහල නෑ. බෝධිපූජා පොතක එකක්ද මේ ?
    කායේන වාචා චිත්තෙන අහල නෑ ?? :eek:
    එහෙනම් තෝ පන්සල් ගිහින් නෑ .

    namaskaram-malayalammmootty.gif

    යකු, පන්සලකවත් නැ මේච්චර කරුනු සාකච්චා වෙන්නෙ මේ කාලෙ...
    ​
    එලකිරිය කියන්නේ පුණ්‍ය භූමියක් !! 🙏
    තොපි එක එක leak දාල ඒක කිලිටි කරනවා