දිස්ත්‍රික්ක 7කට නායයෑමේ රතු සහ ඇම්බර් නිවේදන – ප්‍රදේශ රැසක ජනතාවට ඉවත් වන්නැයි උපදෙස්
https://www.gossiplanka.com/2026/10/landslide-warning-rathnapura.html · ගොසිප් ලංකා
ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ. අද (26) පස්වරු 2.45ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (27) පස්වරු 2.45 දක්වා බලාත්මක වේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, පැල්මඩුල්ල, කුරුවිට, ඇලපාත සහ ඕපනායක යන ප්‍රදේශ සඳහා රතු නිවේදන (3 වන මට්ටම) නිකුත් කර ඇති අතර, එම ප්‍රදේශවල පදිංචිකරුවන්ට අවශ්‍ය වුවහොත් සුරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස උපදෙස් දී ඇත.
එමෙන්ම කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට ඇම්බර් (2 වන මට්ටම) පූර්ව අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබේ.