මීට මාස ගනනකට කලින්, මම තනියම ගියපු හරිම අපූරු දවසක සංචාරයක් ගැන තමයි මේ කියන්න යන්නේ. කොළඹ ඉඳන් දවසින් ගිහින් එන්න පුළුවන් කියාපු තැනක් හොයන කෙනෙක්ට මේක කදිම අත්දැකීමක් වේවි.
මෙම ගමනේ විනාඩි 5 ක කෙටි වීඩියෝව:
මම තනියම ගිය මෙවැනි සංචාර 100+ විස්තර මෙතැනින් බලන්න >>>
(C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka
(Kottawa Reserve Forest & Natural Swimming Pool)
ගමන් මාර්ගය සහ බස් ගාස්තු
- කඩවත සිට ගාල්ලට (Highway): පැය 1 යි විනාඩි 30 යි (උදේ 5.55 ට නැග්ගේ) | ටිකට් රු. 1,070/-
- ගාල්ල සිට කොට්ටවට:විනාඩි 35 යි (කි.මී. 16) | ටිකට් රු. 120/-
- (ගාල්ල බස් ස්ටෑන්ඩ් එකෙන් අංක 377 උඩුගම බස් එකක ගිහින් කොට්ටව වනාන්තර පිවිසුම ළඟින්ම බහින්න පුළුවන්).
- Travel Tip: හයිවේ බස් එකේ එන කෙනෙක්ට පින්නදූව Exit එකෙන් බැහැලා මීටර් 50ක් ආවොත් ගාල්ල - උඩුගම (377) බස් එකට කෙලින්ම නගින්නත් පුළුවන්.
කොට්ටව රක්ෂිත වනාන්තරය
- ඇතුල්වීමේ ගාස්තුව: රු. 70/- යි.
- කැලය මැදින් කිලෝමීටරයක් විතර කොන්ක්රීට් පාර දිගේ ඇවිදලා යන්න පුළුවන්. ගිමන් හරින්න බංකු, අතුරු පාරවල් සහ විවිධ ගස් වර්ග බලාගන්න පුළුවන් පරිසරයක් මෙතැන තියෙනවා.
කැලෑ ප්රදේශයක් නිසා කූඩැල්ලන් ඉන්නවා, ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න.
ස්වාභාවික නාන තටාකය (Natural Swimming Pool)
- වනාන්තරයෙන් එළියට ඇවිත් පාර පැනලා ටික දුරක් යද්දී තියෙන අතුරු පාරෙන් මේකට යන්න පුළුවන්. වතුර පීල්ලක් එක්ක හරිම සනීපයට නාන්න නියම තැනක්.
- ටිකට් ගාස්තු:
- පැයකට රු. 100/- (අවුරුදු 12 ට අඩු ළමුන්ට රු. 50/-)
- Full Day Booking: රු. 30,000/-
ආපසු ගමන
- කොට්ටව හන්දියෙන් අකුරැස්ස - ගාල්ල බස් එකක නැගලා (රු. 110/-) ආයේ ගාල්ලට ඇවිත්, ගාල්ල කොටුව පැත්තෙත් රවුමක් දාලා දවල්ට කාලා හයිවේ බස් එකෙන්ම හවස් වෙද්දී ආපහු ගෙදර ආවා.
- මුළු වියදම: රු. 3000 - 3500/- ක් වගේ මුදලක්...
(C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka
(Kottawa Reserve Forest & Natural Swimming Pool)
Last edited:
