ඩස්පයෝ
ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ බුලන්ද්ෂහාර් (Bulandshahr) හී පසුගිය අඟහරුවාදා (20) දින පැවැති 'දසරා' (Dussehra) උත්සවයේදී රාවණා ආකෘතියට ගිනි තැබීමේදී, එහි සවි කර තිබූ ගිනිකෙළි වැරදි දිශාවකට පත්තු වී රැස්ව සිටි පිරිස දෙසට විසි වීම හේතුවෙන් දැවැන්ත නොසන්සුන්තාවක් සහ කලබලකාරී තත්ත්වයක් හටගන්නා වීඩියෝ දර්ශන RT පුවත් සේවය පළ කර තිබුණා.
රාවණා ආකෘතිය තුළ අහස දෙසට විදීමට සකස් කර තිබූ රොකට් ඇතුළු ගිනිකෙළි, එහි ඇති වූ දෝෂයක් හේතුවෙන් ඉහළට නොගොස් තිරස් අතට (Horizontal) රැස්ව සිටි ජනතාව දෙසට දැඩි වේගයෙන් විසි වීමත් සමග උත්සවය නැරඹීමට පැමිණ සිටි සිය ගණනක පිරිස බියට පත්ව හිස් ලූ ලූ අත දිව ගොස් තිබෙනවා.
අනතුරින් කිසිදු පුද්ගලයකුට බරපතළ තුවාල හෝ ජීවිත හානි සිදුවී නොමැති බව එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.