"Capital Gains බදු වැඩි කලා.
වැට් බදු පරාසය වැඩි කළා. සිල්ලර කඩේ දක්වා වැට් බදු පුළුල් කළා.
රඳවා තබා ගැනීමේ බදු දෙගුණ කළා.
තනි පුද්ගලයන් සපයන සේවාවලට 10%ට, රඳවා තබා ගැනීම සේවා 20+ අලුතෙන් එකතු කලා.
කොල්ලො කෙල්ලො ඔන්ලයින් බඩු ගෙන්වන Ali Express / Temu පාර්සලයට පවා බදු ගහන්න ගත්තා.
අන්තර්ජාල සේවා සපයන්නන්ට, යූටියුබ්කාරයොන්ට පවා අලුත් බද්දක් පැටෙව්වා.
තනි වාහන ආනයනය පවා SSCL බද්දට යටත් කළා.
වාහන ආනයනයට එක පිට එක අධිභාර ගැහුවා.
එහෙම කියපු බුවා අද කියනවා අලුත් බදු ගැහුවේ නැහැල්ලු.
ඇත්‍තටම මොකක්ද මේ මනුස්සයගේ උපක්‍රමය ?
කරන්න පුළුවන් හැම නරක වැඩක්ම කරලා, මන් එහෙම කළේ නෑ කියලා කිව්වම මිනිස්සුන්ගේ ඔලුවේ 'ආ එහෙම කරලා නෑ' කියලා මතයක් හැදීමද ?
ලොක්කා මෙහෙම නම්, සුනිල් සෙනෙවිලා තමන් නෝන්ඩි වුණු නීති කටයුතු අමතක කරලා, කවුද යකො මම පොත් කොපි කළේ කියලා ගේම ඉල්ලන එක සාධාරණයි.
මේ තරම් කෙබර පචයෙක් මම හිතන්නේ ලෝක ඉතිහාසයේම ඉඳලා නැහැ!"
රටේ ජනාධිපති වගේම මුදල් ඇමති වෙලා ඉන්න තබුත්තේගම අනුර කුමාර දිසානායක කියන පොඩි මිනිහා උජාරුවෙන් කියනවා මම 2024 ආවාට පස්සේ කිසිම බද්දක් වැඩි කරේ නෑ කියලා....
එතකොට අනුර කුමාර මුදල් ඇමතිට කියන්නේ නැතුව මේ බදු වැඩි කරේ කව්ද?එහෙමත් නැත්තං දිසානායක දරුණු ඩිමෙන්ෂියකින් පෙලෙනවද?
.
Last edited:
