අමෙරිකාවේ බිහිසුණු ගුවන් අනතුරින් අහිමි වූ නවදෙනාගේ අනන්‍යතාවය හෙළිවෙයි
අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සිදුවූ බිහිසුණු ගුවන් අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
පසුගිය ඉරිදා (01) ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් නගරයේ සිට බහමාස් රාජ්‍යය බලා පියාසර කරමින් තිබූ Learjet 60 වර්ගයේ පෞද්ගලික ජෙට් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
යානය ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පාම් බීච් ප්‍රදේශය ආසන්නයේදී හදිසියේම පහළට කඩා වැටී ඇති අතර, අනතුරත් සමග එහි ප්‍රබල පිපිරීමක් සහ ගින්නක් හටගෙන තිබෙනවා.
අනතුරින් මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාව මේ වනවිට හෙළිවී ඇති අතර, ඒ අතර අමෙරිකාවේ ප්‍රකට තාක්ෂණික ව්‍යවසායකයෙකු වන ඇඩම් රොබින්සන්, ඔහුගේ බිරිඳ හෙලන් ෂාප් සහ ඔවුන්ගේ කුඩා දරුවන් දෙදෙනා ද වනවා.
මියගිය දරුවන් දෙදෙනා සිව් හැවිරිදි එමා සහ දෙහැවිරිදි චාලි ලෙස හඳුනාගෙන තිබෙනවා.
ඇඩම් රොබින්සන් RB2B සහ Retention(ඩොට්)com ඇතුළු තාක්ෂණික සමාගම් කිහිපයක නිර්මාතෘවරයෙකු සහ ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති අතර, ඔහුගේ බිරිඳ හෙලන් ෂාප් කලා ශිල්පිණියක බව සඳහන්.
මීට අමතරව, යානයේ ගමන් කළ රේචල් රීඩ්, චාර්මි ෆෙර් සහ දරුවන් රැකබලා ගැනීමේ කටයුතු කළ අනීටා මරියා සෙටිනා ද අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරින් මියගිය ගුවන් නියමුවා 55 හැවිරිදි ජෙෆ් ග්‍රෙගරි ලෙස හඳුනාගෙන ඇති අතර, සහාය නියමුවරිය ලෙස කටයුතු කළ 20 හැවිරිදි නතාලියා ෆිල්ගේරාස් ද මියගිය පිරිස අතර වනවා.
නතාලියා වයස අවුරුදු 17දී ගුවන් නියමු බලපත්‍රය ලබාගෙන ඇති අතර, කුඩා කල සිටම ගුවන් නියමුවරියක වීමේ සිහිනයකින් පසුවූ තරුණියක බවයි ඇගේ පවුලේ සාමාජිකයින් පවසන්නේ.
මේ අතර, අනතුරට පෙර ගුවන් නියමුවන් විසින් යානයේ පියාපත් මත අයිස් තැන්පත් වීම සහ ප්‍රබල වායු කැළඹීම් පිළිබඳව ගුවන් ගමන් පාලක මැදිරිය දැනුවත් කර ඇති බව අනාවරණය වී තිබෙනවා.
අනතුර සිදුවීමට සුළු මොහොතකට පෙර යානය ඉතා වේගයෙන් පහළට ගමන් කර ඇති අතර, ගුවන් නියමුවන් හදිසි ආපදා සංඥාවක් ද නිකුත් කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අයහපත් කාලගුණය, යානයේ අයිස් තැන්පත් වීම, වායු කැළඹීම් සහ මානව දෝෂයක් අනතුරට බලපෑවේද යන්න පිළිබඳව අමෙරිකානු ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
අනතුරින් මියගිය පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මෙම ඛේදවාචකය තම පවුල්වලට පිරිමැසිය නොහැකි පාඩුවක් සිදුකර ඇති බවයි.
මූලාශ්‍රය : BBC