ඕකාගේ මුළු පවුලම හිරේ දාන්න ඕන කවදහරි..පල් හොරා..පෙඩෝ සක්කිලියා.
අපි කවුරුත් දන්න ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් වැටිලා ඉන්නේ ලොකු අමාරුවක.
ඇමරිකානු ඉතිහාසයේ වැඩිම සල්ලි වියදම් කරපු මැදවාර මැතිවරණයෙන් පස්සේ රිපබ්ලිකන් පක්ෂයට කොංග්‍රසයේ බලය තියාගන්න බැරි වුණා.
කොහොමහරි මේකේ සරල තේරුම තමයි, මීටපස්සේ ඇමරිකාවේ මොනවාද නීති වෙන්නේ කියලවත්, රජයේ සල්ලි කොහොමද වියදම් කරන්නේ කියලවත් තීරණය කරන්න ට්‍රම්ප්ට තනියම බෑ. හැබැයි ඊටත් වඩා භයානක දේ තමයි, මේ වෙනකන් යටගහලා තිබුණු ට්‍රම්ප්ගේ හොර ඩීල් ගැන දැන් ඉඳන් විමර්ශන පටන් ගන්න එක.
ජනාධිපති වුණාට පස්සේ ට්‍රම්ප් කොටස් වෙළඳපොළේ ගනුදෙනු 27,000 කට වඩා කරලා තියෙනවා (ජෝ බයිඩන් කරලා තියෙන්නේ 10 යි!). ට්‍රම්ප් පවුලේ අලුත් ක්‍රිප්ටෝ ව්‍යාපාරය, ජෙෆ්රි එප්ස්ටීන් එක්ක තිබුණු සම්බන්ධය සහ ඔහුගේ ෆෝන් වංචාව මේ ඔක්කොම දැන් එළියට එන්න පටන් අරන්.
තුන්වෙනි පාරටත් ඉල්ලන්න හදන ට්‍රම්ප්ට මේ මැතිවරණ පරාජයත් එක්ක ඇත්තටම මොකද වෙන්නේ? මේක ට්‍රම්ප් යුගයේ අවසානයද? නැත්නම් ඊටත් වඩා භයානක දේක ආරම්භයක්ද? අද අපි මේ ගැන සරලවම කතා කරමු!
කොංග්‍රසයට ප්‍රධාන බලතල 3 ක් තියෙනවා.

1. නීති හැදීම (ඕනෑම නීතියකට සෙනෙට් සභාව සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය අනුමත කරන්න ඕනේ).
2. අයවැය පාලනය (රජයේ සල්ලි වියදම් කරන්න අනුමැතිය).
3. පරීක්ෂණ කිරීමේ බලය (Oversight).
මේ තුන්වෙනි බලය තමයි ට්‍රම්ප්ට තියෙන ලොකුම ප්රශ්නය. ඇමරිකාව හැදුව අයට ඕනේ වුණේ නෑ ජනාධිපතිට රජෙක්ට වගේ බලයක් දෙන්න. ඒ නිසා ඔවුන් කොංග්‍රසයට බලය දුන්නා ජනාධිපතිව විමර්ශනය කරන්න සහ ඕනෙ නම් තනතුරෙන් අයින් කරන්න පවා. කොංග්‍රසයේ තියෙන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට (The House) පුළුවන් ඕනෑම කෙනෙක්ගෙන් ලියකියවිලි ඉල්ලන්න සහ උසාවියක වගේ දිවුරුම් දීලා ප්‍රශ්න කරන්න.
කලින් මේ බලය තිබුණේ ට්‍රම්ප්ගේම පක්ෂයට නිසා ඔවුන් ට්‍රම්ප්ගෙන් ප්‍රශ්න ඇහුවේ නෑ. හැබැයි දැන් මේක තියෙන්නේ ඩිමොක්රටික් පක්ෂයට. ඔවුන් දැන් ලෑස්ති වෙන්නේ ට්‍රම්ප් ජනාධිපති වුණාට පස්සේ හෙව්ව සල්ලි ගැන හොයන්න!
⚬ ඩොලර් බිලියන 2.7 ක ලාභය: ෆෝබ්ස් (Forbes) සඟරාව කියන විදිහට ට්‍රම්ප් එයාගේ දෙවැනි ධූර කාලයේදී ඩොලර් බිලියන 2.7 කින් පොහොසත් වෙලා.
⚬ කොටස් වෙළඳපොළේ ගේම්: 2026 පළමු කාර්තුවේදී විතරක් ට්‍රම්ප් ඩොලර් මිලියන 220 ත් 750 ත් අතර කොටස් ගනුදෙනු කරලා තියෙනවා. මාරම වැඩේ කියන්නේ ඔහු සල්ලි දාපු කම්පැනි වලට රජයේ ලොකු කොන්ත්‍රාත්තු හම්බවෙලා තියෙන එක. ට්‍රම්ප් කියන්නේ මේවා කරන්නේ වෙන අය කියලා වුණත්, දැන් ඩිමොක්රටික් පක්ෂය ඒ වෙන අය කවුද කියලා ලිස්ට් එකම ඉල්ලලා තියෙනවා.
⚬ පුතාගේ බිලියන 3 ව්‍යාපාරය (1789 Capital): ට්‍රම්ප්ගේ පුතා (Donald Trump Jr.) ගියපු පොඩි කම්පැනියක් ට්‍රම්ප් දිනපු ගමන් ඩොලර් බිලියන 3 ක දැවැන්ත කම්පැනියක් වුණා. ඒකටත් රජයේ කොන්ත්‍රාත්තු හම්බවුණා.
⚬ බෑණාගේ අරාබි ඩීල්: ජෙරාඩ් කුෂ්නර් ඊශ්‍රායල්-හමාස් යුද්ධයට මැදිහත් වෙන කාලේම එයාගේ කම්පැනියට සවුදියෙන්, කටාර් වලින් සහ UAE වලින් බිලියන ගණන් ආයෝජන ආවා.
⚬ අලුත් ක්‍රිප්ටෝ කම්පැනිය (World Liberty Financial): ට්‍රම්ප් පවුලේ අලුත් ක්‍රිප්ටෝ කම්පැනියෙන් 49% ක්ම රහසින් අරන් තියෙන්නේ UAE එකේ ජනාධිපතිගේ සහෝදරයා (Sheikh Tahnoon). ඒ ඩීල් එක ගහලා මාස කිහිපයකින් ට්‍රම්ප්ගේ ආණ්ඩුව UAE එකට දියුණුම AI චිප්ස් ලක්ෂ ගණනක් දෙන්න පොරොන්දු වුණා.
මේවා නීති විරෝධී වුණත් ට්‍රම්ප්ට තමන්ගේ පවුලේ අයට සමාව දෙන්න පුළුවන්. ඒ නිසා ඩිමොක්රටික් පක්ෂය මීට වඩා දරුණු ආයුධයක් එළියට ගන්න හදනවා. ඒ තමයි ජෙෆ්රි එප්ස්ටීන්!
කාන්තාවන් 5 දෙනෙක්ම කියලා තියෙනවා එප්ස්ටීන් එක්ක හිටපු වෙලාවක ට්‍රම්ප් ඔවුන්ට අතවර කළා කියලා. මේ ගැන තියෙන රහස් ෆයිල් වල කළු කරපු කොටස් ට්‍රම්ප් එළියට දෙන්නේ නෑ. හැබැයි දැන් ඩිමොක්රටික් පක්ෂයට පුළුවන් බලෙන් ඒක ඉල්ලන්න. මේක ට්‍රම්ප්ට මාරම දේශපාලන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
මේ වෙනකන් කතා කරපු දේවල් වලට වඩා ට්‍රම්ප්ට රිදෙන්නේ ඩිමොක්රටික් පක්ෂය මුදල් බලය පාවිච්චි කළොත්.

අද ඇමරිකානුවන්ට තියෙන ලොකුම ප්රශ්නය ජීවන වියදම. මේකට 65% ක්ම බණින්නේ ට්‍රම්ප්ට. පෙට්‍රල් ගැලුමක මිල ඩොලර් 3.12 ඉඳන් 4.28 දක්වා නැගලා. මේ වෙලාවේ කොංග්‍රසයට පුළුවන් ආර්ථිකය තවත් අමාරුවේ දාන්න.
කොහොමද ඒක කරන්නේ?
1. රජය වසා දැමීම : හැම අවුරුද්දකම රජය දුවන්න කොංග්‍රසයෙන් බිල් 12 ක් පාස් කරන්න ඕනේ. ඩිමොක්රටික් පක්ෂය මේවට කැමති වුණේ නැත්නම් රජය සම්පූර්ණයෙන්ම වහලා දාන්න වෙනවා. ගිය අවුරුද්දේ දවස් 43 ක් මේ විදිහට රජය වැහුවාම ආර්ථිකයට ඩොලර් බිලියන 11 ක පාඩුවක් වුණා. ලක්ෂ ගණන් සේවකයින්ට පඩි නැතුව ගෙදර ඉන්න වුණා.
2. ණය සීමාව : ඇමරිකානු රජයට ණය ගන්න පුළුවන් උපරිම සීමාවක් තියෙනවා. 2027 වෙද්දී මේ සීමාව පනිනවා. ඩිමොක්රටික් පක්ෂය මේ සීමාව වැඩි කරන්න කැමති වුණේ නැත්නම් ඇමරිකාවට ණය ගෙවාගන්න බැරුව ඉතිහාසයේ පළවෙනි වතාවට බංකොලොත් වෙන්න පුළුවන්!
2011 දීත් ඩිමොක්රටික් ජනාධිපති ඔබාමාට, රිපබ්ලිකන් කොංග්‍රසයෙන් මේ ප්‍රශ්නයම ආවා. අන්තිමේදී ඔබාමාට ඩොලර් බිලියන 900 ක වියදම් කපන්න සිද්ධ වුණා. අද ඇමරිකාවේ ණය බර ඩොලර් ට්‍රිලියන 39.2 යි. මේක 2011 ට වඩා 3 ගුණයක් වැඩියි!
ඩිමොක්රටික් පක්ෂය මේ ණය සීමාව වැඩි කරන්න නම් ට්‍රම්ප්ගේ ටැක්ස් කැපිලි වෙනස් කරන්න කියලා ඉල්ලන්න පුළුවන්. ට්‍රම්ප්ට සිද්ධ වෙනවා එක්කෝ තමන්ගේ ප්‍රතිපත්ති පාවා දෙන්න, නැත්නම් රට බංකොලොත් කරන්න.
තමන්ට කොංග්‍රසයෙන් කිසිම දෙයක් කරගන්න බැරි වෙද්දී ට්‍රම්ප්ට තියෙන එකම බලය තමයි හමුදාව. නීතියෙන් යුද්ධ ප්‍රකාශ කරන්න කොංග්‍රසයේ අවසරය ඕනේ වුණත්, ඇමරිකානු ජනාධිපතිවරු හමුදාව තමන්ට ඕනේ විදිහට පාවිච්චි කරනවා.

ට්‍රම්ප් ඉරාන යුද්ධය කළත් ඒකට ඇමරිකානුවන්ගෙන් 66% ක්ම කැමති නෑ. හැබැයි තමන්ගේ ප්‍රශ්න වලින් මිනිස්සුන්ගේ අවධානය වෙනතකට හරවන්න ට්‍රම්ප් අලුත් යුද්ධයක් පටන් ගන්න ඉඩ තියෙනවා.
ඔහුට ගහන්න පුළුවන් රටවල් 3 ක් තියෙනවා:
1. කියුබාව : ඇමරිකාවට කිට්ටුවෙන් තියෙන, රුසියාවට සහ චීනයට කඩේ යන කියුබාවට ගැහුවොත් ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මිනිස්සු ඒකට ගොඩක් කැමති වෙයි.
2. මෙක්සිකෝව : ට්‍රම්ප් මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය කාටෙල් ත්රස්තවාදීන් කියලා නම් කරලා දැන් බෝට්ටු වලට ගහනවා. හැබැයි මෙක්සිකෝව ඇතුළටම ගිහින් ගැහුවොත් ඒකෙන් ඇමරිකාවේ ආර්ථිකයටයි, හිස්පැනික් ඡන්ද වලටයි මාරම පාඩුවක් වෙයි.
3. ඉරානය : ඉරානයේ තෙල් අපනයනය කරන කේන්ද්‍රස්ථානය වෙන 'කාග් දූපත' අල්ලගන්න හමුදාව යවන්න ට්‍රම්ප්ට පුළුවන්. ඒකෙන් ලෝක තෙල් මිල අඩුවෙලා ට්‍රම්ප්ට ලොකු නමක් එන්නත් පුළුවන්, එහෙමත් නැත්නම් ඇමරිකාවට කවදාවත් ගොඩ එන්න බැරි මහා යුද්ධයකට පැටලෙන්නත් පුළුවන්.
