මචංලා, මම Arcadyan AW1000 router එකට OpenWrt බේස් කරලා AWvoice (v1.1.3) කියලා custom voice stack එකක් ඩිවෙලොප් කරා.
සරලවම කිව්වොත් මේකෙන් කරන්නේ router එකේ තියෙන RJ11 phone port එක කෙලින්ම ගෙදර සාමාන්‍ය Landline phone එකක් විදිහට වැඩ කරන්න හදන එක. වෙනම VoIP servers, Asterisk හෝ ඩෙඩිකේටඩ් hardware මොකුත් ඕනි නෑ. සේරම වැඩ කරන්නේ router එක ඇතුලෙන්මයි.
- Web-Based Softphone (Browser Dialer): වෙනම apps මොකුත් දාන්නේ නැතුව LuCI panel එකෙන්ම Call ගන්න, ආපු calls Answer කරන්න, Mute කරන්න, Hold කරන්න පුළුවන්. Live audio level meters පවා තියෙනවා.
- Built-in Answering Machine: Call එකක් ආවම Answer වෙන delay එක (0-60s) සෙට් කරන්න පුළුවන්. Browser එකෙන්ම custom Voice Greeting එකක් Record කරන්න/Upload කරන්න පුළුවන්. Call එකක් මැදදී Handset එක ඉස්සුවොත් auto-intercept වෙලා live call එකට connect වෙනවා.
- SIP Softphone Support (Mobile Pairing): ගෙදර තියෙන physical phone එක විතරක් නෙවෙයි, phone එකට Linphone වගේ app එකක් දාලා Router එකේ SIP Mode එක ON කරලා එකට pair කරන්න පුළුවන්.
- Instant QR Provisioning: SIP tab එකෙන් එන QR Code එක phone එකෙන් scan කරපු ගමන් auto-configure වෙනවා. Passwords, URIs අතින් ටයිප් කරන්න දෙයක් නෑ.
- Quiet Hours / DND: රෑට calls එන්නේ නැති වෙන්න time windows 8ක් දක්වා set කරන්න පුළුවන්. හැබැයි Emergency Numbers සහ VIP contacts විතරක් bypass වෙලා ring වෙන විදිහට සෙට් කරන්න පුළුවන්.
- USB Storage Safe-Guard: Recording සහ Answering machine messages Router එකේ internal flash එක පිරෙන්නේ නැති වෙන්න USB Pen drive එකකට auto-route වෙනවා. Drive එක නැත්නම් UI එකෙන් flash එකට ලියන්නේ නෑ.
ඔයාලා ළඟ AW1000 router එකක් තියෙනවා නම් සහ මේකට OpenWrt දාලා test කරලා feedback එකක් දෙන්න කැමති නම් මට ලොකු උදව්වක්.
විශේෂයෙන්ම:
1. Physical RJ11 Handset එකෙන් කතා කරනකොට sound clarity, hook-flash සහ ring detection.
2. Web UI browser dialer එක වැඩ කරන විදිහ.
3. Mobile app එකට QR scan කරලා SIP pair වෙන එක.
4. USB drive එකට voice messages / recordings save වෙන එක.
- GitHub Repository: https://github.com/Pr0Luci/openwrt-aw1000-voice-awvoice
- Release Notes & Docs: https://pr0luci.github.io/
- CleanWRT Build: https://github.com/Pr0Luci/cleanwrt-aw1000
AW1000 එකක් තියෙන, මේක test කරලා බලන්න කැමති අය පල්ලෙහායින් reply එකක් දාන්න නැත්නම් මට PM එකක් දාන්න. Flashing කරගන්න හරි configuration වල මොනවා හරි අවුලක් ආවොත් හරි මම step-by-step සපෝට් එක දෙන්නම්.
බග්ස්, අදහස්, යෝජනා ඕනි එකක් සාදරයෙන් පිළිගන්නවා!
Jaya Wewa!
Pr0Luci