Crynet Showcase
අවුරුදු දහයකට පහලවකට විතර කලින් movies/tv shows download කරල folders වෙන් කරල ඒවාට DeviantArt එකෙනුයි එහෙන් මෙහෙන් pngs, icons packs download කරල ලස්සනට තියාගත්ත මතකද. දැන් streaming services පදුරක් පදුරක් ගානෙ තිබ්බට ඒ දවස් වල එහෙම නෑ නෙ.
ඉතින් ඕකට nostalgia පාරක් එක්ක දැන් අවුරුදු පහ හයකට කලින් පොඩි tool එකක් ගහල තිබ්බ. ඉස්සර වගේ වෙලාවක් තිබ්බෙ නැති නිසා release කරන්න distribute කරන්න පුළුවන් level එකේ app එකක් ගහගන්න බැරි උනා. දැන් a.i තියන නිසා ආයෙ app එක rewrite කළා විතරක් නෙවේ project එක ටිකක් ලොකු උනා.
තාම download කරල movies බලන කුකුලන්ට library එකක් එක්ක මේකෙන් ලස්සනට manage කරන්න පුළුවන්.
ඉතින් ඕකට nostalgia පාරක් එක්ක දැන් අවුරුදු පහ හයකට කලින් පොඩි tool එකක් ගහල තිබ්බ. ඉස්සර වගේ වෙලාවක් තිබ්බෙ නැති නිසා release කරන්න distribute කරන්න පුළුවන් level එකේ app එකක් ගහගන්න බැරි උනා. දැන් a.i තියන නිසා ආයෙ app එක rewrite කළා විතරක් නෙවේ project එක ටිකක් ලොකු උනා.
තාම download කරල movies බලන කුකුලන්ට library එකක් එක්ක මේකෙන් ලස්සනට manage කරන්න පුළුවන්.
Dashboard
දුන්න ගමන් සේරම ටික automatically add වෙනව මුකුත් manually කරන්න දෙයක් නෑ. 99% accuracy එකකින් detect වෙනව
Movies සහ TV Series Library
ඒ කියන්නෙ imdb rating විදියට, released year , language , watched/unwatched, genre වගේ ඒව ගෙන් filter කරල ගන්න පුළුවන්.
TV series වලට Missing episodes filter එකකුත් තියෙනවා.
Episodes කොහේ තිබ්බත් අවුලක් නැහැ. නම
S01E01, 1x01, Episode 1 කොයි විදියට තිබ්බත් Series කීපයක episodes එකම folder එකක කලවම් වෙලා තිබ්බත් කේස් එකක් නෑ, එකින් එක අඳුරගෙන අදාළ series එකට දානවා.මේක හදද්දී හිතාගන්නත් බැරි තරම් fallbacks ගාණක් දාල තියෙන්නෙ. කොහෙන් දැම්මත් detect වෙනව. and missing episodes black and white විදියට පෙන්නනව
Folder Icons
Apply කරන්න කලින් ඔක්කොම folders preview කරලා බලන්න පුළුවන්
Auto-Import
ඒව download folder එකට එනව කියල හිතන්න. ඒ folder එකයි move කරන්න ඕන folder එකයි අපි මේකට දීල තියන් විතරයි ඕන.
example : අපි breaking bad Season 02 Episode 03 ගත්ත කියල හිතන්න.
ඒක TV Series Folder එකට ගානට Breaking Bad Folder එක හැදිලා. ඒකට Icon එක auto apply වෙලා. Seasons Folders හැදිල File එක Move වෙනව.
සමහර torrent client වලින් file එක move කරන්න දෙන්නෙ නැතුව block කරනව නම් torrent client එක connect කරන්න පුළුවන්. එතකොට auto file එක release කරවාගෙන move කරනව
People
Collections
අපිට ඕන නම් manually collections හදාගන්නත් පුළුවන්
Phone සහ Android TV Apps (Free)
normally movie එකක් pc එකෙන් cast කරනව නම් VLC එකෙන් නෙ බොහෝ දුරට කරන්නෙ. තව option තියනව මම කියන්නෙ ලේසියෙන් කරන්න.
VLC එකෙන් cast කරපු උන් දනනව නෙ සමහර වෙලාවට seek වෙන්නෙ නෑ seek උනත් audio out of sync යනව. subtitles කොහොමවත් support කරන්නෙ නෑ.
ඉතින් මේක හොද option එකක් phone එකේ realtime pc එකේ library එක sync වනව නිසා එක tap එකෙන් cast කරන්න පුළුවන් වගේම trakt එකේ sync වෙනව මොනාද බැලුවෙ කියලත්.
ඉස්සරහට Tailscale දාල internet එකට trough stream කරන්න දාන්න බලන්න ඕන.
pc එක find කරාම. ask pc දෙන්න විතරයි තියෙන්නෙ. tv app එකෙත් already phone එක connected නම් ඒකෙන් ම scan කරපු ගමන් connect වෙනව
Trakt Sync
app එක වෙන pc එකකට දැම්මත් auto sync වෙනව and app එක offline උනත් වැඩ කරනව manually movies/series හොයල දාල progress track කරන්න පුළුවන්. අපේ library එකේ තිබ්බෙ නැති උනාට අවුලක් නෑ
Software එක free ඕන දවසක් පාවිච්චි කරන්න පුළුවන් buy කරන්න ඕන නැහැ. trail එකක් නෙවේ තියෙන්නෙ.
buy කරොත් පොඩි limitation ටිකක් නැති වෙන්නෙ ඒක නිසා use කරන්න තමයි තියෙන්නෙ.
තමන්ගේ Library එකේ screenshot මේ thread එකේ share කරන කුකුලන්ට and මේකෙ missing features මොනාද bugs මොනාද කියල සප් එකක් දෙන උන්ට free keys දෙනව. 2025 අව්රුද්දට කලින් reg වෙච්ච account තියන උන්ට
<< Download >>
https://crynetsolutions.com/
එහෙනම් බුදු සරණයි..
අපි ගියා..
━━━━━━━━━━━━━━━━━━━━━━━━
Last edited:

