2027 අයවැයෙන් PAYE බදු සීමාවට සහනයක් දෙනවා..-ජනාධිපති අනුර..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    25,072
    49,247
    113
    BsLoIHs.jpeg


    ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2027 අයවැය ලේඛනය මගින් උපයන විට ගෙවීමේ බදු (PAYE Tax) සීමාව තවදුරටත් ඉහළ දැමීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (07) කොළඹදී පැවැත්වෙන ජාතික වෘත්තීය සමිති සමුළුව අමතමිනි.

    එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, මීට පෙර පැවති රුපියල් ලක්ෂයක බදු සීමාව රුපියල් ලක්ෂ එකහමාර දක්වා ඉහළ නැංවීමට රජය කටයුතු කළ බවය.

    එමෙන්ම එම සහනය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මෙවර අයවැය මගින් PAYE බදු අය කිරීමේ සීමාව මෙලෙස යම් ප්‍රමාණයකින් ඉහළ දැමීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

    ඒ හරහා වැටුප් ලබන සේවකයන්ට තවදුරටත් බදු සහනයක් ලබාදීමට හැකි වනු ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

    මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන්නේ පෞද්ගලික අංශය බවත්, එම අංශයේ සේවකයන්ගේ ආර්ථික තත්ත්වය පිළිබඳව රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

    පෞද්ගලික ආයතන සහ ව්‍යාපාරික සංගම් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ මූලික වැටුප් ඉහළ නැංවීමට පියවර ගත් බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    එමෙන්ම රාජ්‍ය, අර්ධ රාජ්‍ය, වැවිලි සහ පෞද්ගලික යන සියලු අංශවල සේවකයන් ආරක්ෂා කිරීමේ වගකීම රජය සතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා, එම වගකීම ඉටු කරමින් සියලු අංශවල සේවකයන්ගේ අයිතිවාසිකම් සහ ආර්ථික සුරක්ෂිතභාවය වෙනුවෙන් කටයුතු කිරීමට රජය කැපවී සිටින බව ද සඳහන් කළේය.

    එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,
    ‘’පෞද්ගලික අංශය තමයි අපේ ආර්ථික විශාල දායකත්වය සපයන්නේ. අපි පෞද්ගලික ආයතනය ඒ තියෙන ව්‍යාපාරික සංගම් සමඟ සාකච්ඡා කළා. සාකච්ඡා කරලා අපි මූලික වැටුප වැඩි කළා. හැබැයි මූලික වැටුප වැඩි කරාට ඒක දැනෙන මට්ටමක් නෙවෙයි. ඔවුන්ගේ අතිරේක දීමනා ගැන කල්පනා කරා. ඒ වගේම ඉහළ තළයේ අයට කැපෙනවා මොකක්ද... PAYE Tax එක. ඒක ලක්ෂ සීමාවේ ඉඳන් අපි ලක්ෂ එකහමාර දක්වා සීමාව වැඩි කරා. මේ අයවැය ලේකනයේ දී යම් ප්‍රමාණයක් සීමාව වැඩි කරන්න අපි අපේක්ෂා කරනවා. ඒ නේද යම් ප්‍රමාණයක් PAYE Tax එක සහනයක් ලැබෙන්නේ. එහෙනම් ඒ වගේ අපිට ඒගොල්ලෝ බලාගන්න පුළුවන්කම තියෙනවා නේද? ඒ විදිහට මම හිතනවා මේ අපේ රාජ්‍ය, අර්ධ රාජ්‍ය, වැවිලි, පෞද්ගලික අංශය මේ සියල්ල ආරක්ෂා කිරීමේ වගකීමක් අපේ ආණ්ඩුවට තියෙනවා, අපි ඒ වගකීම දරාගෙන ඉන්නවා.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,540
    2,653
    113
    United States
    ලක්ෂ එකහමාරට ගියාම ගොඩක් අයට සහනයක් ලැබෙයි බන්, වැටුපෙන් කැපෙන එක අඩු වෙන එකම ලොකු දෙයක්
     
    • Love
    Reactions: ChoronaSottiya

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,964
    6,860
    113
    39
    Galle
    ලක්ෂ එකහමාරට ගියාම ගොඩක් අයට සහනයක් ලැබෙයි බන්, වැටුපෙන් කැපෙන එක අඩු වෙන එකම ලොකු දෙයක්
    dan kapen nr 150000 n uda neda?
     

    Similar threads