ලෝකයේ ලොකුම සල්ලිකාරයින් එනම් බිලියනපතියන් 25 දෙනාගෙන් 17ක් ඇමරිකානුවන්ය. මේ බිලියනපතියන් බිහි කලේ ඇමරිකාවේ අධ්‍යාපනයයි. මේ ඒ ගැන සරල විස්තරයක් වන අතර පහලින් ඇත්තේ ඒ බිලියනපතියන්ගේ ලැයිස්තුවයි.
එලෝන් මස්ක් (Tesla, SpaceX)
ලැරී පේජ් (Google)
සර්ජි බ්‍රින් (Google)
ජෙෆ් බෙසොස් (Amazon)
මාර්ක් සකබර්ග් (Meta / Facebook)
ලැරී එලිසන් (Oracle)
ජෙන්සන් හුආන්ග් (NVIDIA)
වොරන් බෆට් (Berkshire Hathaway)
රොබ් වෝල්ටන් (Walmart)
ජිම් වෝල්ටන් (Walmart)
මයිකල් ඩෙල් (Dell Technologies)
ඇලිස් වෝල්ටන් (Walmart)
ස්ටීව් බෝල්මර් (Microsoft)
මිචෙල් බ්ලූම්බර්ග් (Bloomberg LP)
බිල් ගේට්ස් (Microsoft)
තෝමස් පෙටර්ෆි (Interactive Brokers)
ජූලියා කෝච් (Koch Industries)
ලොව විශාලතම සමාගම් 25න් 19ක්ම ඇමරිකානු සමාගම්ය. මේ ඒ සමාගම්ය. මේ සමාගම් බිහි කලේ ටියුෂන් නැති ඇමරිකානු අධ්‍යාපනයයි. පහලින් ඇත්තේ එම ලයිස්තුවයි.
NVIDIA (තාක්ෂණය / AI චිප් නිෂ්පාදනය)
Microsoft (තොරතුරු තාක්ෂණය / මෘදුකාංග / Cloud)
Apple (තාක්ෂණික උපාංග / ස්මාර්ට්ෆෝන්)
Amazon (ඉලෙක්ට්‍රොනික වාණිජ්‍යය / Cloud Services)
Alphabet / Google (අන්තර්ජාල සේවාවල / සෙවුම් යන්ත්‍ර)
Meta Platforms / Facebook (සමාජ මාධ්‍ය / තාක්ෂණය)
Tesla (විදුලි මෝටර් රථ / පුනර්ජනනීය බලශක්තිය)
Broadcom (අර්ධ සන්නායක / Semis & Tech)
Berkshire Hathaway (ආයෝජන සහ මුදල් කළමනාකරණය - Warren Buffett)
Eli Lilly (ඖෂධ සහ සෞඛ්‍ය ක්ෂේත්රය)
Walmart (විශාලතම සිල්ලර වෙළඳ ජාලය)
JPMorgan Chase (ලොව ප්‍රමුඛතම මුල්‍ය හා බැංකු සේවාව)
Visa (ඩිජිටල් ගෙවීම් ජාලය)
Mastercard (ඩිජිටල් ගෙවීම් ජාලය)
ExxonMobil (ඛනිජ තෙල් හා බලශක්තිය)
Procter & Gamble / P&G (පාරිභෝගික භාණ්ඩ - FMCG)
Costco (මහා පරිමාණ සිල්ලර වෙළඳ සමාගම)
Oracle (මෘදුකාංග සහ Cloud දත්ත පද්ධති)
Home Depot (නිවාස අලුත්වැඩියා සහ ගොඩනැගිලි ද්‍රව්‍ය)
ඇමෙරිකාවේ ටියුෂන් නැත. එසේ නම් මෙවන් වික්‍රමයක් කර ලෝකයම ඇල්ලුවේ කෙසේද ?
ඇමරිකාවේ බාලාංශයේ සිට උසස්පෙළ දක්වා අධ්‍යාපනය සම්පුර්ණයෙන් නොමිලේ රජයෙනි.
පංති වල කිසි දිනයක පලවෙනියෙක් දෙවෙනියෙක් නැත. එසේනම් ඔවුන්ට ඉගෙන ගැනීමට ඇති උනන්දුව කුමක්ද ?
ඒ උනන්දුව පුළුල්ය.
එනම් ලංකාවේ ළමයකු තරඟ කරන්නේ තම මිතුරා සමඟය. එසේත් නැතිනම් පන්තියේ ළඟ සිටින කෙනෙකු සමඟය. එක්කෝ දෙමව්පියන්ගේ කරදරය නිසාය.
ඇමරිකාවේ ළමයකු ඉගෙන ගැනීමේ අරමුණ
"මා ඉගෙන ගත්තොත්, මට ලෝකයේ කොතැනක සිටියත් ජීවිතය දිනිය හැක." යන්නය.
මේ අරමුණ කුඩා කල සිටම ඒ ළමයින්ට පැහැදිලි කර කියා දෙයි. ගුරුවරුන්ගේ සහ දෙමව්පියන්ගේ අදහස් එකය.
ඇමෙරිකාවේ භාවිත වන්නේ GPA (Grade Point Average) සහ A, B, C, D ග්‍රේඩ් වලින් ළමයාගේ දක්ෂතාව මැනීමේ ක්රමයකි.
යම් විෂයකට ළමයින් 10 දෙනෙකුම C සාමාර්ථ ලබා ගත්තොත්, ඒ 10 දෙනාටම හිමිවන්නේ එකම වටිනාකමකි. එකෙක් වෙනුවෙන් තව එකෙක් පැරදිය යුතුයි යන ඊර්ෂ්‍යාකාරී තරඟය එතැන නැත.
බාලංශයට ඇමරිකාවේ ළමයින් සියයක් ඇතුල් කළා නම් උසස් අධ්‍යාපනය ලබා සියයක් පිටවෙයි. මැද කිසිවකු හැලෙන්නේ නැත.
ඇමරිකාවේ උසස් අධ්‍යාපනය තෙක් ළමයෙකු ඉගෙන ගැනීම යනු අතිශය අනිවාර්ය අංගයකි. ඉපදුනා නම් උසස් අධ්‍යාපනයක් ලැබිය යුතුමය යනු එහි ප්රමිතියයි.
යම් විෂයකට අමාරු ළමයෙකු සිටී නම්, එම පාසල තුළදීම (School Tutoring/Remedial Classes) නොමිලේ අමතර සහාය ලබාදේ.
ළමයා තමන් කැමති විෂයයන් තමන්ගේ රුචිකත්වය අනුව තෝරා ගනී.
තමන් ආසා කරන දේ කරන නිසා, අනෙකා පරයා යාමේ පීඩනයකට වඩා තමා කරන දේ සාර්ථකව කිරීමේ සතුට දරුවා ලබයි.
ඇමෙරිකානු අධ්‍යාපනයේ ක්‍රීඩාව, කලා කටයුතු, සහ සමාජ සේවය යනු අමතර වැඩ නොවේ. ඒවා අධ්‍යාපනයේම කොටසකි.
විශ්වවිද්‍යාලවලට ළමුන් ඇතුළත් කරගැනීමේදී විභාග ලකුණු පමණක් බලන්නේ නැත. ළමයා ක්‍රීඩා කර තිබේද? නායකත්ව ලක්ෂණ තිබේද? සමාජයට සේවයක් කර තිබේද? යන්න දැඩි ලෙස සැලකිල්ලට ගනී.
ඇමරිකාවේ අපේ රටේ මෙන් එකම එක විභාගයකින් (O/L හෝ A/L) ළමයාගේ මුළු අනාගතයම තීරණය කරන්නේ නැත. ඇමෙරිකාවේ ඇත්තේ GPA (Grade Point Average) ක්‍රමයයි.
පාසල තුළ කරන Project, Assignment, පන්ති කාමරයේ පැමිණීම සහ වසර පුරා කරන කුඩා පරීක්ෂණ සියල්ල එකතු වී අවසාන ප්‍රතිඵලය සෑදේ. එම නිසා එක විභාගයක් වෙනුවෙන් රෑ එළිවන තුරු පාඩම් කර මානසිකව ඇද වැටෙන සංස්කෘතියක් එහි නැත.
පොතේ පතේ න්‍යායන් කටපාඩම් කරවනවා වෙනුවට ඇමෙරිකාවේ මුල්තැන දෙන්නේ STEM (Science, Technology, Engineering, Math) සහ ප්‍රායෝගික ව්යවසායකත්වයටයි. ඩිජිටල් තාක්ෂණය, මූල්‍ය සාක්ෂරතාවය (Financial Literacy), සහ සන්නිවේදන කුසලතා පාසල තුළදීම උගන්වනු ලබයි.
ඇමෙරිකාවේ ළමා මනෝවිද්‍යාඥයින්ගේ නිර්දේශ මත, දරුවන්ට පැය 8-9 ක නිසි නින්දක් ලැබෙන පරිදි සහ පවුලේ අය සමඟ ගත කිරීමට කාලය ලැබෙන පරිදි පාසල් කාලසටහන් සකස් කර ඇත. මධ්‍යම රාත්‍රියේ හෝ පාන්දර පන්ති පවත්වා දරුවන්ගේ ස්නායු පද්ධතිය විනාශ කිරීමට එහි කිසිවෙකුට ඉඩක් නැත.
ලංකාවේ A/L ඉවර කර එළියට එන ළමයා ළඟ ඇත්තේ විභාග පේපර් එකකට උත්තර ලිවීමේ කුසලතාවය පමණි. ජොබ් එකකට ගිය විට ඊමේල් එකක් යවන්නේ කෙසේද, ඔෆිස් එකක වැඩ කරන්නේ කෙසේද, පාරිභෝගික සම්බන්දතා යනු කුමක්ද වැනි අතිශය ප්‍රයෝගික දේවල් කිසි දෙයක් නොදනී.
නමුත් ඇමෙරිකාවේ High School (12 ශ්‍රේණිය) ඉවර කර එන 18 වෙනි වියේ පසුවන දරුවා, පාසල් යන අතරතුර අර්ධකාලීන රැකියා කර, පාසලෙන්ම වෘත්තීය පුහුණුව ගෙන, පළමු දිනයේ සිට ඕනෑම ආයතනයක වැඩ බාර ගත හැකි ප්‍රායෝගික 'Work-ready' තරුණයෙක් විදිහට සමාජයට පැමිණේ.
ඇමරිකාවේ එරට ඕනෑම තැනැත්තෙකුට රැකියාවක නිරත වන අතරතුර, තමන් ලබාගත් ප්‍රායෝගික පළපුරුද්ද (Prior Learning Assessment) පරීක්ෂණයකින් තහවුරු කරමින්, ඒ වෙනුවෙන් විශ්වවිද්‍යාල නියමිත පූර්ව ලකුණු ලබාගෙන ඕනෑම වයස් සීමාවකදී උසස් අධ්‍යාපනය ආරම්භ කිරීමේ නම්‍යශීලී අවස්ථාව හිමිවේ.
ඇමෙරිකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වලද පුද්ගලික විශ්ව විද්‍යාල වල මෙන්ම මුදල් අය කරයි. එය එසේ කර ඇත්තේ පාසල් අධ්‍යාපනය හමාර කල දරුවන් රැකියා වල නිරත වීම නිසාය.
එහි උපාධිධාරියා යනු උපාධිය නිම වන විටත් සැබෑ ආයතනික පළපුරුද්දක් සහ රැකියා සූදානමක් (Day 1 Readiness) සහිත, තමන්ගේ මුදල් හෝ ණය වෙනුවෙන් කාලයේ අගය දන්නා වෘත්තිකයෙකි.
නමුත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නොමිලේ ලැබෙන අධ්‍යාපනයේ අගයක් ,නියාමනයක් නැති නිදහස නිසා, දරුවන් දේශපාලනික උගුල්වලට හසුවී නිරන්තර වර්ජන හා පෙළපාලිවලින් වසර ගණනාවක් අපතේ යවති.
අවසානයේ ප්‍රායෝගික කුසලතා හෝ රැකියා පළපුරුද්දක් නොමැතිව උපාධිය අතට ගන්නා ඔවුන්ට, නැවතත් රජයෙන් රැකියා ඉල්ලා පාරට බැසීමට සිදුවීම අද අප මුහුණ දී සිටින කටුක ජාතික ඛේදවාචකයයි.
ඇමරිකාව වැනි බටහිර ලෝකය බුදු දහමේ නාම මාත්‍රයක්වත් නොදන්නා වුවද ඔවුන් තම අධ්‍යාපන ක්‍රමය තුළ සැබැවින්ම ක්‍රියාත්මක කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ අනෙකා පරයා යාම නොව, තමාගේ මනස හා කුසලතා දියුණු කරගැනීම' නම් වූ උතුම් මූලධර්මයයි.
නමුත් ධර්මයේ දේශයැයි පපුවට තලා ගන්නා බෞද්ධයෝ වන අපි, බුදුන් වදාළ මඟ පසෙක තබා, අනුන් පරයා ඉහළට යෑමේ ඊර්ෂ්‍යාවෙන් දරුවන්ගේ ස්නායු පද්ධතිය විනාශ කරමින්, මහ රෑ නිදි මරමින් අමනුෂ්‍ය තරගයක හිර වී සිටින්නෙමු.
බුදු දහමේ ඉගැන්වීම වෙනත් රටවල් ප්‍රායෝගිකව ජීවිතයට ගෙන ලෝකය ජයගනිද්දී, බෞද්ධ අපි කුහක තරඟයකින් අපේම දරුවන්ගේ අනාගතය අමුඅමුවේ බිලිදීම තරම් වන මහා විපර්යාසය කුමක්ද?
ඉතින් අපි මෙතනට එන්නේ කවදද ?
ඉදිරියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී මේවා සලකා බලන්න කියා මා වගකිව යුතු සැමගෙන් ආදරයන් ඉල්ලමි.
මෙම ලිපිය වැඩිපිරිසක් අතට පත්වීමට ශෙයා කිරීම අගය කරමි.