බොන පාටියට ඉන්වයිට් කරේ නැතැයි අසල්වැසියා මරා දාලා

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    14,290
    11,621
    113
    හෙල වන්ශ නිර්මල මහා ජාති කතාවක්

    මිතුරන් කිහිපදෙනෙකු එක්ව මත්පැන් පානය කරමින් සිටියදී, අසල නිවසක පැවති වෙනත් සාදයකට එක්වීමට අවසර ඉල්ලා කළ දුරකථන ඇමතුමක් සහ ඒ හරහා ඇති වූ බහින්බස් වීමක් අවසන් වූයේ එක් අයෙකුට සිය ජීවිතය අහිමි කරමිනි. අඟුරුවාතොට පොලිස් වසමට අයත් ගල්පාත, මුල්ගොඩ කන්ද ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් පැමිණි අසල්වැසියකු විසින් අඩි දෙකක් පමණ දිගැති සුදු යකඩ කඩුවකින් පපුවට ඇන කුලී වැඩ කරමින් ජීවිකාව ගෙන ගිය පුද්ගලයකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

    මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගල්පාත, මුල්ගොඩ කන්ද ප්‍රදේශයේම පදිංචිව සිටි 41 හැවිරිදි මද්දුමගේ නන්දන නැමැති අවිවාහක පුද්ගලයෙකි. කුලී වැඩ කරමින් සිය මව සමග නිවසේ දිවි ගෙවූ ඔහු, සිද්ධිය වූ දින තම මිතුරකුගේ නිවසට ගොස් තිබුණි. එහිදී එම නිවසේ හිමිකරු වන ත්‍රිරෝද රථ රියදුරකු සහ තවත් පුද්ගලයකු සමග ඔහු මත්පැන් පානය කරමින් සිට ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

    ඔවුන් එලෙස සිටින අතරතුර, ඊට ආසන්නයේ පිහිටි සැකකරුගේ නිවසේද තවත් පිරිසක් එක්ව අධික ලෙස මත්පැන් පානය කරමින් හා ගීත ගායනා කරමින් සාදයක් පවත්වා තිබේ. නිවාස දෙක එකිනෙකට ආසන්නයේ පිහිටා තිබීම හේතුවෙන් සැකකරුගේ නිවසේ පැවැති සාදයේ ගීත ගායනා කරන හඬ මියගිය පුද්ගලයා සිටි නිවසේ සිටි තිදෙනාටද ඇසී ඇති අතර, ඔවුන්ටද එම සාදයට එක්වීමට ආශාවක් ඇතිවී තිබේ.

    ඒ අනුව, මියගිය පුද්ගලයා සිටි නිවසේ හිමිකරු විසින් සැකකරුට දුරකථන ඇමතුමක් ලබාදී තමන් ඇතුළු පිරිසටද එම සාදයට පැමිණිය හැකිදැයි විමසා ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. එහිදී සැකකරු ඊට දැඩි ලෙස බැණවැදී ඇති අතර, තම බිරිඳ නිවසින් පිටව ගොස් ඇත්තේ ඔවුන්ගේ කේලාම් නිසා බවත්, එබැවින් ඔවුන්ට එම ස්ථානයට නොපැමිණෙන ලෙසත් ඔහු පවසා ඇති බව පොලිසිය කියයි. මෙම කතාබහ අතරතුර දුරකථනය අතට ගෙන ඇති මියගිය පුද්ගලයාද සැකකරුට බැණ වැදී ඇත.

    දුරකථන සංවාදයෙන් දැඩි ලෙස උරණ වූ සැකකරු ත්‍රිරෝද රථයකින් කඩුවක්ද රැගෙන මියගිය පුද්ගලයා සිටි නිවසට පැමිණ තිබේ. එහිදී අඩි දෙකක් පමණ දිග මුවහත් කළ සුදු යකඩ කඩුව ඔහු නන්දනගේ පපුවට කිඳා බස්වා ඇතැයි පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත. කෙසේ වෙතත්, කඩු ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ මියගිය පුද්ගලයා සමග සිටි අනෙක් පුද්ගලයන් දෙදෙනා එය වැළැක්වීමට කිසිදු උත්සාහයක් ගෙන නොමැති බව නිවසේ හිමිකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

    කඩු ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා, සැකකරු සහ නිවසේ හිමිකරු විසින් සැකකරු පැමිණි ත්‍රිරෝද රථයෙන්ම ගල්පාත රෝහලට රැගෙන ගොස් ඇතුළත් කර තිබේ. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුව හොරණ දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇති අතර, එහිදී ඔහු මියගොස් ඇති බව පොලිසිය කියයි. තුවාලකරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව සැකකරු එම ස්ථානයෙන් පලාගොස් ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත. සැකකරු පැමිණි ත්‍රිරෝද රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය වන අවස්ථාවේ මියගිය පුද්ගලයා සමග සිටි අනෙක් පුද්ගලයන් දෙදෙනාගෙන්ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. සිද්ධිය වූ නිවස ඇතුළත තිබී එක් කඩුවක්ද, ඊට අමතරව ළිඳක් අසල ඇති ඇට්ටේරියා ගසක් පාමුල තිබී අඩි දෙකක් පමණ දිගැති ලේ තැවරුණු සුදු යකඩ කඩුවක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත. පලාගිය ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මෙහෙයුම් දියත් කර තිබේ.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,798
    6,569
    113
    පෝලන්තෙ කැම්රි හෙලයො 👇

    Suspect dead after 6 killed, 15 injured Saturday in Poland mass shooting

    The Office Lol GIF
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,050
    21,810
    113
    Panadura
    ඒක තමයි, පකිස්තාන්, ස්‍රි ලන්කා, පොලන්තෙ ඔක්කොම එකයි
    ඒක තමයි ඒක තමයි ඒක තමයි ඒක තමයි ඒක තමයි ඒක තමයි ඒක තමයි ඒක තමයි ඒක තමයි
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,474
    1
    20,611
    113
    35
    Spain
    ඉතින් බන් ආත්මාරක්ෂාවට නේ කරලා තියෙන්නේ, කඩුවක් අරන් ඇවිත් කොටන්න. ගෙදර එකා පන බේරගන්න සටන් කරලා. ඔකේ කිසිම වැරද්දක් නෑ.
     
    • Like
    Reactions: HKavinda

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,795
    35,962
    113
    මට නම් ඔහොම සෙට් වෙලා බොන්න බෑ.
    මම ශොට් එකක් දාන්නේ තනියම.
    නෝ වලි
    නෝ කයිවරු
    ෆුල් ආතල්
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,551
    6,432
    113
    කුලී වැඩ කරන, ජොලි පෙට්ටි හයර් පදින බහුතරයක් උන්ගෙ හැටි තමයි ඔය. ඕන එකකට අතින් පයින්, කඩු කිනිසි උස්සන් ගහගන්න තමයි යන්නෙ.
     
    • Like
    Reactions: Mugen

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,565
    14,669
    113
    පෘථිවිය

    ජෙප්පෙක් නේද ?