රජයට බිස්නස් බෑ කියලා, රටේ පොදු සේවාවන් පිටරට රජයේ සමාගම්වලට විකුණපු,
දැන් අර්බුදයටත් මුල පාදපු,
කංචන විජේසේකර දැන් 2029 ට කලින්ම අලුත් ජීවිතයක් පටන් අරන්!
~ කංචනට පෞද්ගලික අංශයේ ලැබුණු අලුත් ජීවිතය ~
කංචන විජේසේකර දැන් මැක්ලරන්ස් සමූහයේ (McLarens Group) සමූහ අධ්යක්ෂවරයෙක්.
2025 දී ඔහු එම සමූහයට එකතු වුණා කියලා සමූහයේ වෙබ් අඩවියේම තියෙනවා. රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීමේ සහ බලශක්ති ක්ෂේත්රයේ ඔහු ලැබූ අත්දැකීම් සමූහයේ වර්ධනයට වැදගත් කියලත් එතන ලියලා තියෙනවා.
මැක්ලරන්ස් කියන්නේ නිකම්ම නිකම් කම්පැනියක් නෙවෙයි.
නාවික ප්‍රවාහනය, වරාය සේවා, භාණ්ඩ ප්‍රවාහනය, ඛනිජ තෙල්, බලශක්තිය, ලිහිසි තෙල්, හෝටල්, දේපළ ආයෝජන, සංචාරක ව්‍යාපාර - මේ ඔක්කොම තියෙන ලොකු සමූහයක්.
ඒකේ තියෙන බලශක්ති ව්‍යාපාර ටික බලන්න…
Interocean Energy (Pvt) Ltd - නෞකාවලට ඉන්ධන සපයන ව්‍යාපාරය. කොළඹ, ගාල්ල, හම්බන්තොට, ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව ඉන්ධන ආනයනය, ගබඩා කිරීම, වෙළෙඳාම කරනවා.
Interocean Lubricants (Pvt) Ltd - 2012 ඉඳන් සිනොපෙක් (Sinopec) සන්නාමයේ ලිහිසි තෙල් ලංකාවේ බෙදාහරින බලයලත් සමාගම. දිවයින පුරාම ඩීලර් ජාලයක් තියෙනවා.
ඒ කියන්නේ සිනෝපෙක් එක්ක මැක්ලරන්ස් සම්බන්ධය හංගන්න බෑ.
දැන් ප්‍රශ්නේ මේකයි…
රජය සතු සිපෙට්කෝ එකේ ෂෙඩ් ටික සිනෝපෙක් එකට විකුණලා, රටේ ඉන්ධන බෙදාහැරීම විනාශ කරපු,
ලංකාවේ ඉන්ධන හා විදුලිබල ක්ෂේත්රය ප්‍රතිව්‍යුහගත කරන්න දේශපාලන නායකත්වය දුන්න ඇමතිවරයා,
ඇමතිකම නැති වෙලා කෙටි කාලයක් ඇතුළත ඒ ක්ෂේත්රයේම ප්‍රබල ව්‍යාපාරික සම්බන්ධතා තියෙන සමූහයක ඩිරෙක්ටර් කෙනෙක් වෙන්නේ කොහොමද?
සිපෙට්කෝ ෂෙඩ් විකුණලා කරපු විනාසේ මතකද?
අපේම රාජ්‍ය සමාගමක් වුණ සිපෙට්කෝ එකේ පිරවුම්හල් 150ක් විතර සිනෝපෙක් එකට දුන්නා.
ඒකෙන් වුණේ මොකක්ද?
1.රටේ ඉන්ධන බෙදාහැරීමේ ඒකාධිකාරය පිටරට සමාගමකට ගියා
2.සිපෙට්කෝ එක දුර්වල වුණා, පාඩු වෙන්න ගත්තා
3.ඉන්ධන මිල තීරණය කිරීමේ බලයත් අපේ අතින් ගියා
4.අද ඉන්ධන අර්බුදයක් ආවම රජයටවත් කරන්න දෙයක් නැති තත්වයක් හැදුණා
රජයට බිස්නස් බෑ කියලා අපේ දේවල් විකුණුවා. අන්තිමට විඳවන්නේ අපි.
මේකට ලෝකේ කියන්නේ Revolving Door කියලා.
රජයේ ප්‍රතිපත්ති හදපු මිනිස්සු, පස්සේ ඒ ක්ෂේත්රයේම පෞද්ගලික කම්පැනි වල ලොකු පුටු වලට යන එක.
ඇමතිකාලේ ලැබුණු දැනුම, සම්බන්ධතා, තීරණ ගැනීමේ ක්‍රියාවලියට තිබුණු ප්‍රවේශය, පස්සේ පෞද්ගලික ව්‍යාපාර වලට පාවිච්චි වෙනවද?
ඔහු ඇමති වෙලා ඉන්න කාලේ මැක්ලරන්ස් සමූහයට රජයෙන් ලැබුණු ලයිසන්, කොන්ත්‍රාත්, ව්‍යාපාරික පහසුකම් මොනවද?
ඔහුගේ දැන් වගකීම් මොනවද?
මේවට උත්තර ඕනේ.
ඇත්ත කතාව මේකයි ~
කලින් නම් මේ අය දේශපාලනයයි බිස්නස් එකයි දෙකම කරගෙන හිටියා.
ඇමතිකමත් තියාගෙන, යටින් බිස්නස් ටිකත් කරගෙන ගියා.
දැන් මාලිමා ආණ්ඩුව ආව නිසා තමයි මෙහෙම දේශපාලනයෙන් අයින් වෙලා බිස්නස් කරගෙන ඉන්න හදන්නේ.
මොකද දැන් කලින් වගේ රාජ්‍ය සම්පත් හොරා කාලා, දේශපාලන බලයෙන් බිස්නස් කරගෙන යන්න බෑ.
ඒකයි දැන් සුදනෝ වගේ බිස්නස් කරන්න ඇවිත් තියෙන්නේ.
කංචන මැක්ලරන්ස් එකට ගියේ ඔහුගේ දක්ෂ පරිපාලන හැකියාවකට වඩා, ඇමතිවරයාව ඉන්න කාලේ හදාගත්ත සම්බන්ධතා නිසා බව ඕන කෙනෙක්ට තේරෙනවා.
රට විකුණපු අයට දැන් බිස්නස් කරන්න පුළුවන්.
ඒත් රටේ මිනිස්සුන්ට තාම ඉන්ධන පෝලිමේ ඉන්න වෙලා තියෙනවා.
ඒක තමයි වෙනස.
මිනිස්සු මේ Revolving Door එක ගැන දැනගන්න ඕනේ.
------
Post added on Nov 16, 2026 at 7:38 AM