වයස අවුරුදු 23ක තරුණයෙක්, වයස අවුරුදු 15 ක දැරියක රැගෙන ගොස් ලිං*** එක්වීම නිසා අභියාචනාධිකරණය විසින් ඔහු වැරදිකරු කරමින් නඩු තීන්දුවක් ලබා දුන්නා. මේ දෙදෙනා පෙම්වතුන්. ඔවුන් ලිං**ව එක් වී තිබුණේ දෙදෙනාගේම කැමැත්තෙන්. අභියාචනාධිකරණය සිය නඩු තීන්දුව ලබා දීමේදී ඔවුන්ට බිහි වී සිටි දරුවා ගැනත් විශේෂයෙන් සළකා බැලුවා. ඒ වගේම මෙහිදී නීත්‍යානුකූල භාරකාරත්වයෙන් දැරියක රැගෙන යෑම, කැමැත්තෙන් සංසර්ගයක යෙදීමේදී එය අපරාධ වරදක් බවට පත්වන ආකාරය ආදිය ගැන සාකච්ඡා වුණා. ඒ වගේම, දරුවෙක් සිටීම හේතුවෙන් දඬුවම් අඩු කළ යුතු ද යන්න ගැනත් විශේෂයෙන් සළකා බැලූ නඩුවක් මේක.
මොකක්ද මේ සිදුවීම? අධිකරණය මොකක්ද කිව්වෙ? මොනවාද ලැබුණු දඬුවම්? අපි මේ ලිපියෙන් ඒ ගැන විමසා බලමු.
මේ, ශ්‍රී ලංකා ගරු අභියාචනාධිකරණය විසින් ලබා දුන්, නඩු අංක CA/HCC/0128/2022 (ශාන්ත කුමාරසිරි එදිරිව නීතිපති) දරන නඩු තීන්දුව පිළිබඳ සටහනක්.
මොකක්ද සිදුවීම?
මේ සිදුවීම වෙද්දි අදාල දැරියට වයස අවුරුදු 15 යි. අදාල තරුණයාට වයස අවුරුදු 23 යි. මේ දෙදෙනා ඒ වෙද්දි පෙම්වතුන්. ඔවුන් අතර ලියාපදිංචි වලංගු විවාහයක් තිබුණෙ නෑ. ඒ වගේම, අධිකරණයේදී හෙළි වුණා, මේ නඩුවට පදනම් වූ සිදුවීමට කලිනුත් ඔවුන් පෙම්වතුන් ලෙස අවස්ථා කීපයකදී දෙදෙනාගේම කැමැත්තෙන් ලිං**ව එකතු වී තිබෙන බව. මෙම නඩුවට පදනම් වන සිදුවීම වුණේ 2019 අවුරුද්දෙ අගෝස්තු මාසෙ 27 වැනිදා.
ඇයි මේ නඩුව දැන් අපි කතා කරන්නෙ?
මේ සිදුවීම ඔබට හුරුයි වගේ නේද. ඔව්. ඊයෙ පෙරේදා දිනයක නකල්ස් රක්ෂිතයේදී, වයස අවුරුදු 15ක දැරියක් සහ වයස අවුරුදු 23 ක තරුණයෙක් අත් අඩංගුවට පත් වුණා. ඔවුන් දෙදෙනා අතර සිදු වුණු සංසර්ගයකින් දැරිය දරුවෙකු බිහි කොට තිබුණා. ඒ 2026 දි. හැබැයි මේ සිදුවීම් දෙකම (2019 සිදුවීම සහ 2026 සිදුවීම) මතුපිට කරුණු අනුව එහෙම් පිටින්ම වගේ සමානයි.
ඉතින් මේ 2019 සිදුවීමට අදාල නඩුව අපි අද කතා කරන්නෙ, නකල්ස් සිදුවීමට බොහෝ සෙයින් සමාන සිදුවීම් ලංකාවෙ සිදු වෙලා තිබෙන බවත්, එවැනි වෙලාවකදී අධිකරණය විසින් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යන්නත්, පැහැදිලි කරගැනීමේ අරමුණින්.
එදා මොකද වුණේ? (2019 සිදුවීමෙදි)
මේ දැරිය කාලයක් හිටියෙ ළමා නිවාසයක. පසුව ඇය එතැනින් ඇගේ නැන්දාගේ ගෙදරට ආවා. දැරිය සිය නැන්දාගේ ගෙදර ඉද්දි, ඇගේ පෙම්වතා වන වයස අවුරුදු 23 ක තරුණයා සමග ගෙදරින් පැනලා ගියා. දැරියගේ නැන්දා මේ පිළිබඳව පොලිස් පැමිණිල්ලක් දැම්මා. පොලිසිය ගිහින් මේ දැරියවයි ඇගේ පෙම්වතා වන තරුණයාවයි හොයාගත්තා. තරුණයා පොලිස් අත් අඩංගුවට පත් වුණා. පසුව හෙළි වුණා, මේ දැරිය නැන්දාගේ භාරයේ සිටියදී, දැරියගේම අම්මා විසින් ඇයව පිටතට රැගෙන ගොස්, දැරියගේ පෙම්වතාට බාර දී තිබෙන බව.
මේ තත්ත්වයන් සළකා බැලූ අධිකරණය විසින්, දැරියව නැවතත් නැන්දාගේ භාරයට පත් කළා.
අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් විසින් දැරියව පරීක්ෂා කළා. එහිදී ඇය වෛද්‍ය නිලධාරියාට, ‘මම ඔහු සමග සංසර්ගයේ යෙදුණේ මගේ කැමැත්තෙන්‘ බව ප්‍රකාශ කළා.
පොලිස් භාරයට පත් වුණු 23 හැවිරිදි පෙම්වතාට එරෙහිව, රජයේ නීතිපති පාර්ශ්වය විසින් නඩු දැම්මා. ඒ, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 354 සහ 364(2) වගන්ති යටතේ.
මොනවද මේ 354 සහ 364(2) වගන්තිවල තිබෙන්නෙ?
354 වගන්තිය-
නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම නමැති අපරාධ වරද:
ඒ කියන්නෙ, යම්කිසි බාල වයස්කාරයෙක්ව, එයාගෙ නීත්‍යානුකූල භාරකාරයාගෙන් පැහැරගෙන ඉවතට රැගෙන යෑම. ලංකාවෙ නීතියට අනුව මේ වරදට අවුරුදු 7ක් දක්වා හිර දඬුවම් ලැබෙන්න පුළුවන්. දඩයකුත් ගෙවන්න වෙනවා.
364(2) වගන්තිය-
බාල වයස්කාරියක දූ***-
මෙහිදී දැරිය 16ට අඩු නිසා එය ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූ*** ලෙස සළකයි. (කැමැත්ත තිබියදී හෝ හෝ කැමැත්ත නැතිව කරන ඕනෑම සංසර්ගයක් මීට අයිතියි). ලංකාවෙ නීතියට අනුව මේ අපරාධ වරදට අවම දඬුවම වසර 10ක සිර දඬුවමක්.
(මේ වැරදි 2ම ගැන, Nuwan Ishara Mahagamage ෆේස්බුක් පිටුවෙ මීට කලින් අති විශාල නඩු ප්‍රමාණයක් අපි කතා කරලා තිබෙන නිසා, ඒ ගැන වැඩිදුර සාකච්ඡා නොකර ඉදිරියට යමු).
ඉහත චෝදනා සහිතව ඇඹිලිපිටිය මහාධිකරණය තුළ, නඩු අංක HCE/18/2022 යටතේ මෙම නඩුව විභාග වුණා.
එහිදී, වයස අවුරුදු 23 ක පෙම්වතා විසින් මෙම වැරදි සඳහා පළමුවෙන්ම වරද පිළිගත්තා. ඉන් අනතුරුව දෙපාර්ශ්වයේ කරුණු ඉදිරිපත් වුණා. දැරියට එරෙහිව සිදු කළ වැරදි අපරාධ වැරදි වීම හේතුවෙන්, එම වැරදි ශ්‍රී ලංකා රජයට කළ වැරදි සේ සළකා (අපරාධ වැරදි සඳහා බලපවත්වන සාමාන්‍ය තත්ත්වය) නීතිපති පාර්ශ්වය නඩුවට ඉදිරිපත් වුණා.
සියළු කරුණු සළකා බැලූ ඇඹිලිපිටිය මහාධිකරණය විසින්, ඉහත චෝදනා 2ටම අදාල තරුණයා වැරදිකරු බව තීන්දු කළා. ඔහුට පහත ආකාරයට දඬුවම් නියම කළා.
පළමු වරද (නීත්‍යානුකූල භාරකාරීත්වයෙන් පැහැරගෙන යෑම) සඳහා; අවුරුදු 2ක බරපතළ වැඩ ඇතිව සිර දඬුවමක් සහ රුපියල් 5000 ක දඩයක්. එම දඩය නොගෙවන්නේ නම් තවත් මාස 6ක සාමාන්‍ය සිර දඬුවමක්.
දෙවැනි වරද (ව්‍යාවස්ථාපිත ස්ත්‍රී දූ***) සඳහා; අවුරුදු 10ක බරපතළ වැඩ ඇතිව සිර දඬුවමක් සහ රුපියල් 10,000 ක දඩයක්. එම දඩය නොගෙවන්නේ නම් තවත් මාස 6ක සාමාන්‍ය සිර දඬුවමක්. මීට අමතරව අදාල දැරියට රජය විසින් තීරණය කරන වන්දි මුදලක් ගෙවීමටත් නියම වුණා.
ඒ කියන්නෙ වැරදි 2ට අවුරුදු 12ක් හිරේ ද?
නෑ. මේ දඬුවම් දෙක දුන්නෙ (වසර 10 සහ වසර 2) එකවර ගෙවී යන විදිහට. ඒ අනුව, වසර 10ක උපරිම කාලයක් සිරගතව ඉන්න ඕන.
ඊට පස්සෙ මොකද වුණේ?
අදාල තරුණයා මේ මහාධිකරණ තීන්දුව, ශ්‍රී ලංකා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 331 වගන්තිය ප්‍රකාරව ඇපීල් කළා. ඒ ශ්‍රී ලංකා ගරු අභියාචනාධිකරණය ඉදිරියේ.
මොකක්ද 331 වගන්තියේ තිබෙන්නෙ?
මේ වගන්තියෙන් තමයි, මහාධිකරණයක් විසින් ලබාදීපු තීරණයක්, අභියාචනාධිකරණය ඉදිරියේ ඇපීල් කළ යුතු ආකාරය දක්වලා තිබෙන්නෙ. තරුණයා මේ තීන්දුව ඇපීල් කළේ, තමාට ලබාදුන් දඬුවම අවම කරගැනීමේ අදහසින්. ඔහු වරද පිළිගෙන තමයි තිබුණෙ.
මොනවද ඔහු ඇපීල් එකට ඉදිරිපත් කළ කරුණු?
මෙම 23 හැවිරිදි පෙම්වතා වෙනුවෙන් ඉදිරිපත් වුණු නීතීඥයින් විසින් පහත කරුණු ඉදිරිපත් කළා.
- අදාල වරද සිදුවන අවස්ථාවේදී දැරියට වයස අවුරුදු 15 යි. තරුණයාට වයස අවුරුදු 23 යි.
- ඔවුන් අදාල ලිං** සංසර්ගයේ යෙදී තිබුණේ දැරියගේ කැමැත්ත ඇතිව. ඒ බව දැරිය විසින් අධිකරණ වෛද්‍ය නිලධාරියාට ප්‍රකාශයක් ලෙස ලබා දුන්නා. මෙම සාක්ෂිය මහේස්ත්‍රාත් අධිකරණයේදීත් ඉදිරිපත් ව තිබුණා.
- දැරිය සම්බන්ධව පරිවාසය විසින් ලබා දී තිබුණු වාර්ථාවක පැහැදිලිව සඳහන් වුණා, මෙම දැරියව ඇගේම මව විසින් නැන්දාගේ ගෙදරින් එළියට රැගෙන ගොස්, 23 හැවිරිදි පෙම්වතා වෙත ලබා දී ඇති බව.
- සිදුවීම වෙලා, අදාල තරුණයා විසින් වරද පිළිගන්නා කාලය වෙද්දි ඔහුට වයස අවුරුදු 28 ක්. (සිදුවීමට වසර 5ක් ගෙවී ගිහින්). ඒ වෙද්දි ඔහු වයස අවුරුදු 2ක කුඩා දරුවෙකුගේ පියෙක්.
- මෙම කරුණු මත, දඬුවම් පිළිබඳව නැවත සළකා බලන ලෙස තරුණයා සිය අභියාචනයෙන් ඉල්ලා සිටියා.
අභියාචනාධිකරණය මොකද කිව්වෙ?
තරුණයාට, අවුරුදු 10ක බරපතළ වැඩ ඇතිව ලබා දුන් සිර දඬුවම පිළිබඳව අභියාචනාධිකරණය දීර්ඝ ලෙස සළකා බැලුවා. එහිදී, ලංකාවේ මෙන්ම විදෙස් නඩු තීරණ සහ, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදන කීපයක් පිළිබඳව සාකච්ඡා කළා.
මෙම අවුරුදු 10ක සිර දඬුවම කියන්නෙ, අදාල වරද සඳහා ලංකාවේ නීතියෙන් ලබාදෙන අවම දඬුවම. මේ අනුව, එම එවැනි අවම දඬුවමක් අධිකරණයට වෙනස් කළ හැකි ද? තවදුරටත් අඩු කළ හැකි ද? මෙය ඉතාම සංකීර්ණ තත්ත්වයක් බවට පත් වුණා. අධිකරණයේ මූලික විමර්ශනය වුණේ එසේ අඩු කළ නොහැකි බවයි. ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූ*** සිදුව ඇති බැවින් වසර 10ක අවම දඬුවම හිමි විය යුතු බවයි.
විශේෂයෙන් ම, Jusabbhai Ayubbhai v. State of Gujarat (2012) නමැති, මෙයට පෙර තීරණය කරන ලද ඉන්දියානු නඩු තීරණයෙන් නීති සංකල්ප කීපයක් ම එහිදී අධිකරණය විසින් උපුටා දැක්වුවා. මෙම ඉන්දියානු නඩුවේදී, විනිසුරු “ජයන්ත් පටේල්“ විසින් වැදගත් ප්‍රකාශයක් කොට තිබුණා. එම ප්‍රකාශය මෙම නඩුවේදී වැදගත් කරුණක් සේ සැළකුවා.
මොකක්ද එම ප්‍රකාශය?
“justice to one party should not result in injustice to the other. The court must balance the rights of both sides and uphold the law.“
මෙම ප්‍රකාශයේ සරල සිංහල අර්ථය පහත පරිදි දක්වන්න පුළුවන්.
“එක් පාර්ශ්වයකට සාධාරණය ඉෂ්ට කළ යුත්තේ, තවත් පාර්ශ්වයකට අසාධාරණයක් නොවන පරිදි ය. අධිකරණය විසින් පාර්ශ්ව දෙකේම අයිතිවාසිකම් ගැන සළකා බලා ඒවා සමබරව ආරක්ෂා කළ යුතුය. අවසානයේදී නීතිය යථා පරිදි ඉටු වී තිබිය යුතුය“.
මේ අනුව, තවත් නඩු තීන්දු සහ නීති සංකල්ප කීපයක් සළකා බලා අභියාචනාධිකරණය විසින් සිය නිරීක්ෂණ ඉදිරිපත් කළා.
ඒ මොනවාද?
- මෙ නඩුවේ පෙත්සම්කරු (අභියාචන පෙත්සම ඉදිරිපත් කළ පෙත්සම්කරු වුණේ අදාල තරුණයා) විසින්, “නීත්‍යානුකූලව දඬුවම් ලැබිය යුතු අතිශය බරපතළ අපරාධ වරදක් කර තිබෙන බව“ අභියාචනාධිකරණය තහවුරු කළා.
- එම වැරදිකරුට තවමත් නීතියෙන් ආරක්ෂාවක් පිහිටක් ලැබීමේ අයිතිය තිබෙන බව අධිකරණය ප්‍රකාශ කළා.
- මෙම වැරදිකරු අභියාචනය විභාග වන කාලය වෙද්දී විවාහක බවත්, ඔහුට දරුවෙක් සිටින බවත් අධිකරණය නිරීක්ෂණය කළා.
- එම නිසා මෙම වැරදිකරු හුදෙක් දඬුවම් විඳිනවා වෙනුවට, අපරාධකරුවෙක් ලෙස සමාජය තුළ හංවඩු ගැහෙනවා වෙනුවට, “නිසි ලෙස මගපෙන්වීමක් ලැබ, නිසි අධීක්ෂණයක් සහිතව, නැවත නගා සිටුවිය යුතු, පුනරුත්ථාපනය කළ යුතු තැනැත්තෙක්“ බව අධිකරණය තීරණය කළා.
- ඊට අමතරව මෙම ලිං** සංසර්ගය සිදු වුණේ දැරියගේ කැමැත්තෙන් බවත්, දැරියව අදාල තරුණයා භාරයට පත් වුණේ දැරියගේ අම්මාගේ අනුදැනුමක් සහිතව බවත්, ඒ වෙද්දී දැරිය සිටියේ “අධිකරණ නියෝගයක් මත ඇගේ නැන්දාගේ භාරයේ“ බවත් යන සංකීර්ණ සංසිද්ධි දාමය අධිකරණය ගැඹුරින් සළකා බැලුවා.
දරුවාට පියෙක් අවශ්‍ය බවත්, මේ වෙද්දී නීත්‍යානුකූල කුටුම්බයට සැමියෙක් අවශ්‍ය බවත් අධිකරණයට පෙනී ගියා.
එසේනම්, Jusabbhai Ayubbhai v. State of Gujarat නමැති ඉන්දියානු නඩු තීරණයේ දී මතු කළ නීති සංකල්පය පරිදි, යම් පාර්ශ්වයකට අසාධාරණයක් සිදු නොවන සේ මෙහිදී සාධාරණ තීන්දුවක් ලබා දෙන්නේ කෙසේද? නීතියෙන් නියම කළ අවම දඬුවමක් නිසා, යම් පාර්ශ්වයක් අසාධාරණයට පත් කළ හැකි ද?
ශ්‍රී ලංකා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ව නිගමනයන් ප්‍රකාරව, අභියචනාධිකරණය විසින් මෙහිදී, “මෙම නඩුව, ව්‍යවස්ථාපිතව තීරණය කොට ඇති අවම සිර දඬුවම නියම කිරීමට සුදුසු අවස්ථාවක් නොවන බව“ තීන්දු කළා.
ඒ අනුව, මෙම තරුණයා අදාල අපරාධ වරදට වරදකරු ලෙසින් සිටියදීම, ඊට ලබාදුන් වසර 10ක බරපතළ වැඩ ඇති සිර දඬුවම අභියාචනාධිකරණය විසින් ඉවත් කළා.
මොකක්ද අවසාන දඬුවම වුණේ?
පළමු වරද වන “නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය“ සඳහා; අවුරුදු 2ක බරපතළ වැඩ ඇති සිර දඬුවමක් සමඟ රුපියල් 5000ක දඩයක්. එම දඩය නොගෙවන්නේ නම් තවත් මාස 6ක සාමාන්‍ය සිර දඬුවමක් ස්ථිර වුණා.