ගර්භාෂ දෙකක් සහ යෝනි මාර්ග දෙකක් සහිතව උපන් ලොව දුර්ලභ කාන්තාව!
මේ බ්‍රිතාන්‍ය ජාතික හේසල් ජෝන්ස් (Hazel Jones). ඇය උපතින්ම ගර්භාෂ දෙකක් (two wombs) සහ ක්‍රියාකාරී යෝනි මාර්ග දෙකක් (two vaginas) සහිතව උපත ලැබූ කාන්තාවක්. වෛද්‍ය විද්‍යාවේදී මෙම අතිශය දුර්ලභ තත්ත්වය 'Uterus Didelphys' ලෙස හඳුන්වනවා. කලල අවධියේදී ප්‍රජනක පද්ධතියේ නාල දෙක නිසි ලෙස එකට සම්බන්ධ නොවීම නිසා මෙම තත්ත්වය ඇති වන අතර, ලොව පුරා කාන්තාවන්ගෙන් ඉතා සුළු පිරිසකට මෙය දක්නට ලැබෙනවා. කුඩා කල සිටම තමන්ට ඇති වූ දැඩි වේදනාවන්ට හේතුව මෙය බව ඇය දැනගෙන ඇත්තේ වයස අවුරුදු 18 දී පමණ වෛද්‍ය පරීක්ෂණයකින් පසුවයි. බ්‍රිතාන්‍ය රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඇය තමන්ගේ මෙම වෛද්‍ය තත්ත්වය පිළිබඳව ලෝකයටම විවෘතව හෙළි කළා.
