යකෙක්

chathurarcrc

Member
Sep 24, 2008
223
8
0
37
colombo
:growl:මම යකෙක්.නපුරු නම් නැ.එලකිරි යකෙක්.කොටින්ම කිවුවොත් අහින්සක යකෙක්.මගේ සම්පුර්ණ නම උකා යකා.වයස 1200යි.ඉපදුනේ 1989.මට ගණිතය කජු කනව වගේ අමරුයි.මම ඉතින් කෙරුවොත් කරන්නේම යක් වැඩ.යකෙක් වෙන එකත් ලේසි නැ යකො.අපේ අම්ම මට කිව්වෙත් රත්තරන් යකෙක් වියන් මගෙ යකො කියලා.රත්තරන් යකෙක් විම තමා මගෙ එකම බලපොරොත්තුව දැන්.රත්තරන් ගණන් හින්ද මට රත්තරන් යකෙක් වෙන එක ලෙසි නැ කියල මම දන්නව.ඒක අපේ යක්කු ඔක්කොම දන්නවා.


යක්කු ගැන මිනිස්සු හිතන් ඉන්නේ වැරදි විදිහට.ගොඩක් අහින්සකයි යක්කු.හිටපු ගමන් මිනිස්සුන්ව බය කරනවා තමයි.වැඩිම වුනොත් දවසකට මිනිස්සු දෙන්නෙක් ගිලිවි.ඉතින් බලන්න කොච්චර අහින්සකද කියල.දුක හිතෙනව නෙද?යකෙක් වෙන්න ගොඩක් පින් කරන්න ඔන කියලා යක් මාමා මට දවසක් කිවුවා.ඒ කියන්නෙ මන් ගිය අත්මේ ගොඩක් පින් කරලා.


මිනිස්සු අතරෙත් යක්කු ඉන්නව කියලා මට හිතෙනව.මොකද මට මිනිස්සු මිනිස්සු කියන කතා ඇහිල තියෙනව.
  • අනේ යකො.
  • පල යකො.
  • තො වගේ යකෙක්.
  • යකඩො.
යකගේ ගැනු සතා යකින්නි. අම්මො…… බුදු අම්මො…. ඒ සත්තු ගැන කතා කරන්නත් බයයි.හරිම භයනකයි.මිරිස් කරල වගේ.හරිම කපටි.යක්කු අමරුවෙ වැටෙනව යක්කින්නියො හින්දා.ඉවසන්න කියන එක දන්නෙවත් නැ මේ යකින්නියො.පොඩ්ඩ බැරි වුනු ගමන් වලියට තමයි.ගැටිසි යකින්නියොයි ගැටවර යක්කුයි තමා මල් ලොකේ ජිවත් වෙන්නෙ.එකත් යකගේ අදරයක් .අලි යක්කු නම් කැමති නැ මේ පොඩි යක්කුන්ගේ ආදර හුට්ටප්පර වලට.යකගේ නිති තමයි දන්නේ ඒ වගේ වෙලවට.ඒහෙම නොකරත් බැ.ඇයි ඉතින් මුන් යකගෙ නැටිල්ලක් නේ නටන්නේ.යකෙක් වුනම ඉතින් යකගේ නැටුම නටන්නෙ නැතුව වෙන මොනා නටන්නද.


මත් මෙ යක්කු ගොන්නේ එක යකෙක්.මෙ සයිබර් අවකාශයේ යකා නටනනයි මගේ කල්පනව.යක්කුන්නටත් මෙක අස්සෙ ඉඩක් තියෙන්න ඔනනේ.ඒක මුලික යක් අයිතිවසිකමක්.


උකා යකා කියන්න නිකන්ම නිකන් යකෙක්.මේ යකා ගැන අදහස් ඔබට බාරයි.දැන්නම් යකෙක් කන්න බඩගිනි.මන් නවතිනවා.යකගේ පිහිටයි.

යක් පැවැත්ම උදෙසා කෙපවෙමීමීමීමීමී…..ඉදිරියටා යහ්.. දකුණ වම…දකුණ වම.

http://chathurarcrc.myblog.lk/

:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
 
Last edited:
  • Like
Reactions: chriela

Zaku

Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    yak rachanawak....:rofl: oyata hodata rachana liyanna puluwa wage....:lol:

    empty.gif

    mara yakek tama...
    1202591pu55lez1va.gif