Private Medical College in Malabe ?

Wal Bada

Well-known member
  • @ rehan1986

    First thing is u all r sayin that PMC s will effect badly on poor people - No one say so. What most of say is eventually it will have effects on the education of students in Government sector

    If there are PMC s in Sri Lanka, then rich students wont bother much about Wrong once more. They'll attend the Faculty with highest reputatio, which is University of Colombo. Only less qualified rich ones will enter PMCs. It's a well known fact that attached clinical program GMCs cannot be matched in PMCs. So you whole logic will be wrong


    Also u people are crying for poor students. Can u tell me anyone, who gives free of charge medicine for a person atleast once a day? If u really care about poor, then y cant u all do that?Government gives. Doctors, Nurses and other staffs are mere tools delivering that service. You have to be an utter fool to ask a Doctor to work without salary. Then, if the particular doctor was graduated from a PMC, will he give this free medicine?

    Also u all says that any bugger who have money, can get a medical degree by this. are u all crazy? Students must study atleast 3 years by going through EXAMS and assignments and all. By giving a bag of money only u cant get a degree. you have to pass those exams. Who is the one to regulate the standard of the exams? This is a business. More easy the papers, more people will pass and more bucks for the investor

    Also think bout this. There are studentd(even my friends) who have migrated abroad for a medicine degree. If there is a medical uyniversity here, they dont wanna go there and the money will save inside the country. Very old theory, but now obsolete. The investor is a foreign one. All the money will flow to foreign countries. And it's much expensive than a foreign degree as well

    At last I have to say is this. THe people who are aginst PMC s, doing that just for "JEALOUSY". They dont wanna share their bloody wages and money among others. they think if there are more doctors than this, then there will be no "state" for this job and the money they get now will diveide
    among those. The post touches the boundries of foolishness. SL Army grew from 100,000-200,000 in last few years.According to your theory the salary of a soldier should halve! Duh! what alogic

    Next time you post, please bring some valid points, not childish ones.
     

    udara1986

    Member
    Jun 19, 2009
    112
    2
    0
    Colombo
    mooda harak !!
    AL pass wena hama ekatama degree ekak ganna awasthawak thiyenna one..
    but pass wena 2% tai government unis wala ida thiyenne..
    anik 98% igena ganna eke waradda mokakda?
     

    Wal Bada

    Well-known member
  • පුද්ගලික වෛද්‍ය විද්‍යාල - මිථ්‍යාව සහ යතාර්ථය

    පුද්ගලික සමාගමක් විසින් ආරම්භ කරන ලද වෛද්‍යය විද්‍යාලයක් මාලබේ පිහිටුවා ඇති බවත් එයට සිසුන් ඇතුළත් කිරීම ආරම්භ වී ඇති බවත් මෑතක දී දැන ගන්නට ලැබිණ. පුද්ගලික වෙද විදුහල් යන මාතෘකාව ලාංකික සමාජය තුළ මුල් බැස ගත්තේ අද ඊයේ නොවේ. පුද්ගලික වෙද විදුහල් වල අතීතය හාරා අවුස්සා බැලීමේදී 1986 වසරේ දී රාගම රෝහලට අනුයුක්තව පළමු පුද්ගලික වෙද විදුහල අරඹන ලදී. නමුත් රට තුළ නැගි දැවැන්ත ශිෂ්‍ය විරෝධය නිසා හා ශිෂ්‍ය ක්‍රියාකාරීන් රැසකගේ මළ සිරුරු මතින් 1988 දී රාගම පුද්ගලික වෙද විදුහල කැළණීය සරසවියට පවරා ගැණින. ඉන් පසුව කිහිප විටෙක දී මේ සඳහා උත්සාහයන් ගැණනුන ද, ඒවා ලත් තැනම ලොප් වී ගියේ වෛද්‍යවරුන්ගෙන් හා වෛද්‍ය සිසුන්ගෙන් එල්ල වූ දැඩි විරෝධතා මතය.

    අද වන විට උපාධිධාරී වෛද්‍යවරුන් 23,000 පමණ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගෙන ඇත. නමුත් විශ්‍රාම යාම්, රටින් බැහැර වීම්, විශ්ව විද්‍යාල සේවය, මිය යාම හා ආබාධිත වීම් යනාදී හේතු නිසා සේවයේ යෙදෙනුයේ වෛද්‍යවරුන් 18,000 - 19,000 අතර ප්‍ර‍මාණයකි. මේ ප්‍රමාණය අනුව එක් වෛද්‍යවරයකුගේ සේවය ලබන ජනගහණය 1000 ක් පමණ වේ. අප අසල්වැසි රට වලට වඩා ඉතාම හොඳ වෛද්‍ය සේවයක් පිළිබඳ උදම් අනන අප මේ කරුණ ඉදිරියේ විමසිලිමත් විය යුතුය. ඉන්දියාවේ පවා මේ අනුපාතය මෙයට කිට්ටු අගයකි. එබැවින් රට තුළ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතී. අවම මට්ටමේ සෞඛ්‍ය සේවයක් පවත්වා ගැනීමට වෛද්‍යය වරුන් 40,000 ක් වත් ශ්‍රී ලංකාවට අවශ්‍යස වේ. රජයේ වෙද විදුහල් වලින් දැනට වසරකට පිට කෙරෙන වෛද්‍ය උපාධිධාරීන් සංඛ්‍යාව 900 කි. රජරට වෙද විදුහලෙහි උපාධිධාරීන් ද එක් කළ විට මෙය 1000 පමණ වේ. වසරකට පිටරට විශ්ව විද්‍යාල වලින් උපාධි ලබා පැමිණෙන සිසුන් ගණන ද 100 - 150 පමණ වේ. එබැවින් වසරකට වෛද්‍ය වරුන් 1200 ක් පමණ සේවයට එක් වන අතර 200 ක් පමණ සේවයෙන් විශ්‍රාම යති. එබැවින් වෛද්‍ය හිඟය පිය වීමට රජයේ වෙද විදුහල් වලට තවත් වසර 20ක් පමණ ගත වනු ඇත. එබැවින් වෛද්‍ය උපාධිධාරීන් ගේ සංබ්‍යාව ඉහළ නැංවීම අත්‍යවශ්‍ය කාරණයකි.

    අනෙක් අතට සරසවි පිවිසුම් ලකුණු / Z අගය තීරණය කරනුයේ සංකීර්ණ ක්‍රියාවලියක් මගිනි. සරසවි පිවිසෙන්නන්ගෙන් 40% කුසලතා පදනම මතත් 60% දිස්ත්‍රික් පදනම මතත් බඳවා ගැනේ. දිස්ත්‍රික් පදනම යටතේ සිසුන් තෝරා ගැනීමේ දී කොළඹ, ගාල්ල, මාතර, මහ නුවර හා යාපනය දිස්ත්‍රික්ක වල ඉහළ ලකුණු ලැබූ සිසුන් ට වඩා පහළ ලකුණු ලැබූ ග්‍රාමීය දිස්ත්‍රිරක්ක වල සිසුන් සරසවි වරම් ලබති. මේ ඉහළ ලකුණු ලබා සරසවි පිවිසුම් අහිමි වන පිරිස ද, ඇත්ත වශයෙන්ම දක්ෂයෝ වෙති. මේ පිරිසෙන් මුදල් ඇති අය, විදෙස් සරසවි වලින් වෙද උපාධිය ලබා ගනිති. මෙලෙස එක් සිසුවකුට වියදම් වන මුළු මුදල රුපියල් දස ලක්ෂ 3.5 - 8 දක්වා වෙනස් වෙයි. මේ මුදලින් කොටසක් හෝ රට තුළ ඉතිරි කර ගැන්මට හැකි නම් රටේ විදේශ විනිමය ප්‍රශ්නයට මඳකින් හෝ දායක වීමට හැකි වනු ඇත.

    මේ අනුව බලන කල රටෙහි පුද්ගලික වෙද විදුහල් පිහිටුවීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙනී යනු ඇත. එසේ වුව ද පුද්ගලික වෙද විදුහල් පිහිටුවීම සඳහා වූ යටිතල පහසුකම් හා ඊට අවශ්‍ය සමාජ වටපිටාව නිර්මාණය වී තිබේ දැයි විමසා බැලීම වටී.

    මේ සඳහා පළමුවෙන් ම වෛද්‍ය උපාධිධාරියා ලබන පුහුණුව ගැන මඳ අවබෝධයක් ලබා ගත යුතුය. මෙම පුහුණුව වසර 5 ක් වන දීර්ඝ වූ එකකි. අද වන විට රජයේ වෙද විදුහල් තුළ දෙයාකාරයක විෂය නිර්දේශ ක්‍රියාත්මත වේ. පේරාදෙණිය, යාපනය, රුහුණ හා රාගම වෙද විදුහල් වල 2nd MBBS ලෙස හඳුන්වන සම්ප්‍රදායික විෂය නිර්දේශය ක්‍රියාත්මක වේ. මෙය විෂය මූලික නිර්දේශයකි. ව්‍යාධිවේද විද්‍යාව වෙනමත්, සායනික වෛද්‍ය විද්‍යාව වෙනමත් නාරි හා ප්‍රසව වේදය වෙනමත් ආදී ලෙස විෂයයන් අනුව මෙහිදී දේශන හා ප්‍රායෝගික ක්‍රි‍යාකාරකම් සිදු කෙරේ. කොළඹ, ජයවර්ධනපුර හා රජරට පීඨයන් හි නව ක්‍රමයක් වන මොඩියුල ක්‍රකමය ක්‍රියාත්මක වේ. මෙහිදී ශරීරයේ යම් යම් පද්ධති වෙන වෙනම ගෙන අධ්‍යයනය සිදුවේ. මේ කොයි පීඨය තුළත් 2 වන වසර සිට ඇරඹෙන්නා වූ, රෝහල් මූලිකව කෙරෙන සායනික පුහුණු වැඩ පිළිවෙළක් වේ. මෙහිදී වෛද්‍ය විද්‍යාවේ ඇති සියළුම අංශයන්හි මූලික පුහුණුවක් වෛද්‍ය සිසුන්ට ලබා දෙයි. (මෙවැනි අංශ 54 ක පුහුණුවට කොළඹ වෛද්‍ය පීඨයේ උපාධි අපේක්ෂකයන් යවනු ලැබේ). අවසානයේ දී පොදු ප්‍රශ්න පත්‍රයක් මගින් හා පොදු මහැදුරු මඬුල්ලක් ඉදිරියේ පවත්වන සායනික කුසලතා විභාගයකින් පසුව සීමා වාසික පත්වීම් සඳහා වූ කුසලතා ලැයිස්තුව සාදනු ලබයි. විදෙස් සරසවි වලින් උපාධිය ලබා පැමිණෙන උපාධිධාරීහු Act 16 ලෙස හඳුන්වන කුසලතා විභාගයකට පෙනී සිට ඔවුන් හට ශ්‍රී ලංකාවේ සේවයෙහි යෙදීමට උචිත දැනුමක් ඇති බව පෙන් විය යුතුය. ඉන් පසු ඔවුන් ද කුසලතා ලැයිස්තුවට එක් කරනු ලබයි.
     

    Wal Bada

    Well-known member
  • පුද්ගලික වෙද විදුහල් ඇරඹීමට සුදුසු යටිතල පහසුකම් ශ්‍රී ලංකාවේ ඇති දැයි අප මුලින්ම විමසා බලමු. වෙද විදුහලක් ඇරඹිය යුත්තේ සායනික පුහුණුව සැපයීස සඳහා සුදුසු පහසුකම් ඇති රෝහලක් ආසන්නවය. පුද්ගලික වෙද විදුහල් වල සායනික පුහුණුව සඳහා රජයේ රෝහල් නොමිලයේ ලබා දෙතැයි සිතීම උගහටය. එසේ පුහුණුව ලබා දෙන්නේ නම් එක් සිසුවකු සඳහා රුපියල් දස ලක්ෂ 3-4 දක්වා මුදලක් රජයට ගෙවන්නට පුද්ගලික වෙද විදුහල් අයිතිකරුවන්ට සිදුවනු ඇත. එවිට දැනටමත් රුපියල් දස ලක්ෂ 6 ක් වූ ගාස්තුව දසලක්ෂ 9 දක්වා වැඩි වීම සිදු වනු ඇත. එසේ නොකරන්නේ නම් ඇති අනෙක් විකල්පය නම් පුද්ගලික රෝහලක මේ පුහුණුව සිදු කිරීමයි. පුද්ගලික රෝහල් වල ඇති පහසුකම් රජයේ රෝහල් වලට වඩා බොහෝ වැඩි බව නොරහසකි. නවීන ප්‍රතිකාර ක්‍රම ද පුද්ගලික රෝහල් වල සිදු කළ හැක. නමුත් වෛද්‍ය ශිෂ්‍යයන්ට වැදගත් වනුයේ මේවා නොව මූලික දැනුම ය. ඔවුන් සී.ටී. රූපයක් බලා එහි ඇති අසාමාන්‍යනතා හඳුනනවාට වඩා එක්ස් කිරණ පිටපතක ඇති අසාමාන්‍යතාවක් හඳුනා ගැනීම අනිවාර්යයයෙන් දැන ගත යුත්තකි. පුද්ගලික රෝහල් වලට පැමිණෙන රෝගීන් සංඛ්‍යානව, රජයේ රෝහල් වලට වඩා බෙහෙවන් අඩුය. තව ද, විෂ වීම්, පහර දීම් ආදී අධිකරණ වෛද්‍ය කටයුතු කෙරෙන්නේද රජයේ රෝහල් ආශ්‍රිතව පමණි. මේ අනුව පුද්ගලික රෝහලක සිදු කෙරෙන්නා වූ සායනික පුහුණුවෙහි තත්ත්වය පිළිබඳව සැකයන් ඇති කර ගැනීමට සිදුවේ. එබැවින් රෝගී ජීවිත සම කෙළින්ම ගනුදෙනු කරන වෛද්‍යවරයකු, අවශ්ය ප්‍රමිතියට අනුව පුද්ගලික වෙද විදුහල් වලට බිහි කළ හැකි ද යන ප්‍රශ්නය ඉතිරි වේ.

    අප රට දුප්පත් රටකි. වසරකට රුපියල් දසලක්ෂයක් වියදම් කළ හැකි පවුල් ඇත්තේ 5 - 10% ක් පමණි. එබැවින් යෝජිත පුද්ගලික විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලැබීමේ වරම රටේ බහුතරයකට නොලැබී යනු ඇත. අනෙක් අතට මෙවැනි මුදල් ගෙවා කරන අධ්‍යාපනයට ශිෂ්‍ය ණය ව්‍යාපෘති සමහර රට වල ඇතත්, අප රටෙහි එවැන්නක් පසුගිය වසර 20 තුළම ක්‍රියාත්මක නොවීය. එබැවින් පුද්ගලික වෙද විදුහල් සාර්ථක වීමට නම් ශිෂ්‍ය ණය ව්‍යාපෘති ආදිය ඇති කිරීමෙන් දුප්පත් සිසුන්ටත් මේ සඳහා වූ අවස්ථාව ලබා දිය හැකිය.

    වෛද්‍ය වෘත්තිය වැනි අවදානම් තීරණ ගත යුතු වෘත්තියකට පිවිසෙන කුමන හෝ අයකු යම් ප්‍රසශස්ත බුද්ධි මට්ටමකින් යුක්ත විය යුතුය. පුද්ගලික වෙද විදුහල් ලාභය සඳහාම ක්‍රියාත්මක වන බැවින් ඇතුළු කර ගන්නා සිසුන්ගේ අධ්‍යාපන සුදුසුකම් විශාල ප්‍රශ්නයක් සේ නොසැලකෙනු ඇත. එබැවින් නුසුදුස්සන් පුද්ගලික වෙද විදුහල් වලට ඇතුළු වීම නිරායාසයෙන්ම සිදු වනු ඇත. අවම සුදුසුකම් මට්ටමක් තිබිය යුතු යැයි යමෙක් නිර්දේශ කළත්. අප රටෙහි දූෂිත දේශපාලන පසුබිම තුළ එවැනි සීමාවන් ඉක්මවා සිසුන් ඇතුළු කිරීම සිදු කෙරෙනු ඇත. මා සිහින දකිතැයි යමෙක් මට චෝදනා කළ හැකිය. නමුත් 1986 දී උතුරු කොළඹ පුද්ගලික වෙද විදුහල තුළ සිදු වූයේ මේ හා සමාන දෙයකි. උසස් පෙළ දී විෂයයන් හතරම අසමත් වූ සිසුන් පවා එයට ඇතුළත් කරගෙන තිබිණ.
     

    Wal Bada

    Well-known member
  • අප රටෙහි සියළු වෙද විදුහල් වල විෂය නිර්දේශ සහ පුහුණුවෙහි තත්ත්වය වෛද්‍ය සභාව මගින් නිරතුරු අධීක්ෂණයට ලක්වේ. මෙම පුද්ගලික වෙද විදුහල් වෛද්‍ය සභාවේ අධීක්ෂණයට ලක් නොවේ. එබැවින් විභාග පටිපාටියේ ගුණාත්මක තත්ත්වය ගැන වෛද්‍ය සභාවේ නිර්දේශයන් පිළිපැදීම පුද්ගලික වෙද විදුහල් වලට අවශ්‍ය නොවේ. එබැවින් නුසුදුස්සන් බඳවා ගත් පසු, පහසු විභාගයන් පැවැත්වීමෙන් පසු පහසු උපාධියක් රැගෙන ඔවුන් පිටව යති.

    වෙද විදුහල් වල පාඨමාලා මෙහෙයවිය හැකි සුදුසුකම් ඇති ආචාර්ය මණ්ඩලය ඉතා සීමිත සංඛ්‍යාවකි. පුද්ගලික වෙද විදුහල් පිටරට ඇදුරන් මගින් පාඨමාලා මෙහෙයවන බව ප්‍රකාශ කළත්, පසු කාලීනව ඔවුන්ට වඩා අඩු වැටුපකට දේශීය වෙද විදුහල් වල ඇදුරන් සේවයට බඳවා ගැනීම පහසු බව ඔවුනට පෙනෙනු ඇත. මෙලෙස සිදු වූ විට රජයේ වෙද විදුහල් වල අධ්‍යාපන තත්ත්වය පහත වැටී, එම උපාධිධාරීන්ගේ ගුණාත්මක භාවය ද අඩු වනු ඇත.

    මෙබදු පුද්ගලික වෙද විදුහල් වලන් පිටවන උපාධිධාරීන්ට රැකියා ලැබේ ද යන පැණය මී ළට මතු වේ. සෞඛ්‍ය අමාත්‍යංශය පවසන පරිදි වසර 2011 න් පසුව පිටවන වෛද්‍ය උපාධිධාරීන්ට රජයේ සේවයට එක් කර ගනු නොලැබේ. මෙලෙස එකතු වන රැකියා රහිත පෝලිමට, තවත් 100ක් පමණ එකතු කිරීමෙන් ප්‍රශ්නය උග්‍ර වීම මිස විසඳීමක් සිදු නොවනු ඇත.

    මේ නයින් බලන කල පුද්ගලික වෙද විදුහල් අවශ්‍යතාවයක් වුව ද ඒ සඳහා වූ මූලික කරුණු ශ්‍රී ලංකාව තුළ සම්පූර්ණ වී නොමැත. මේ කරුණු සම්පූර්ණ වන තුරු රජයේ වෙද විදුහල් වලට ගෙවීමේ පදනම මත සිසුන් ඇතුළත් කර ගත හැකි වනු ඇත. විශ්වාසදායී ශිෂ්‍ය ණය ව්‍යාපාරයක් ඇති විය යුතු අතර, පුද්ගලික වෙද විදුහල් ඇති වන්නේ නම් ඒවා වෛද්‍ය සභාවේ අධීක්ෂණයට ලක් විය යුතු අතර රජයේ වෙද විදුහල් සමඟ පොදු විභාග පටිපාටියකට එක විය යුතුය. මීට වසර 20 කට පමණ පෙර සිදු වූ අවාසනාවන්ත සිදු වීම් එවිට අපට දකින්නට නොලැබෙනු ඇත.

    පන්හිද සමග බ්ලොග් අඩවියෙනි
     

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    Wal Bada said:
    Your point is 100% people who pass A/L in bio stream should be doctors?:oo:

    Yes! If we have lots of doctors or every person in this country is a doctor means a healthy community is Sri Lanka.There may be circumstances.But they will go abroad or find another job!
    My point is current situation is not fair!!!:angry: :angry: :angry:
     

    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    isuru143 said:
    Yes! If we have lots of doctors or every person in this country is a doctor means a healthy community is Sri Lanka.There may be circumstances.But they will go abroad or find another job!
    My point is current situation is not fair!!!:angry: :angry: :angry:


    life is not fair...
     

    Wal Bada

    Well-known member
  • isuru143 said:
    Yes! If we have lots of doctors or every person in this country is a doctor means a healthy community is Sri Lanka.There may be circumstances.But they will go abroad or find another job!
    My point is current situation is not fair!!!:angry: :angry: :angry:
    OK. Let'smake every one a President. Then country will be governed better. Let's make every one a sewage cleaner. Toilets will stay better than. Let's make everybody a soldier, then the country will be more protected.

    Did you notice the flaw in your logic?
     

    sasanka06

    Active member
  • May 31, 2009
    323
    27
    28
    38
    Ammooooo athi yanthan mole padila.... THAWA THWATH PRIVATE CAMPUSES SAHA UNIVERSITIES DANNA ONEEEEEEEEE...............:D:D:D:D:D:D ETHAKOTA GOVERNMENT WALA UNIVERSITIES EHEMATH KALEN KALETA WAHANNE NATHI WEI...... WELAWATA DEGREE EKATH HAMBAWEI.... PITARATATA YANA SALLI LANKAWE ATHULEMA ITHRUWENAWA....... .ELAKIRI WADE.....:D:D:D:D:D:D:D:D
     

    Wal Bada

    Well-known member
  • sasanka06 said:
    Ammooooo athi yanthan mole padila.... THAWA THWATH PRIVATE CAMPUSES SAHA UNIVERSITIES DANNA ONEEEEEEEEE...............:D:D:D:D:D:D ETHAKOTA GOVERNMENT WALA UNIVERSITIES EHEMATH KALEN KALETA WAHANNE NATHI WEI......
    අන්තිමට වෛද්‍ය පීඨයක් වැහුණේ කවදාද කියල කිවුවොත්?

    WELAWATA DEGREE EKATH HAMBAWEI....
    කෙහොමටත් MBBS එක පමා වෙනනේ නැහැ. මොකද ෆැකල්ටි වහන්නේ නැහැනෙ!

    PITARATATA YANA SALLI LANKAWE ATHULEMA ITHRUWENAWA....... .ELAKIRI WADE.....:D:D:D:D:D:D:D:D
    මේක දාන්නේ පිටරට සමාගමක්. සල්ලි යන්නේ කොහෙටද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ?