ගුරුත්වාකර්ෂණය ගැන බටහිර දැනුම ඉතා අල්පයි. හරියට අර ශක්ති සංස්ථිති නියමය වගේ.
එහෙම ශක්තියක් පාලනය කිරීමේ හැකියාවක් තිබුනද නැත්ද කියා මම නොදනිමි, සහ, එවැනි දෑ සොයන්නට ද දැන් නොහැක. එමනිසා ඒවා මිනිසුන් කල්පිත හැටියට පිළිගන්නවා.
හැබයි පැහැදිලි කරුණු 2ක් තියෙනවා.
1. එකළ අහස් යානා තිබුනු බව.
2. අහස් යානා වලට බලය දීමට රසදිය/න්‍යෂ්ටික බලය/ ජල වාශ්ප භාවිතා කල බව.
(ඇත්තෙන්ම, රසදිය හෝ න්‍යෂ්ටික බලය මඟින් ගුරුත්වයට එරෙහි බලය ගුවන් ගත වන විට ලබා දී තිබෙන බවත්, ඉන් පසුව රසදියෙන් රත් වූ ජලයේ වාශ්පයෙන් ගමනාගමනය වුනු බවත් තරමක් පැහැදිලියි. අද රොකට් යානා වලත් රසදිය/ න්‍යෂ්ටික බලය ගුරුත්වය පැරදීමට භාවිතා කරනවා නෙ)
උණවටුනෙ ගුරුත්වය වෙනස් කියල මම 'අහලා' තියෙනවා. නමුත් අත්දැකලා නැහැ ඔච්චර සැරයක් ගිහිල්ලත්... මොකක් හරි සංසිද්ධියක් නිසා එහෙම වෙනවා හෝ නොවෙනවා වෙන්න පුළුවන්.
හනුමන්තා කියන්නේ ඉන්දියාවේ තිබුනු වානර ගෝත්‍රයේ මිනිහෙක්. ඔතන වානර කියන්නේ පරිණාමය සම්පූර්ණ නොවුනු මානව කොටසකට වෙන්නත් පුළුවන්.
කන්දක් උස්සගෙන ඇවිල්ල නම් නැහැ කවුරුත් හැබැයි.
ඒක ඉන්දියානු බලය/ ශක්තිය පෙන්වීම සඳහා වාල්මිකී යොදා ගත් උපහැරණයක් පමණයි රාමායණයේ.
හනුමා කියන මිනිහා කලේ ලංකාපුරයේ නගර ගිනිබත් කරන්න උත්සාහ කරපු එක පමනයි. (නැට්ටට ගිනි තියාගෙන ආව කියලා වාල්මිකී කියනවා)
රූමස්සල කන්ද හරි ලස්සන තැනක්. රිච්මන්ඩ් ඉස්කෝලෙ පිටිපස්සෙන් (ඉස්කෝලෙ නම නිච්චි නැහැ හරියටම) කන්ද නගින්න පටන් ගත්තම ලස්සන පැළෑටි, ශාඛ වර්ග දකින්න පුළුවන්. ඕක රාවන රජ ගේ උයනක් කියලා මිනිස්සු කියනව.
මිනිහෙක් මැරෙන්න ඉද්දී පණ ලබා දෙන්න පුළුවන් කළුනික කියන ශාඛය පවා තියෙනවා කියලා කියනව මම අහලා තියෙනවා.
ඔව් හිමාල අඩවියෙන් ගෙනාපු ශාඛ වර්ග පවා රාවනා රජ එතැන රෝපණය කල නිසා ජෛව විවිධත්වය අතින් විශේෂයි කියා සළකනවා.
න්යශ්තික බලය තියෙන්න පුලුවන්.. ආචර්ය ගුනසීකර ගෙ පොතෙත් ඒගෙන විස්තර වෙනවා.
ඔය රසදිය කටන්දරේ මට තෙරුනෙ නෑ.
)





