විෂ ඇට කා මියගිය පාසල් සිසුවියගේ මරණ පරීක&#353

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
විෂ ඇට කා මියගිය පාසල් සිසුවියගේ මරණ පරීක&#353

විෂ ඇට කා මියගිය පාසල් සිසුවියගේ මරණ පරීක්‍ෂණය
කනේරු ඇට කෑමට තරම් පාසලේ පරිපාලනය දුර්වල වී තිබෙනවා
දෙමාපියන් ද තරුණ වියට යන දරුවන් ගැන සැලකිලිමත් විය යුතුයි
මරණ පරීක්‍ෂක


කිතුල්හිටියාව - ඡේ. බී. බුලාගල, පොළොන්නරුව - කරුණාරත්න ගමගේ පින්තුර සරත් එරමිණි ගම්මන

පාසල් වියේදී පෙම් සබඳතා ඇතිවීම සාමාන්‍ය සිද්ධියක්‌. ගුරුවරු අවවාද කිරීමත් සාමාන්‍ය දෙයක්‌. නමුත් ගුරුවරයා අවවාද කළ දින හා පසු දිනත් යන දින දෙකේම මේ සිසුන්ට අධ්‍යාපනයක්‌ ලැබී නැති බව සාක්‍ෂි වලින් පෙනෙනවා. පාසල් වේලාව තුළ නිදැල්ලේ සිසුන් අටදෙනකුට කනේරු ඇට කෑමට තරම් පාසල් පරිපාලනය දුර්වල වී තිබෙනවා. මේ ප්‍රකාශ කරන්නේ කිසිවකු අපහසුතාවට පත් කිරීමට නොව අනෙක්‌ පාසල් ද මෙය ආදර්ශයට ගත යුතුයි.

ඒ වගේම තරුණ වියට යන සිය දරුවන් ගැන දෙමවුපියන් අවදියෙන් නොසිටීමේ වැරැද්දත් මේ තුළ තිබෙනවා යෑයි දඹුල්ල නාගරික හදිසි මරණ පරීක්‍ෂක පියදාස වනසිංහ මහතා පැවැසීය.

ඒ මහතා එසේ පැවැසුවේ බකමූණ ගඟේයාය කනිෂ්ඨ විද්‍යාලයේ 10 වසරේ සිසුවියක වන මොහොට්‌ටාලලාගේ අයේෂා ගයානි කුමාරි (15) නමැත්තිය කනේරු ඇට කා මිය යැමෙන් පසු 2009 ජූලි 25 දින (ඊයේ) දඹුල්ල රෝහලේදී පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වමිනි.

මෙහිදී කනේරු ඇට කෑමෙන් පසු රෝගී වූ සිසුවියන් අටදෙනාගෙන් සිසුවියන් සිව්දෙනකු සහ සිසුන් තිදෙනකු දඹුල්ල මූලික රෝහලට 2009 ජූලි 24 සවස ඇතුළත් කොට තිබූ අතර එදින රාත්‍රියේම මෙම සිසුවිය මියගොස්‌ තිබිණි. පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කළ නිරෝෂා සංජීවනී (15) නමැති සිසුවිය ද මහනුවර මහ රෝහලේදී මියගොස්‌ තිබිණි.

දඹුල්ල මූලික රෝහලේදී පැවැති පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී හදිසි මරණ පරීක්‍ෂක පියදාස වනසිංහ මහතා ඉදිරියේ සාක්‍ෂි දුන් මියගිය මොහොට්‌ටාලලාගේ අයේෂා ගයානි කුමාරි සිසුවියගේ මව වන හේරත් මුදියන්සේලාගේ පොඩිමැණිකේ (55) නමැත්තිය මෙසේ පැවැසුවාය. "මේ මියගියේ මගේ හයවන දරුවා. ලොකු දරුවන් දෙදෙනා විවාහකයි. ඉතිරි අය අපේ ගෙදරයි ඉන්නේ.

සිද්ධිය වුණු 24 වැනිදාත් දුව පාසල් ගිහින් ඇවිත් කෑම කාලා නාන්න ගියා. ඊට පැය කාලකට විතර පස්‌සේ බකමූණ පොලිසියෙන් ඇවිත් දුව ඉන්නවද ඇහුවා. මම ඔව් කිව්වා. එතකොටත් ජීප් එකේ තව ළමයෙක්‌ හිටියා. පොලිසියෙන් කිව්වා මේ ළමයි කනේරු ඇට කාලා රෝහලට ගෙනියනවා කියලා. රෑ අටයි තිහට විතර දුව මියගිහින් කියලා දැනගත්තා.

දුවගේ ප්‍රේම සම්බන්ධයක්‌ ගැන දන්නේ නැහැ. මොනවා හරි වැරැද්දකට ගුරුවරු දෙමවුපියන් ගෙන්වනවා කියාවි කියන බයට කනේරු ඇට කන්න ඇති." එම පාසලේ සිසුවියක වන බෝගහගෙදර තක්‌ෂිලා සඳමාලි විඡේරත්න (16) මම ගඟේයාය කනිෂ්ඨ විද්‍යාලයේ 11 වසරේ ඉගෙන ගන්නවා. මියගිය අයේෂයි මමයි එකම ගමේ එකටමයි පාසල් යන්නේ. එයා 10 වසරේ. 24 වැනිදා අපට ගුරුවරු හිටියේ නැහැ. නවයට විතර මල්ලි කෙනෙක්‌ කිව්වා අයේෂලා මොනවද කරනවා ගිහින් බලන්න කියා. මම යනකොට එයාලා කොට්‌ටම්බා තල තලා කකා හිටියා. මම කිව්වා පන්තියට යන්න කියලා.

පාසල් ඇරිලත් මමයි අයේෂයි ශානිකයි එකට ආවේ. ශානිකා කිව්වා සඳමාලි කනේරු ඇට අටක්‌ කෑවා කියලා. මම විහිළුවට හිතුවා. පස්‌සේ මෙයාලා රෝහල්ගත කළා කියලා ආරංචි වුණා. නිරෝෂටයි නිසංසලාටයි පෙම් සම්බන්ධකම් නිසා ගුරුවරු කලින් අවවාද කළා කියලා දන්නවා."

මෙහිදී සාක්‍ෂි ලබාගැනීම සඳහා ඉදිරි දිනයක අදාළ අවවාද දුන් ගුරුවරයා තමන් ඉදිරියට කැඳවන ලෙස බකමූණ පොලිසියට නියෝග කළ දඹුල්ල නාගරික හදිසි මරණ පරීක්‍ෂක පියදාස වනසිංහ මහතා දඹුල්ල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එච්. එම්. කේ. කේ. බණ්‌ඩාර මහතා ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාව හා ඉදිරිපත් වූ සාක්‍ෂි අනුව මෙය කනේරු ඇට කෑමෙන් සිදුවූ සියදිවි හානිකර ගැනීමක්‌ බවට තීරණය කළේය. බකමූණ පොලිසියේ පොලිස්‌ කොස්‌තාපල් (9347) අනුර බණ්‌ඩාර මහතා සාක්‍ෂි මෙහෙයවීය.
 

Shann..

Active member
  • Sep 1, 2008
    1,498
    5
    38
    Kalapaluwawa
    mehema kiwwata thraha wenna epa.........

    Jeewithe aramunak ethiwa jeewath wenawa nam oya wage moda weda karanne naha. Habai aramunak nathiwa ibagathe jeewath wenawata wediya ohoma merena eka hodaiii.
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අන්තිමට අවවාද කරපු ගුරැවරයා වැරදි කරැ වෙයි........ වැරද්ද පරිපාලනයට භාරදි සැවොම
    අතසෝදාගනියි. නමුත් ගැටලුව දවසින් දවස අලුත් ‍වෙවි..... නම් සහ ගම් පමණක් වෙනස් වෙයි..
    පාසල් යන්නේ පෙම් කරන්නද... අපි පෙම් කල යුතුයි නමුත් පාසලේදී ද
     

    Shann..

    Active member
  • Sep 1, 2008
    1,498
    5
    38
    Kalapaluwawa
    අන්තිමට අවවාද කරපු ගුරැවරයා වැරදි කරැ වෙයි........ වැරද්ද පරිපාලනයට භාරදි සැවොම
    අතසෝදාගනියි. නමුත් ගැටලුව දවසින් දවස අලුත් ‍වෙවි..... නම් සහ ගම් පමණක් වෙනස් වෙයි..
    පාසල් යන්නේ පෙම් කරන්නද... අපි පෙම් කල යුතුයි නමුත් පාසලේදී ද
    Very True bro.....

    mama tikak loku karalath damme kattiyata kiyawanna. EK eke godak school boys & girlsla innanisa E aya aniwaryen meka hithata ganna. puluwannam oyalage buddyslatath me paniwide yawanna. JEEWITHE PISSU NATANNA EPA,,,,,,,,,