බිහිසුණු අනතුරක සංඥවක්‌

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
බිහිසුණු අනතුරක සංඥවක්‌

බිහිසුණු අනතුරක සංඥවක්‌
http://www.divaina.com/2009/07/27/editor.html

අගනුවර උසස්‌ බාලිකා විදුහලක සිසුවියන් දෙදෙනෙක්‌ සිය ජංගම දුරකථනයක්‌ විදුහලේ ශිෂ්‍ය නායිකාවන්ට හසුවීම නිසා බියට පත්ව, දිවි නසා ගැනීමට වෑයම් කළහයි සඳහන් පුවතක්‌ ඉකුත් සතියේ වාර්තා විය. එම ජංගම දුරකථනය සම්බන්ධ රහස්‌ හෙළිවීම ඔවුන්ගේ බියට හේතු වූ බව නිසැකය. ප්‍රශ්නයට මුහුණ දීමට නොහැකි වූ ඒ බාල සිසුවියන් දෙදෙනා එබඳු පියවරක්‌ මැනවැයි සිතූහ. අවාසනාවක තරම කෙතරම් ද කිවහොත් දැන් ඒ සිසුවියන් දෙදෙනාගෙන් එක්‌ අයෙක්‌ මියගොස්‌ සිටිති.

මේ පුවත එම සිසුවියන් අයත් පාසල, ඔවුන් අයත් පවුල් පමණක්‌ නොව වෙනත් ගුරුවරුන්, මවුපියන් ප්‍රමුඛ අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙහිද බැහැර සමාජයෙහිද ඉමහත් අවධානයට ලක්‌විය යුත්තකි. අද පාසල් සිසුවා මුහුණ දී සිටින බිහිසුණු අනතුරක්‌ මෙයින් සමාජයටත් එහි සියලු වගකිව යුතු අයටත් හඟවන බව අපගේ විශ්වාසයයි.

මෙහි වගකීම කා විසින් භාර ගත යුතුද යන්න පිළිබඳ නම් විවාදයක්‌ ඇතිවිය හැකිය. එහෙත් අපට පෙනෙන අන්දමට නම් අපි කවුරුත් අපගේ සමාජ වගකීම අතහැර සිටින්නෙමු. සමාජයට දොස්‌ නැගීමත් සමාජයෙහි විවිධ සංස්‌ථාවලට ගල් ගැසීමත් හැර අප අපගේ සමාජ වගකීම් නිසි ලෙස ඉටුකර තිබේදැයි හෘදය සාක්‌ෂියට එකඟව කිව හැකිද?

අප ජීවත්වන මෙම යුගය සන්නිවේදනයේ හා තාක්‌ෂණයේ දියුණුවේ හිණිපෙතටම ගමන් කර තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ නව දියුණුවේ සියලු ප්‍රතිලාභ අපට නොලැබුණත් යම් යම් දේ අපට හිssමිවී තිබේ. කොම්පියුටරය හෙවත් පරිගණකයද දුරකථනයද ඒ විස්‌කම් දියුණුවේ ප්‍රබල මෙවලම්ය.

මෙම පරිගණක හා දුරකථන පහසුකම් අද සාමාන්‍ය දේවල්ය. නගරයට මෙන්ම සමහර ගම්වලටද ඒවා ගොස්‌ තිබේ. මේවා නිසා අද ජීවත් වන ලෝකය අසාමාන්‍ය ලෙස ප්‍රසාරණය වී තිබෙන අතරම අපගේ සබඳතාවන්ද වඩාත් පුළුල් වී තිබෙන බවද කියති. එහි ඇත්තක්‌ තිබේ. අන්තර්ජාලය ඔස්‌සේ විවිධ දැනුමද තොරතුරුද අපට ලැබේ. එහෙත් ප්‍රශ්නය එය නොවේ. එය අනිසි ලෙස භාවිත කිරීමෙන් සමාජයට මුදා හැර තිබෙන විනාශයයි. පිළියම යෙදිය යුත්තේ එතැනටයි.

ඔබේ හුරතල් පුතුට හෝ දියණියට එම වෙබ් අඩවි ඔස්‌සේ එන සියලු දේවල් නුසුදුසු බව ඔබ දන්නෙහිය. එහෙත් ඔබට එයට ගත හැකි පියවරක්‌ නැති බව ඔබ කියන්නෙහිය. එහි එක්‌තරා ඇත්තක්‌ද තිබේ. එහෙත් අන්තර්ජාලය ඔස්‌සේ වෙබ්අඩවිවල නිදහසේ සැරිසරණ ඔබේ දරුවාගේ මනස විකෘති වන තුරුම ඔබ නිදා සිටීමේ විපාකයට ඔබද වගකීමට බැඳී සිටියි.

ජංගම දුරකථන සම්බන්ධයෙන්ද සත්‍යය එයයි. මෙම දුරකථනය ඔබත් ඔබේ දරුවාත් අතර සබඳතාව තහවුරු කරන මෙවලමක්‌ පමණක්‌ නොවේ. ඇතැම් දරුවකු අතට ලැබෙන ජංගම දුරකථනයක තිබෙන පහසුකම් අසාමාන්‍යය. ඉහතකී විකෘති මනසක්‌ සහිත දරුවෝ තම රුචියට හා රසයට ගැලපෙන ආහාර ඒවායේ ගබඩා කර ගනිති. මිතුරු මිතුරියන් හා රිසි ලෙස විඳිති. මේ එයට හොඳම නිදසුනය.

නිවස මෙන්ම පන්ති කාමරයද ඒ සඳහා සීමා මායිම් තිබුණත් ටියුෂන් පන්තිය එයට විවෘත ස්‌ථානයක්‌ විය හැකිය. ජනප්‍රිය ටියුෂන් ගුරුවරු කිසි විටෙක මෙම පරිගණක හා ජංගම දුරකථන ඔස්‌සේ මනසට ඇතුළ්වන විෂ බීජ ගැන හැඟවීමක්‌ හෝ නොකරති.

"ඉන්ටර්නෙට්‌ කැෆේ" යනුවෙන් විවෘතව තිබෙන ඇතැම් ස්‌ථානවලින්ද අන්තර්ජාලයට පිවිසී අසැබි තොරතුරු හා ඡායාරූප අසැබි දර්ශන නැරඹීමේ අවකාශ ද තිබේ.

සමාජය යනු මහා පුදුමාකාර ස්‌ථානයකි. එහි වැඩිපුරම ඇත්තේ හොඳට වඩා නරකය. යහපතට වඩා අයහපතය. සුසිරිතට වඩා දුසිරිතය. අද පරිගණකය හා ජංගම දුරකථනය යනු අසභ්‍ය අසංස්‌කෘතික මෙවලම්ය. කාමුක නිල් චිත්‍රපට ද විකෘත කාම දර්ශන ද ඒවා මගින් නිදහසේ විසිර යයි.

පසුගිය සතියේ අධිකරණය විසින් අසැබි වෙබ් අඩවි 12 ක්‌ වාරණය කරන ලදී. සභ්‍ය දේට වඩා අසභ්‍ය දේවල්වලට හොඳ වෙළෙඳපොළක්‌ තිබේ. මේ අසභ්‍ය වෙළෙඳ පොළේ ඉහළම ගැනුම්කරුවන් හා ගනුදෙනුකරුවන් ලෙස සිටින අය අතර පාසල් දරුවෝ ද බොහෝ වෙති.

ජාත්‍යන්තර පාසල්වල සිට සාමාන්‍ය පාසල් දක්‌වා ගංවතුරක්‌ මෙන් පැතිර ගිය මෙම අසැබි දසුන් බුද්ධිය නොමේරූ දරුවන්ගේ රස ආහාර බවට පත්ව තිබේ. ඉහත කී උසස්‌ බාලිකා විදුහලෙන් එය මුල් වරට හෙළි වුවද බොහෝ පාසල්වල තත්ත්වය එය විය නොහැකිද? එසේ නම් අප නතර වී සිටින්නේ හොඳ තැනක නොවන බව ඉතා පැහැදිලිය.

පරිගණකය හා ජංගම දුරකථනය තහනම් කිරීමෙන්ම මෙම ප්‍රශ්නය විසඳිය නොහැක. අපට ඒවා වීසි කළ යුතු යෑයි යෝජනා කිරීමට ද නොහැක. මේ ව්‍යසනයත්, එහි බරපතල අඳුරත් පිළිබඳ සමාජය දැනුවත් කළ යුතුය.

පාසල් වැසිකිළි බිත්තියේ අසැබි වදන් ලිවීම නතර කිරීම සඳහා දරුවන්ට අකුරු ඉගැන්වීම නතර කිරීමෙන් කළ හැකි යෑයි සිතූ අය එකල පාසල්වලද සමාජයෙහිද වූහ. එහෙත් එය හාස්‍යජනක විසඳුමක්‌ බව පසක්‌ කර ගත් අය එදාත් වූහ. එනිසා අද දවසේ කළ යුත්තේ දැනුම හා අවබෝධය තුළින්ම ඒ අශ්ලීල කුතුහලය දුරලීම නොවේද? එසේ නැතහොත් අප සියලු දෙනාටම දිවි නසා ගැනීමට මතු දිනක සිදු වනු ඇත.
 
Shann..

Active member
  • Sep 1, 2008
    1,498
    5
    38
    Kalapaluwawa
    Thats true man.

    barapathlama getaluwa wela thiyenne dan lamainta MERENAWA (Death) kiyana eka sellamak wela. TV, FILMS, WWE, wage dewal nisa diwinasagannawa, minihekwa maranawa kiyan dewal hari sehelluwata aaragena thiyanawa.

    Jathiye awasanawa........!!!!!!!!!!!!!!!!!!!
     
    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Thats true man.

    barapathlama getaluwa wela thiyenne dan lamainta MERENAWA (Death) kiyana eka sellamak wela. TV, FILMS, WWE, wage dewal nisa diwinasagannawa, minihekwa maranawa kiyan dewal hari sehelluwata aaragena thiyanawa.

    Jathiye awasanawa........!!!!!!!!!!!!!!!!!!!
    sirawatama machan eyeda kohedo lamai wagayak kaneru ata kala love affair ekak teachers lata mattu wela. ekanuth genu lamai 2k marila. munta tikak oluwa pawichichi karanna berida ban. paw ara asarana parentala awurudu ganak munwa hadanawa mun ohe merila yanwa
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    Thats true man.

    barapathlama getaluwa wela thiyenne dan lamainta MERENAWA (Death) kiyana eka sellamak wela. TV, FILMS, WWE, wage dewal nisa diwinasagannawa, minihekwa maranawa kiyan dewal hari sehelluwata aaragena thiyanawa.

    Jathiye awasanawa........!!!!!!!!!!!!!!!!!!!

    ඔ‍ව්‍,අ‍නි‍ත්‍ එ‍ක‍ ගො‍ඩ‍ක්‍ අ‍ය‍ ජීවත් වෙන්නෙත් ඒ film, tv series, wwe වගේ එවයෙනෙ. සමාජය ගැන , ජිවිතය ගැන , තමන් කරන්නෙ මොකඩ්ඩ කියලවත් අවබොඩයක් නෑ. වෙන කාගෙ හරි ආවශ්යතවලට තමා ජිවත් වෙන්නෙ.
     
    Last edited:

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    sirawatama machan eyeda kohedo lamai wagayak kaneru ata kala love affair ekak teachers lata mattu wela. ekanuth genu lamai 2k marila. munta tikak oluwa pawichichi karanna berida ban. paw ara asarana parentala awurudu ganak munwa hadanawa mun ohe merila yanwa

    ඔව් ඒත් මේවට ළමයින්ටම් බැනල වැඩක් නෑ මචන්
     
    Shann..

    Active member
  • Sep 1, 2008
    1,498
    5
    38
    Kalapaluwawa

    Shann..

    Active member
  • Sep 1, 2008
    1,498
    5
    38
    Kalapaluwawa
    ඔ‍ව්‍,අ‍නි‍ත්‍ එ‍ක‍ ගො‍ඩ‍ක්‍ අ‍ය‍ ජීවත් වෙන්නෙත් ඒ film, tv series, wwe වගේ එවයෙනෙ. සමාජය ගැන , ජිවිතය ගැන , තමන් කරන්නෙ මොකඩ්ඩ කියලවත් අවබොඩයක් නෑ. වෙන කාගෙ හරි ආවශ්යතවලට තමා ජිවත් වෙන්නෙ.
    :yes::yes::yes::yes:
     
    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Thawath deyak machanla... mama dakina vidiyata me suicide attempts and succesessions walata thawath loku hethuwak tyenawa...
    Computer Games...
    mewayin maranawa.. blood enawa kiyana eka simple seyak karala tyenne... mama danna hndama example eka thamai ape cousin malli kenek innawa... mans ta gedara gdak neethi daala tyenne... internet eke wunath browse karana welawata uge amma enawa balanna.. eth machan games wlata limit ekak naha... 18+ games okkoma mu gahanawa pissek wage.. samahara ewa gahuwama matath nikan mol wage... othana tyenawa hadanna ona deyak mata penawa widiyata.....
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මටත් හරියට දුක හිතුන මේ සීන් එක ඇහුවම
    අපරාදෙ මනුස්ස ජීවිතයක්:(:(:(:(
    එයාගෙ අම්මල තාත්තල රටේ ලෝකෙ මිනිස්සුන්ට කොහොම මූන දෙනව ඇත්ද:(:(:(:(:(:(
     
    Last edited:

    Shann..

    Active member
  • Sep 1, 2008
    1,498
    5
    38
    Kalapaluwawa
    Thawath deyak machanla... mama dakina vidiyata me suicide attempts and succesessions walata thawath loku hethuwak tyenawa...
    Computer Games...
    mewayin maranawa.. blood enawa kiyana eka simple seyak karala tyenne... mama danna hndama example eka thamai ape cousin malli kenek innawa... mans ta gedara gdak neethi daala tyenne... internet eke wunath browse karana welawata uge amma enawa balanna.. eth machan games wlata limit ekak naha... 18+ games okkoma mu gahanawa pissek wage.. samahara ewa gahuwama matath nikan mol wage... othana tyenawa hadanna ona deyak mata penawa widiyata.....
    eththatama macho. mata eka mis una. sory wenna one. computer games mekata lokuma hethuwakk........
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    Thawath deyak machanla... mama dakina vidiyata me suicide attempts and succesessions walata thawath loku hethuwak tyenawa...
    Computer Games...
    mewayin maranawa.. blood enawa kiyana eka simple seyak karala tyenne... mama danna hndama example eka thamai ape cousin malli kenek innawa... mans ta gedara gdak neethi daala tyenne... internet eke wunath browse karana welawata uge amma enawa balanna.. eth machan games wlata limit ekak naha... 18+ games okkoma mu gahanawa pissek wage.. samahara ewa gahuwama matath nikan mol wage... othana tyenawa hadanna ona deyak mata penawa widiyata.....

    ඔව් මචන් අපිට උනත් GTA එහෙම ගැහුවට පස්සෙ මිනිස්සු මරණ් එක පොඩි වැඩක් කියල වගෙ හිතෙනවනෙ , ඉතින් මේ පොඩි උන් ගැන මොන කතාද.....
     
    nwnbs

    Member
    නවකතා,ටෙලි නාට්‍ය,චිත්‍රපට වගේ දේවලින් ළමයින්ගේ මනසට තමන්ගේ දෙමව්පියන් ගැන තමන්ගේ ජීවිතය ගැන හරි අවබෝධයක් ලබා නොදෙන එකත් මේ වගේ දේවල් වලට බලපානව...
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    මේක කියවද්දී මට දැනුන එක දෙයක් තියෙනවා.
    ගෑණු ලමයෙක් විදියට.
    මම ඉපදුනේ යුරෝපයේ රටක. හුගාක් දේවල් එලිපිටම සිද්ධ වෙනරටක.
    ඒ නිසාමදෝ ගැණු ලමයෙක් විදියට මට නිදහසක් තිබුනෙම නෑ.

    සමහර වෙලාවට මට දුකත් හිතුනා. අනිත් ගෑනු ලමයින් එක්ක බලද්දී මට නිදහසක් තිබුනේම නෑ. මට නෙට් use කරන්න දුන්නෙ නෑ. mobile phone දුන්නෙ නෑ.
    මම A/Lකරලා ඉවර උනාට පස්සෙ තමා මට net use කරන්න ලැබුනේ.

    මට ඒ දවස්වල ඒවා වැරදි විදියට පෙනුනත්.........
    දෙමාපියෝ ඒ දේවල් කරන්නේ ඇයි කියල මට දැනෙන්නේ අදයි
     
    Last edited: