ප්‍රීතියෙන් ජීවත්විය හැකි රටවල් අතුරින්
22 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට
ඒමන්ති මාරඹේ
ලොව ප්‍රීතිමත් අයුරින් ජීවත්විය හැකි රටවල් අතුරින් 22 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව සිටී. ලොව පුරා ජනගහනයෙන් සියයට 99 ක් නියෝජනය කරන රටවල් 143 ක් ආශ්‍රීතව බ්‍රිතාන්‍යයේ රාජ්‍ය නොවන සංවිධානයක් වන "නිව් ඉකොනොමික්aස් ෆවුන්ඩේෂන්" විසින් සිදුකරන ලද නවතම සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවට මෙම ස්ථානය හිමිව තිබේ.
සමීක්ෂණයට භාජනය කරන ලද රටවල් 143 අතුරින් ප්‍රථම ස්ථානයට එනම් ලොව වඩාත්ම ප්‍රීතිමත් අයුරින් ජීවත්විය හැකි රට බවට මධ්‍යම ඇමරිකානු රාජ්‍යයක් වන කොස්ටරිකා රාජ්‍යය පත්ව ඇත. ලොව ධනවත්ම රටවල් ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදය ප්‍රීතිමත් අයුරින් ජීවත්විය හැකි රටවල් අතුරින් 114 වැනි ස්ථානයට පත්ව ඇති අතර එක්සත් රාජධානිය 74 වැනි ස්ථානයටත්, සිංගප්පූරුව 49 වැනි ස්ථානයටත්, ජර්මනිය 51 වැනි ස්ථානයටත්, ස්විට්සර්ලන්තය 52 වැනි ස්ථානයටත්, ජපානය 75 වැනි ස්ථානයටත්, නෝර්වේ 88 වැනි ස්ථානයටත්, කැනඩාව 89 වැනි ස්ථානයටත්, ඩෙන්මාර්කය 105 වැනි ස්ථානයටත්, ඔස්ටේ්රලියාව 102 වැනි ස්ථානයටත් ඉන්දියාව 35 වැනි ස්ථානයටත්, පත්ව තිබේ.
මෙම ලැයිස්තුවේ අවසන් ස්ථානයට පත්ව ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍යයයි.
ඉහළ මට්ටමේ ජීවන රටාව, ඉහළ ආයු අපේක්ෂාව, එක මිහිතලයක ජීවත්වීම හා පරිසර තත්ත්වය යන කරුණු ලොව ප්‍රීතිමත්ව ජීවත්වීමේ හැකියාවක් ඇති රටවල් තේරීමේදී සැළකිල්ලට ගෙන තිබේ. එහෙත් ඉහත සඳහන් රටවල් අතුරින් එකදු රටකටවත් මෙම ප්‍රධාන කරුණු සියල්ල ළඟා කර ගත නොහැකි වී තිබේ.
ප්‍රීතිමත්ව ජීවත් විය හැකි රටවල් අතුරින් 22 වැනි ස්ථානයට පත්ව සිටින ශ්‍රී ලංකාවට 56.5 ක ලකුණු ප්‍රමාණයක් හිමිව ඇති අතර ප්‍රථම ස්ථානයට පත් කොස්ටරිකා රාජ්‍යයට ලකුණු 76.1 ක්ද හිමිව තිබේ. මෙම ලැයිස්තුවේ මුල් ස්ථාන 10 න් 9 ක්ම මධ්‍යම ඇමරිකානු රටවලට හිමිව තිබීම විශේෂත්වයකි.