Menna Lankawe Thathwaya....!!!!

sasamantha

Member
Dec 16, 2008
1,167
18
0
දිනකට 12 දෙනෙක්‌ සියදිවි නසා ගනිති

ඒමන්ති මාරඹේ

පොලිස්‌ වාර්තාවලට අනුව දිනකට ශ්‍රී ලාංකිකයන් 12 දෙනකු පමණ සිය දිවි නසා ගැනීම්වලින් මිය යන බවත් එම සංඛ්‍යාව මෙන් දසගුණයක්‌ එනම් 120 ක්‌ පමණ දෙනා සිය දිවි නසා ගැනීමට උත්සාහ කර නොයෙක්‌ ආකාරයේ මානසික හා කායික අපහසුතාවන්ට ගොදුරු වන බවත් ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සංවිධානය කියයි.

දැනට වාර්තා වන සිය දිවි නසා ගැනීම් සංඛ්‍යාව පෙරට වඩා අඩු මට්‌ටමක පැවැතියද යෞවනියන් වැඩි වශයෙන් සිය දිවි නසා ගැනීමට තැත් කිරීමට පෙළඹී ඇති බවත් ඒ පිළිබඳ ක්‍ෂණික අවධානය යොමු කළ යුතු බවත් සුමිත්‍රයෝ සංවිධානය පෙන්වා දෙයි.

වරක්‌ සිය දිවි නසා ගැනීමට තැත් කළ අයකු නැවත වරක්‌ සිය දිවි නසා ගැනීමට උත්සාහ නොදරනු ඇතැයි බොහෝ දෙනකු විශ්වාස කළ ද වරක්‌ සිය දිවි නසා ගැනීමට තැත් කළ අයකු නැවත වරක්‌ එසේ කිරීමේ හැකියාව සාමාන්‍ය අයකුට වඩා සිය ගුණයකින් වැඩි බව ශ්‍රී ලංකා සුමිත්‍රයෝ කොළඹ ශාඛාවේ සභාපති ජෝමෝ උඩුමන් මහතා පවසයි.

කාන්තාවන් වැඩි වශයෙන් සිය දිවි නසා ගැනීමට උත්සාහ කළ ද වැඩියෙන්ම සිය දිවි නසා ගනුයේ පිරිමින් බවද ඔහු කීවේය. මෙරට රූපවාහිනි නාලිකාවලින් පෙන්වනු ලබන ඇතැම් ටෙලි නාට්‍යවල අඩංගු සියදිවි නසා ගැනීමේ අවස්‌ථාවන් අනුකරණය කිරීම වැඩි වී ඇති අතර එවැනි ටෙලිනාට්‍යයක ඇතුළත් වූ පැරසිටමෝල් අධි මාත්‍රාවක්‌ භාවිත කර සිය දිවි නසා ගැනීමේ අවස්‌ථාවක්‌ අනුකරණය කිරීමෙන් සතියක්‌ තුළදී එවැනි සිය දිවි නසා ගැනීම් සියයට 17 කින් ඉහළ ගොස්‌ තිබූ බවද උඩුමන් මහතා කීවේය.

තම වේදනාවන් හා පීඩාවන් සිතෙහි දරා ගෙන සිට තම දරා ගැනීමේ ශක්‌තිය ගිලිහී යැමෙන් සිය දිවි නසා ගැනීම් සිදු වන බවත් එවැනි පිරිස්‌ සිය දිවි නසාගැනීම වළක්‌වා ගැනීමට ක්‍රියා කිරීම සැමගේ යුතුකමක්‌ බවත් හෙතෙම සඳහන් කළේය.

සැප්තැම්බර් 10 වැනිදාට යෙදී ඇති ලෝක සිය දිවි නසා ගැනීම වැළැක්‌වීමේ දිනය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා ඊයේ (07 දා) කොළඹ මෙල් මැදුරේ පැවැති මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය කෙරිණි.
 

OptiplexFx

Member
May 29, 2009
2,568
44
0
cyberspace
According to WHO (World Health Organization) reports of 1999, Sri Lankan suicide rate per year for 100,000 people is 61.4. In that scale 12 per day translates to 21.6 (per 100,000 : [12x365]/202 = 21.6). IMO it is a significant drop, and it seems like a pretty decent number compared to other countries of the world.

Source
 

sasamantha

Member
Dec 16, 2008
1,167
18
0
According to WHO (World Health Organization) reports of 1999, Sri Lankan suicide rate per year for 100,000 people is 61.4. In that scale 12 per day translates to 21.6 (per 100,000 : [12x365]/202 = 21.6). IMO it is a significant drop, and it seems like a pretty decent number compared to other countries of the world.

Source

DEN Goviyo Waha Bonne nane...
 

paalugama

Well-known member
  • According to WHO (World Health Organization) reports of 1999, Sri Lankan suicide rate per year for 100,000 people is 61.4. In that scale 12 per day translates to 21.6 (per 100,000 : [12x365]/202 = 21.6). IMO it is a significant drop, and it seems like a pretty decent number compared to other countries of the world.

    Source

    Yea now SL is far better than what it was in 1999s 2000s. That time SL recorded the SECOND highest suicidal death & attempts rates. But now Its seeming to be declining.

    if media personals can avoid reporting suicidal news on their media in such an elaborate way, it will further reduce I think. ( This is my personal view ,that media had done much harm by publishing news in the papers. TVs radios)