වතු සේවක වැටුප් ප්‍රශ්නයට රජය මැදිහත් වන්න ඕනෑ
රනිල් වික්‍රමසිංහ
අජිත් අලහකෝන් - අකිත පෙරේරා
ඇඟලුම් සේවක වැටුප් වැඩි කිරීමට මැදිහත් වූ ආකාරයටම වතු සේවක වැටුප් වැඩි කිරීමටද රජය මැදිහත් විය යුතු බව විපක්ෂ නායන රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (09 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.වතුකරයේ සේවකයන්ගේ වැටුප් ප්රශ්නය සම්බන්ධව අදහස් පළකරමින් විපක්ෂ නායකවරයා මෙසේද කීය.
අද ලංකාවේ අඩුවෙන්ම පඩි ලැබෙන්නේ වතු කම්කරුවන්ටයි. එනිසායි ඔවුන් මේ ඉල්ලීම කරන්නේ. ගෑස් මිල වැඩියි. පිටි මිළ වැඩියි. රුපියල් පන්සියයක වැටුප් වැඩි වීමක් ඉල්ලූ විට හාම්පුතුන්ගේ සංවිධානය එය ප්‍රතික්ෂේප කළා. කිසිම කෙනෙක් කැමැති නැහැ වතු ආර්ථිකය කඩා වැටෙනවාට.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා
මාස ගණනාවක් තිස්සේ වතු සේවකයන්ට වැටුප් ගෙවන්නේ පරණ එකඟතාවටයි. රජය ප්‍රතිපත්තිමය වශයෙන් මීට මැදිහත් විය යුතුයි. වතු ආර්ථිකය වගේම වතු කම්කරුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීම ඇමැතිවරයාගේ වගකීමක්.
බස්නාහිර ජනතා පෙරමුණේ මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා
දෙපාර්ශ්වය අතර සාකච්ඡා බිඳ වැටිලා. එනිසා රජයේ මැදිහත්වීමක් අවශ්‍යයි. මධ්‍යම කඳුකරයේ ශ්‍රී ලාංකීය ජනතාවට කුඩම්මාගේ සැලකිල්ල දක්වන්න එපා.
අධිකරණ ඇමැති වී. ප්රත්රසිගාමනී මහතා
ආණ්ඩුව මේ ප්‍රශ්නයට මැදිහත් වන්නේ නැහැ කියන එක වැරදියි. පඩි පාලක සභාවට වඩා සාමූහික ගිවිසුමකින් වැඩිපඩි ලබාගත හැකියි.

Last edited:

Anika Me Rajaya UNP aka wage ape rate sampath Neethi wirodeewa kunu kolleta wikunuwe na. UNP aka kale parakata thara tikakwath demmada???