සහෝදරයා.. මමත් මගේ අදහස කියන්නම් පොඩි ඉල්ලීමකුත් එක්ක..
ඉල්ලීම තමයි කරුණාකරලා මේ වගේ පෝස්ට් දානකොට දෙපාරක් කල්පනා කරන්න. අවුරුදු ගාණක් එකට කිසිම භේදයක් නැතිව හිටපු අපි කොහෙවත් යන ජාති භේදයක් අල්ලගෙන ආයිත් කුළල් කා ගන්න ඕනි නෑ නේ..
මගේ අදහස තමයි ඔය වෙනත් ජාතීන් අපේ රටේ සල්ලි තියෙන අය බවට පත් උණේ අද ඊයෙ නෙවෙයි කියන එක.. ඒක අතීතයේ අපේ දේශපාලුවො, සුද්දො වපුරපු බීජ වල අස්වැන්න. ඉස්සර අත පය හොලවලා වැඩක් කරලා හම්බකරන් කාපු අපි දැන් නිකම් ඉඳන් හම්බකරන්න පුරුදු වෙලා. අපි දැන් පුරුදු වෙලා ඉන්නෙ කාට හරි ඇඟිල්ල දික් කරන්න / ඉහලට යන මිනිහෙක් ගෙ කකුලෙන් අදින්න මිසක් අපිත් දියුණු වෙන්න මාර්ගයක් හොයන එක ගැන නෙවෙයි. ඒක අපේ වැරැද්ද මිසක් සල්ලි තියෙන මුස්ලිම් මනුස්සයගෙ හෝ වෙනත් ආගමිකයෙකුගෙ වැරැද්ද නෙවෙයි. නිකම් කල්පනා කරල බලන්න මුස්ලිම් මනුස්සයෙකුගෙ රෙදි කඩේකයි සිංහල මනුස්සයෙකුගෙ රෙදි කඩේකයි වෙනස.. මුස්ලිම් මනුස්සයා "එන්න මහත්තයා" කියල කථා කරල එකම ඇඳුම දහ පාරක් හරි ඇදල අපිට පෙන්නයි. ඒත් සිංහල කඩේකට ගියොත් උන්ගෙ ලොකු එක තමයි බලන්න වෙන්නෙ. "උඹට ඕනි නම් ගනිං.. නැත්නම් නිකා ඉඳපන්" වගේ තමයි ඇඳුමක් පෙන්නන්නෙ. ඉතිං කාගෙද වැරැද්ද?? සිංහලයගෙම නේද?? අපිට අපේ ඇහේ තියෙන පොල් පරාලෙ පේන්නෙ නෑ. අනිත් එකාගෙ ඇහේ තියෙන පොල් කෙන්ද පේනවා.. එහෙම නේද??
මම නම් කියන්නෙ අපි අරූ මෙහෙමයි, මූ මෙහෙමයි කිය කියා ඉන්නවට වඩා විවෘතව සහ අවංකව කල්පනා කරල දියුණු වෙන්න මාර්ග හොයන එක හොඳයි කියල.. අද ලංකාවෙ ලොකුම සල්ලිකාරයා වෙන ආගමිකයෙක් කියල හිතමුකෝ. ඒත් අපිටත් පුළුවන් උත්සාහය තියෙනව නම් ඒ තත්වෙට එන්න.
Everything is Possible!! මම හිතන්නෙ එහෙමයි. B+
මේක මගේ අදහස.. මම දන්නෑ ඔයාලා මොනව හිතයි ද කියල.
Yes MAchan totally true
hats off
i am agree with you






