Stargate in Sri Lanka

minudil2000

Member
Mar 22, 2007
2,352
33
0
on earth
this is not my idea.. this is totally extracted from the source stated at the end of the article...

රන්මසු උයන අසල තියෙන මේ චක්‍රය 'සක්වල චක්‍රය' (Star Gate) නමිනුත් හදුන්වනවා.

මේක අතීතයේදි නිර්මාණ‍ය වුනේ සහ භාවිතා කලේ මොකටද කියලා පැහැදිලි අදහසක් මට තවම නැහැ. මේ මට හිතෙන හැටි

1. අතීතයේ සියළු මහාද්වීප එක‍ට එකතු වෙලා තිබුණා කියලා කතාවක් තියෙනවා නේද? ඒ මතය මුල්කරගෙන හිතුවොත් මේ සක්වල චක්‍රය ලෝක සිතියමක් වෙන්න බැරිද? මේක හෙළයන්ගෙ වැඩක් කියලා හිතුවොත්, සිති‍යමේ කේන්ද්‍රය ඔවුන්ගෙ ප්‍රධාන පාලන මධ්‍යස්ථානය ලෙසත් (බොහෝවිට ලංකාපුරය), අනෙතුක් සංකේත වලින් ඔවුන්ගෙ සෙසු බල ප්‍රදේශත් නිරූපණය වෙනවා වෙන්න පුළුවන්. අහසින් ගිය හෙළයො ලෝකෙ හුගක් ප්‍රදේශවල ශිෂ්ඨාචාර ඇතිකල බවට විශ්වාසයක් තියෙනවනෙ. මට මෙතනදි තවත් දෙයක් මතක් වෙනවා, ලෝකයේ හරිමැද ලංකාවෙ පිහිටල තියෙනවයි කියන කතාව. බොහෝදෙනා විශ්වාස කරන්නෙ ඒ නාලන්දා ගෙඩිගේ කියලයි. (පෘථිවිය ජ්‍යාමිතිකව සමගෝලයක් නොවන බවත් ඒ නිසා ඕනම තැනක් හරි මැද කියල කියන්න බැරි බවත් කට්ටියම දන්නවනේ...)

2. ඒ වගේම ලැබුණු තව තොරතුරක් තමා සිතියම මධ්‍යයේ ඇති වෘත 7, මහාමේරු පර්වතය වටකොට ගත් සත් සමුදුර සංකේතවත් කරනවය කියන එක. ...... ඒක කොච්චර දුරට පිලිගන්න පුළුවන්ද කියන එක ඔයාල තීරණය කරන්න

3. පැණ නැගෙන අනිත් මතය තමයි මේ සක්වල චක්‍රයක් නැත්නම් විශ්වයේ සිතියමක්ය කියන එක. සමහරුන් කියනවා මෙය අන්තර් ග්‍රහලෝක සන්නිවේදනයට යොදාගත් බව (Star Gate). මට හිතෙනවා සිතියමේ මැද තියෙන ඒක කේන්ද්‍රීය වෘත 7 සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන ග්‍රහලෝක වල කක්ෂ (Orbit) වෙන්න පුළුවන් කියලා. බුධ, සිකුරු, අගහරු, බ්‍රහස්පති, සෙනසුරු, සූර්යා සහ සදු (පෘථිවියේ උප ග්‍රහයා) තමයි නක්ෂත්‍රයේදිත් භාවිතා වෙන්නෙ. ඒ අනුව ගත් කල සිතියම මධ්‍යයේ ඇති වෘත 7න් අපේ සෞරග්‍රහ මණ්ඩලය සංකේතවත් වෙනවා නම් ඊට පිටින් ඇති සංකේත වලින් ක්ෂිර පථයේ (Milky way Galaxy) අනෙකුත් තාරකා සහ ග්‍රහලෝක සංකේතවත් වෙනවා වෙන්න පුළුවන්.

නමුත් මෙතනදි අපට තියෙන ප්‍රධානම ගැටළුව මේ සිතියම කෙටුවෙ ඇයි කියන එකනෙ. මට හිතෙනවා මෙහෙම දෙයක්, ඊජිප්තුව හා බැබිලෝනියාවෙනුත් මීට සමාන සංකේත හමුවුණා නම් ඒ රටවලට තාක්ෂණය ගෙන ගිය අයගෙ වැඩක් වෙන්න පුළුවන් මේක. ඒ තාක්ෂණය ගෙනගියේ අපේ හෙළයො නම්, මේ චක්‍රය සන්නිවේදන කටයුතු වලට සම්බන්ධ නම්, රටවල් අතර තොරතුරු හුවමාරු කරන පැරණි ක්‍රමයක් ගැන මින් ඉගි කරනවා වෙන්න පුළුවන් නේද? මේක පිටසක්වලින් ආ අයගෙ වැඩක් නම් සමහරවිට මේ සක්වල චක්‍රය ඔවුන් හදුන්වන සංකේතයක් හෝ ඔවුන් පැමිණියේ විශ්වයේ කොහේ සිටද කියලා දැක්වෙන සිතියමක් වෙන්නත් පුළුවන්. ඒ වගේම පේරු රටිනුත් මෙවන් චක්‍රයක් හමුවෙලා තියෙනවා


source: http://ravanabrothers.com/general-rb-discussions/bawa-chakraya/?wap2
 
Last edited:

minudil2000

Member
Mar 22, 2007
2,352
33
0
on earth
sc_site04.jpg


source: http://lakdiva.org/sakwala/sakwala.html
 

rockylive

Member
May 25, 2009
115
4
0
machan man gaawa oke seerama aththa thiyanawa. but mata ewa thama heli karanna awasara naa.... uba la hithana de seerama hari.... oken apita wenath ratawal walata wenath loka walata giyahaki.... thama eka open karanna kramayak witharai hoya gathe.. thawa issarahata hoda hoda sellam thiyanawa... mata echcharai meka gana kiyanna awasara thiyenne... reserch iwara unama kattiyatAma wisthara ewannam ok...
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
machan man gaawa oke seerama aththa thiyanawa. but mata ewa thama heli karanna awasara naa.... uba la hithana de seerama hari.... oken apita wenath ratawal walata wenath loka walata giyahaki.... thama eka open karanna kramayak witharai hoya gathe.. thawa issarahata hoda hoda sellam thiyanawa... mata echcharai meka gana kiyanna awasara thiyenne... reserch iwara unama kattiyatAma wisthara ewannam ok...
:baffled:
 

rith

Member
Feb 25, 2007
998
2
0
Thanks for sharing the INFO....but I'd like to rqst all the people who visit that place, please do not destroy it, or the surrounding.....