පේරාදෙණිය සරසවියේ නවක වදය දීම :
ජ්‍යෙෂ්ඨ සිසුන් 15 දෙනාට රු. ලක්‌ෂ දෙක බැගින් ශරීර ඇප
සිරිල් විමලසුරේන්ද්‍ර
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවකවදය දීමේ සිද්ධීන් සම්බන්ධයෙන් රක්‌ෂිත බන්ධනාගාරගත කර සිටි ජ්‍යෙෂ්ඨ සිසුන් 15 දෙනාට රුපියල් දෙලක්‌ෂය බැගින් ශරීර ඇප නියම කරමින් නැවත ලබන 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස මහනුවර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් සමුදු ප්‍රේමචන්ද්‍ර මහතා පෙරේදා (05 දා) නියෝග කළේය.
සැකකාර සිසුන්ට ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා තදින් අවවාද කළේය.
එක් නවක ශිෂ්‍යයකුට අමානුෂික ලෙස වද දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් රක්‌ෂිත බන්ධනාගාරගත කෙරිණි.
පසුව පවත්වන ලද හඳුනාගැනීමේ පෙරට්‌ටුවකදී 12 දෙනකු පහර කෑමට ලක්‌වූ ශිෂ්‍යයා විසින් හඳුනා ගන්නා ලදී.
පේරාදෙණිය පොලිසිය මගින් සිසුන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
පහර කෑමට ලක්‌වූ ශිෂ්‍යයා සැකකරුවන් හඳුනා ගැනීමෙන් පසු ප්‍රකාශයක් කරමින් ඔක්‌තෝබර් 05 දා විශ්වවිද්‍යාලයට පිවිසුණු තමාට පසු දින තමාගේ හිස කෙස්‌ද බූගා දමා හිස වැසිකිළිවළක ඔබාගෙන සිටීම වැනි කෲර වද හිංසා දුන් බවත් කීවේය.
දිවි නසා ගැනීමට තරම් තමාට සිතුණ බවද හෙතෙම පැවැසීය.
අධිකරණයට පැමිණ සිටි සැකකාර සිසුන්ගේ දෙමාපියන් කැඳවූ සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා තම දරුවන් විශ්වවිද්‍යාලවලට යෑවීමෙන් ඔවුන් කරන කියන දේ ගැන සොයා බැලිය යුතු බවත් අනෙක් දෙමාපියන්ගේ දරුවන්ට වද හිංසා නොකර විනයානුකූලව සදාචාර සම්පන්නව අධ්‍යාපන කටයුතු කරගෙන යන ලෙස අවවාද කළ යුතු බවත් පැවැසීය.
විශ්වවිද්‍යාල වැනි වැදගත් අධ්‍යාපන පීඨයක නොවැදගත් ලෙස නොහැසිරෙන ලෙස ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා සැකකාර සිසුන්ට අවවාද කළේය.
සතියකට වරක් සඳුදා පෙරවරු 10-12 අතරදී විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය විනය පාලකවරයා හමුවිය යුතු බවටත් මාසයේ අවසන් ඉරුදින පෙරවරු 9-10 අතර පේරාදෙණිය පොලිසියට වාර්තා කළ යුතු බවටත් ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා සැකකරුවන්ට නියෝග කළේය.
පේරාදෙණිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළ අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සමන් තන්තිරිගේ සහ නීතිඥ නිහාල් දසනායක යන මහත්වරු පෙනී සිටියහ.