රටට උපරිම සේවයක් කළ හැකි වැඩපිළිවෙලකට යන&#3520

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    රටට උපරිම සේවයක් කළ හැකි වැඩපිළිවෙලකට යන&#3520

    රටට උපරිම සේවයක් කළ හැකි වැඩපිළිවෙලකට යනවා -ජෙනරාල් ෆොන්සේකා සමුගනිමින් කියයි

    රටට උපරිම සේවයක් කළ හැකි ආකාරයේ වැඩ පිළිවෙලකට ඉදිරියේදී අවතීර්ණ වන අතර තමාගේ අනාගත කටයුතු ගැන තව දින දෙක තුනකින් ප‍්‍රකාශ කරන්නේ යයි ධූරයෙන් නිල වශයෙන් සමු ගැනීම නිමිත්තෙන් යුද හමුදා මූලස්ථානයේදී පැවැති සමුගැනීමේ උත්සවයේදී හිටපු යුද හමුදාපති සහ ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී සරත් ෆොන්සේකා මහතා අද 16 ප‍්‍රකාශ කළේය.

    2wdvzue.jpg

    තමා ධූරයෙන් සමුගන්නේ රට වැසියා වෙනුවෙන් යුද හමුදාපතිවරයා ලෙස තම සේවය කිසිම අඩුවකින් තොරව නොපිරිහෙලා ඉටු කළේය යන ඉතා තෘප්තිමත් හා සතුටුදායක හැඟීමකින් යයි කී ජෙනරාල් ෆොන්සේකා මහතා අනාගතයේ රටට සේවය කිරීමේ තම වැඩ කටයුතුවලට සියලූම ජනමාධ්‍ය සහ මාධ්‍යවේදීන්ගේ සහාය බලාපොරොත්තු වන්නේ යයි කීය.

    ත‍්‍රස්තවාදයෙන් රට බේරා ගැනීමේ යුද්ධයේදී තමා සමඟ කටයුතු කළ රණවිරුවන් ද, යුද්ධයේ දී දිවිපිදූ සහ අත පය අහිමි කර ගනිමින් ආබාධිත බවට පත්වූ සියලූම රණවිරුවන් ද ආදරයෙන් සිහිපත් කරන බව කී ජනරාල්වරයා ඒ සියලූ දෙනාටමත් ඔවුන්ගේ පවුල්වල ඥාති මිත‍්‍රාදීන්ටත් තම සමුගැනීමේ කතාවෙන් කෘතඥතාවය පළ කර සිටියේය.

    ඔබේ අනාගතය ගැන විශ‍්‍රාම ගන්නා අවස්ථාවේ පැහැදිලි කිරීමක් කරන බව පෙරදී කී නිසා දැන් යමක් කිව හැකිදැයි එක් මාධ්‍යවේදියකු ඇසූ පැනයට ෆොන්සේකා මහතා කීවේ තවමත් නිල ඇඳුම ඇඳන් සිටින නිසා යමක් ප‍්‍රකාශ කළ නොහැකි බවයි.​

    Read More :- http://wp.me/pI5Gy-1M

    Go General Go.....!! :cool: :)