[for Buddhist friends] Discussing Dhamma (Buddhism) on Elakiri

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මැරුණට පස්සෙ නැවත ඉපදීමට තැනක් සොයමින් සිත අහසේ සැරිසැරීමට තමයි අන්තරිභවය කියන්නෙ...නමුත් මේ අදහස කෙතරම් සත්‍යද යන්න හිතන්න ඕනි...
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
අන්තර්භව කියන දේ සත්‍යතාව ගැන ලියවුණ මේ ලිපි කියවලා බලන්න...

http://www.dinamina.lk/2009/02/04/_art.asp?fn=a0902043&p=1

http://www.dinamina.lk/2009/02/11/_art.asp?fn=a0902112

http://www.dinamina.lk/2009/02/18/_art.asp?fn=a0902182

අන්තරාභවය නේද?
කියවල බලන්නම්. ඕක ටිකක් විවාදාත්මක මාතෘකාවක්.
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
පළවෙනි එක කියෙව්වා. නා උයනෙ අරිධම්ම හාමුදුරුවො මේක ලස්සනට විග්‍රහ කරනවා.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
පළවෙනි එක කියෙව්වා. නා උයනෙ අරිධම්ම හාමුදුරුවො මේක ලස්සනට විග්‍රහ කරනවා.

ow...සැරිසරන සිතක් කියලා දෙයක් නැතිබව හොදටම පැහැදිලියි...:)
 
Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe

sudunone

Member
May 23, 2009
3,781
121
0
ඔව්. එහෙම ගැළපෙන තැනක් හොයාගෙන උපදින්න පුලුවන්නම් මොනව බැරිද?
නමුත් කෙනෙක් මැරෙනකොටම, එයාගෙ චුති සිතට අනුව, කර්මානුරූපව ඊළඟට උපදින්න සුදුසු තැනක් සකස් වෙලා තියෙන්න ඕනෙ. ඒ කියන්නෙ සංසේචනය වුණු ගමන් ඩිම්බයක් තියෙන්න ඕනෙ, කර්මයන්ට අනුරූප පරිසරයක.

එතකොට මට හිතෙනව, දුප්පත් පවුල්වල ළමයි ගොඩක් සහ පෝසත් පවුල්වල ළමයි එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න එකේ රහස මේකද කියල. සැප විඳින්න පුලුවන් තැනක ඉපදෙන්න සුදුසු විදිහට කර්ම රැස් කල අයට වඩා දුක් විඳින තැනක උපදින්න කර්ම රැස් කරන අය වැඩියිනෙ. :D
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඔව්. එහෙම ගැළපෙන තැනක් හොයාගෙන උපදින්න පුලුවන්නම් මොනව බැරිද?

එහෙනම් හැමෝම දිව්‍ය ලෝක වල උපදියි...ඔය සමහරු කියන විදියට සිතට පුලුවන් නම් තමන්ට කැමති තැන තෝරගෙන ඉපදෙන්න...
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
අර දෙවන ලිපියෙ තියෙනවා බෙහෙවින් කුසල් රැස් කල කෙනෙකුට ඕපපාතික මනුෂ්‍ය උපතක් ලැබිය හැකියි කියල. ඒත් ඒ කාලෙත් එහෙම උපත් දෙකයිනෙ තිබිල තියෙන්නෙ-අම්බපාලි සහ චිංචිමානවිකාව. ඒක කොහොමත් කලාතුරකින් වෙන දෙයක්.

ඒ ලිපියෙ තව දුරටත් පැහැදිලි කරනව මේ කෙලෙස් භරිත පෘතග්ජනයන්ට දෙව් ලොව සිත පිහිටෙව්ව කියල එහෙ උපදින්න බෑ කියලත්. කලකට ඉහත අපි මේ ගැන කතා කළා. ඒක මට එතකොට පැහැදිලිව තිබුණෙ නෑ.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
නමුත් කෙනෙක් මැරෙනකොටම, එයාගෙ චුති සිතට අනුව, කර්මානුරූපව ඊළඟට උපදින්න සුදුසු තැනක් සකස් වෙලා තියෙන්න ඕනෙ. ඒ කියන්නෙ සංසේචනය වුණු ගමන් ඩිම්බයක් තියෙන්න ඕනෙ, කර්මයන්ට අනුරූප පරිසරයක.

සිත් ඇතිවෙන්නෙ දාමයක් විදියටනෙ..ඒ කිව්වෙ ඉන්ද්‍රයන්ට ලැබෙන අරමුණු අනුව සිත් වල ඇතිවීම, පැවතීම, නැතිවීම වෙනවා...එක සිතක් නැතිවෙන්නෙ තව සිතකට සුදුසු පසුබිම සකස් කරමින්....චුති සිත නැතිවෙන්නෙත් ප්‍රතිසන්ධියට අවශ්‍ය පසුබිම සකස් කරලා...:yes:
 
Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
ඔව්. එහෙම ගැළපෙන තැනක් හොයාගෙන උපදින්න පුලුවන්නම් මොනව බැරිද?
නමුත් කෙනෙක් මැරෙනකොටම, එයාගෙ චුති සිතට අනුව, කර්මානුරූපව ඊළඟට උපදින්න සුදුසු තැනක් සකස් වෙලා තියෙන්න ඕනෙ. ඒ කියන්නෙ සංසේචනය වුණු ගමන් ඩිම්බයක් තියෙන්න ඕනෙ, කර්මයන්ට අනුරූප පරිසරයක.

එතකොට මට හිතෙනව, දුප්පත් පවුල්වල ළමයි ගොඩක් සහ පෝසත් පවුල්වල ළමයි එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න එකේ රහස මේකද කියල. සැප විඳින්න පුලුවන් තැනක ඉපදෙන්න සුදුසු විදිහට කර්ම රැස් කල අයට වඩා දුක් විඳින තැනක උපදින්න කර්ම රැස් කරන අය වැඩියිනෙ. :D

budu pase budu asu maha srawakayanta thaman upadina anthima bawedi purapu parami balayen ese upa dinna puluwan, thawath oya karmaya gena hodata danna parami purana ayata ehemath thamanta parami puranna sududu isthana wala uppaththiya labanna puluwan.

maranin pasu manussa ho thirisan bawayak upadina awasthawala ese sakas wela na, sakas wenna yam yam kala sima gaththa wenawa.

ekedi karmaya paul pasu bima karma patha wage dewal hethuw wenawa
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
අර දෙවන ලිපියෙ තියෙනවා බෙහෙවින් කුසල් රැස් කල කෙනෙකුට ඕපපාතික මනුෂ්‍ය උපතක් ලැබිය හැකියි කියල. ඒත් ඒ කාලෙත් එහෙම උපත් දෙකයිනෙ තිබිල තියෙන්නෙ-අම්බපාලි සහ චිංචිමානවිකාව. ඒක කොහොමත් කලාතුරකින් වෙන දෙයක්.

ඔව් කුසල් ශක්තිය විතරක් මදි...ඒක උත්සන්නව තියෙන්නත් ඕනි...මනුලොව ඕපපාතිකව ඉපදීමට ප්‍රාර්ථනාවක් කරලා තියෙන්නත් ඕනි....
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ඔව්, බෝධි සත්ත්වයන්ට පුලුවන් කම තිබුණනෙ ගැළපෙන තැනක උපදින්න.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
එතකොට මට හිතෙනව, දුප්පත් පවුල්වල ළමයි ගොඩක් සහ පෝසත් පවුල්වල ළමයි එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න එකේ රහස මේකද කියල. සැප විඳින්න පුලුවන් තැනක ඉපදෙන්න සුදුසු විදිහට කර්ම රැස් කල අයට වඩා දුක් විඳින තැනක උපදින්න කර්ම රැස් කරන අය වැඩියිනෙ. :D

:yes::yes:
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
මනෝකාය කියන අදහසත් පිළිකෙව් කරලා තියෙනව අර ලිපියෙ. කලකට ඉහත ටෙලි නාට්‍යයකුත් තුබුණනෙ මනෝකාය ගැන.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඒ ලිපියෙ තව දුරටත් පැහැදිලි කරනව මේ කෙලෙස් භරිත පෘතග්ජනයන්ට දෙව් ලොව සිත පිහිටෙව්ව කියල එහෙ උපදින්න බෑ කියලත්. කලකට ඉහත අපි මේ ගැන කතා කළා. ඒක මට එතකොට පැහැදිලිව තිබුණෙ නෑ.

එතන කෙලෙස් සහිත වෙන්න ඕනි නේද...printing mistake එකක්...:baffled: