මැරුණට පස්සෙ නැවත ඉපදීමට තැනක් සොයමින් සිත අහසේ සැරිසැරීමට තමයි අන්තරිභවය කියන්නෙ...නමුත් මේ අදහස කෙතරම් සත්‍යද යන්න හිතන්න ඕනි...
අන්තර්භව කියන දේ සත්‍යතාව ගැන ලියවුණ මේ ලිපි කියවලා බලන්න...
http://www.dinamina.lk/2009/02/04/_art.asp?fn=a0902043&p=1
http://www.dinamina.lk/2009/02/11/_art.asp?fn=a0902112
http://www.dinamina.lk/2009/02/18/_art.asp?fn=a0902182
පළවෙනි එක කියෙව්වා. නා උයනෙ අරිධම්ම හාමුදුරුවො මේක ලස්සනට විග්රහ කරනවා.

අන්තර්භව කියන දේ සත්‍යතාව ගැන ලියවුණ මේ ලිපි කියවලා බලන්න...
http://www.dinamina.lk/2009/02/04/_art.asp?fn=a0902043&p=1
http://www.dinamina.lk/2009/02/11/_art.asp?fn=a0902112
http://www.dinamina.lk/2009/02/18/_art.asp?fn=a0902182

ඔව්. එහෙම ගැළපෙන තැනක් හොයාගෙන උපදින්න පුලුවන්නම් මොනව බැරිද?
නමුත් කෙනෙක් මැරෙනකොටම, එයාගෙ චුති සිතට අනුව, කර්මානුරූපව ඊළඟට උපදින්න සුදුසු තැනක් සකස් වෙලා තියෙන්න ඕනෙ. ඒ කියන්නෙ සංසේචනය වුණු ගමන් ඩිම්බයක් තියෙන්න ඕනෙ, කර්මයන්ට අනුරූප පරිසරයක.

එතකොට මට හිතෙනව, දුප්පත් පවුල්වල ළමයි ගොඩක් සහ පෝසත් පවුල්වල ළමයි එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න එකේ රහස මේකද කියල. සැප විඳින්න පුලුවන් තැනක ඉපදෙන්න සුදුසු විදිහට කර්ම රැස් කල අයට වඩා දුක් විඳින තැනක උපදින්න කර්ම රැස් කරන අය වැඩියිනෙ.![]()
අර දෙවන ලිපියෙ තියෙනවා බෙහෙවින් කුසල් රැස් කල කෙනෙකුට ඕපපාතික මනුෂ්‍ය උපතක් ලැබිය හැකියි කියල. ඒත් ඒ කාලෙත් එහෙම උපත් දෙකයිනෙ තිබිල තියෙන්නෙ-අම්බපාලි සහ චිංචිමානවිකාව. ඒක කොහොමත් කලාතුරකින් වෙන දෙයක්.
එතකොට මට හිතෙනව, දුප්පත් පවුල්වල ළමයි ගොඩක් සහ පෝසත් පවුල්වල ළමයි එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න එකේ රහස මේකද කියල. සැප විඳින්න පුලුවන් තැනක ඉපදෙන්න සුදුසු විදිහට කර්ම රැස් කල අයට වඩා දුක් විඳින තැනක උපදින්න කර්ම රැස් කරන අය වැඩියිනෙ.![]()

ඒ ලිපියෙ තව දුරටත් පැහැදිලි කරනව මේ කෙලෙස් භරිත පෘතග්ජනයන්ට දෙව් ලොව සිත පිහිටෙව්ව කියල එහෙ උපදින්න බෑ කියලත්. කලකට ඉහත අපි මේ ගැන කතා කළා. ඒක මට එතකොට පැහැදිලිව තිබුණෙ නෑ.