2005 වඩා බොහෝ වෙනසක් 2009 වන විට සිදුවී අවසන් , ඒක ඉතා පැහැදිලී , යුධ ජයග්රහණයෙන් පසුව ලැබූ සියලු පළාත් සභා මැතිවරණ ඉතා විශිෂ්ඨ ලෙස එක්සත් ජනතා නිදහස් සංධානය ජය ගන්නා ලදී ,ඒ ජනාධිපතිවරුන්ගෙන් තොර මැතිවරණයකි , මෙවර රනිල් වික්රම සිංහ නැත , පක්ෂය නැත ඇත්තේ හංසයෙකි , පක්ෂයම තුල බොහෝ පිරිසක් හිටපු හමුදාපතිට කැමති නැත , ජේවීපී , මංගල ඇතුලු නඩයට අකමැතිය , ඊට අමතරව අලියා ලකුණෙන් තොර ඡන්දය නොදෙන පාරම්පරික පාක්ෂිකයන්ද සිටී , ඔවුන්ගේ ඡන්දත් නැත , එක්සත් ජාතික පක්ෂයේ ලොකු අතු කීපයක්ද අද මහින්ද ජනපති සමගය, ජ.වි.පෙත් දෙකඩ වී ඇත ,
මීට මතරව පසුගිය සතිය තුල හිටපු හමුදාපති හලාගත් ඡන්ද අතිවිශාලය , ඔහු රනිල්ගේ අංක දෙක කීවොත් නිවැරදිය
මවුබිමට ආදරය කරන්නවුන්ගේ ඡන්ද හිටපු හමුදාපතිගෙන් ගිලිහී ගොස්ය..
අනික බොක්සින් සූරයෙක් වූ පලියට , වතුරට බැහැලවත් නැති පුද්ගලයෙකු අවුරුදු 40 පිහිනීමේ දක්ෂයකු සමග ඉදිරිපත් කිරීම මොනතරම් නූගත් ක්රියාවක්ද , දිනිල්ල කෙසේ වෙතත් නොගිලී බේරුනොත් ලොකු දෙයකි