

thawa Kunuharapa dekathunak kiwwanam kohomata thiyeida ban 








naha ban Wimalge i musammil gei hora vada athe mattu unata passeAra Kalawadda, Paahara Miniha kiyala kiwwata passe wenna athi janappriyathawa wedi wenna atththe LOL






ubala apita support karan na
salli packet denawa
hora amathi ................................





ෆොන්සේකාගේ දෙවැනි කොන්ත්‍රාත්තුව අවුරුදු දෙකක් ඇතුළත ප්රභාකරන් කෙනෙකු බිහිකිරීම ය. ඔහු හා සම්බන්ධන් අතර ඇති එකඟත්වය ඒ සඳහා ය. ඒ හුදු එකඟත්වයක් පමණක් නොවේ. ෆොන්සේකා හා සම්බන්ධන් ගිවිසුමක් අත්සන් කර ඇති අතර එයට සාක්ෂි වශයෙන් බටහිර රටවල් දෙකක තානාපතිවරු ද අත්සන් තබා ඇත. මේ ගිවිසුම පිළිබඳ ව දෙමළ එක්සත් සන්ධානයේ මන්ත්‍රීවරයකු වන තුරෙයිසිංහම් ප්‍රකාශයක් කර ඇති අතර ගිවිසුම පිළිබඳ ව පිටරට වෙසෙන දෙමළ ජාතිවාදීන් දැනුවත් කර ඇති බව ටැමිල්නෙට් වෙබ් අඩවියෙන් පැහැදිලි වෙයි. ගිවිසුමෙන් ප්‍රධාන වශයෙන් ම කෙරෙන්නේ ඊනියා ස්වයං තීරණ අයිතිය, දෙමළ ජනයාගේ නිජබිම් සංකල්පය, උතුර හා නැගෙනහිර පළාත් එකතු කිරීම (ජ වි පෙ විසින් ඒ එකතුවට විරුද්ධව පවරන ලද නඩුවේ තීන්දුව දුන් එක් විනිසුරුවකු වූද ජ වි පෙ විසින් අගමැති ධුරයට නම් කෙරී ඇති අනෙක් සරත් වූද සරත් ද සිල්වාද ජ වි පෙ මෙන් ම අද වන විට උතුර හා නැගෙනහිර එකතු කිsරීමට පක්ෂය. ජ වි පෙ එයට විරුද්ධ නම් සරත්ලාට දෙන සහාය වහාම අත්හිටුවිය යුතුය. ඔවුහු එසේ නොකර ඒ සරත් හා මේ සරත් හැර රට පාවා දෙන තවත් සරත්ලා ඇත්දැයි සොයා බලති.) ත්රස්තවාදීන් කිසිම පරීක්ෂණයකින් තොරව නිදහස් කිරීම ආදිය නැවතත් දේශපාලනයේ පිළිගත හැකි සංකල්පයක් බවට පත්කිරීමය. ඒ මගින් අපේ ජීවිත බිලිගන්නා දෙවැනි ප්රභාකරන් කෙනකු බිහිකිරීමට ය. ඒ දෙවැන්නාට ද බටහිරයන් සිංහලයන්ට විරුද්ධ ව ආයුධ ලබාදෙනු ඇත.
මේ සියල්ල අවබෝධ කරගත හැක්කේ බටහිර කසිකබල් උගතුන්ගේ පොතපත කියවා ඔවුන්ගේ ඇසින් ලෝකය බැලීමෙන් නොවේ. අපේ ඉතිහාසය අපේ ඇසින් බැලීමෙනි. පසුගිය දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ මේ සම්බන්ධයෙන් අප විසින් ගොඩනඟා ගන්නා ලද දැනුම් සම්බාරයක් වෙයි. ඒ ඉතා සැකවින් මෙසේ ය. මෙරට දෙමළ ජනයාට ඈත අතීතයට යන ඉතිහාසයක් නැත. අද යාපනයේ වෙසෙන දෙමළ ජනයා 1650 න් පසුව දුම්කොළ වගාව සඳහා ලන්දේසීන් කේරමණ්ඩළ වෙරළෙන් මෙරටට ගෙන්වන ලද දෙමළ ජනයාගෙන් හා එවකට එහි විසූ සිංහලයන්ගෙන් හා මලයාලම් කතා කළ වේලක්කර පිරිසකගෙන් පැවත එන්නෝ වෙති. ලන්දේසීන් විසින් ගෙන්වන ලද්දෝ බහුතරය වෙල්ලාලයෝ වූහ. වෙල්ලාලයෝ කෘෂිකාර්මික කම්කරුවෝ වූහ. දකුණු අප්‍රිකාවේ නැටෝල් ප්‍රදේශයට ද ලන්දේසීන් විසින් වෙල්ලාලයෝ ගෙනයනු ලැබූහ. යාපන අර්ධද්වීපයේ බහුතරය යථා කාලයේදී වෙල්ලාලයන් වීමේ ප්‍රතිඵලය වූයේ එහි ජනයා අවසානයේදී වෙල්ලාල ආධිපත්‍යය යටතේ දෙමළ සංස්කෘතියට අවශේෂණය කරනු ලැබීම ය.
